Pages

Friday, November 8, 2013

ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව සඳහා දොරටුවක්

ලොව පුරා ක්‍ෂණික ආහාරයක් ලෙස භාවිතා කරන ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් ශරීර සෞඛ්‍යයට නුසුදුසු බව ශරීර සුවතා වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ ශරීරයට අහිතකර සංතෘප්ත මේද ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් වල අඩංගු හෙයින් එය පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව සඳහා කාල බෝම්බයක් බවයි.

ශරීරයට හිතකර මේද වර්ග එළවළු තෙල්, ඔලිව් තෙල් සහ සූරියකාන්ත තෙල් වල අඩංගු අතර මාගරින් සහ අඩ වශයෙන් ජලීකරණයට ලක්කළ සියලූ ආහාරවල ශරීරයට අහිතකර සංතෘප්ත මේද අඩංගු වේ.

එමගින් ඝනත්වය අඩු ලිපොප්‍රෝටීන හෙවත් අහිතකර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය ඉහළ නංවන අතර ඒවා ධමනි තුළ තැන්පත් වීම මගින් අධි රුධිර පීඩනයට හෝ හෘදයාබාධ වලට හේතුවේ.

එමෙන්ම විද්‍යාඥයන් පවසන්නේ දිගු වේලාවක් තුළ ශරීරයේ රැඳී තිබෙන සංතෘප්ත මේදය මගින් ඉහළ නංවන ට‍්‍රයිග්ලිසරයිඞ් මගින් වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන හෙවත් හිතකර කොලෙස්ටරෝල් සාන්ද්‍රණය පහත හෙළන බවයි.

එබැවින් තමන්ගේ කුඩා දරුවා ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් වලට පි‍්‍රය කරන්නේ නම් ඉන් ඔහු වැළැක්වීම වඩාත් සුදුසු බව මෙම වාර්තාවේ දක්වා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/104250/

0 comments: