Pages

Wednesday, November 6, 2013

දකුණු ආසියාවේ සුවිශාලම නිමිඇඳුම් හල අයිති සිහල ව්‍යාපාරික දැවැන්තයා 'හවුස්‌ ඔෆ් ෆැෂන්' නව මහල් ප්‍රාසාදයකකට

කඹුරුපිටියේ සිට කොළඹට පැමිණි ප්‍රීති-නීලා ජයවර්ධන යුවළ 1992දී ආරම්භ කළ හවුස්‌ ඔෆ් ෆැෂන් නිමි ඇඳුම්හල 1999දී ඩුප්ලිකේෂන් පාරේ දැවැන්ත පරිශ්‍රයකට ගෙවැදිනි. ඊට වසර දාහතරකට පසුව 2013 නොවැම්බර් මස 04 වැනිදා... එනම් ඊයේ... බොරැල්ල සේනානායක පාරේ පිහිටි නව මහල්... සුවිසල් වෙළෙඳ ප්‍රාසාදයකට හවුස්‌ ඔෆ් ෆැෂන් යළිත් වරක්‌ ගෙවැදිනි. මේ ඒ පිළිබඳ ලිපියකි.

සිය දහසක්‌ ඇඳුම් පැළඳුම් වෙළෙඳ මන්දිර අතරින් ලොව විශිෂ්ටතමයන් සේ සැලකෙන හොංකොං, ක්‌වලාලම්පූර්, ශැන්හයි, බීජින්, සිඩ්නි, සිංගප්පූරූ, ටෝකියෝ, බැංකොක්‌, සියෝල් හා දිල්ලි නගර වෙළෙඳ මැදුරු ප්‍රකට වී ඇති කරුණු අතරින් ප්‍රමුඛ තුන් කරුණ සැලකීම වටී.

උසස්‌ මට්‌ටමේ, ප්‍රවණතාගාමීවනව්‍යව හා අනන්‍යව ඇඳුම් නිර්මාණ කිරීම, සුවිසල් පරාසයක, අනන්තවූ රුචියෙන් යුක්‌ත පාරිභෝගික ප්‍රජාව අනවරතව, නුසුන් අවධානයෙන් රඳවා තබන පුළුල් නිපැයුම් මාලාවකින් සුසැඳි වීම, නිපැයුම් වර්ගීකරණයේ සුවිශේෂාංග ලක්‌ෂණ තුන ඉක්‌මවන විලාසිතා මාලාවක්‌ තුළින් ඉතාමත් සාධාරණ, දැරිය හැකි මෙන්ම, අති සම්භාව්‍ය හා අති සශ්‍රීක ගනුදෙනුකරුවන් හට යාවෙන මිල ගණන් සහිත සුපසන් විකුණුම් මිලකින් සමන්විත වීම යන එම කරුණු තුනයි.

මේ පිළිබඳ හවුස්‌ ඔෆ් ෆැෂන් සභාපති ප්‍රීති ජයවර්ධනයන් පවසන්නේ කුමක්‌ද?

විලාසිතා කියන්නේ තවදුරටත් වත් පොහොසත්කම් ඇති අයට පමණක්‌ උරුම වූ දෙයක්‌ නොවෙයි. සෑම ජීවිතයකටම අදාළ සිහින තියෙනවා. එ සිතුම් පැතුම් හා බැඳී තිබෙන නොතිත් ආශාවන්. මේ ආශාවන්, ප්‍රාර්ථනා සිය දහස්‌ ගුණයකින් තෘප්ත කරමින් තමා අප, අපගේ නව සුවිසල් පරිශ්‍රයට ගෙවදින්නේ. ඔවුන්ගේ එ ප්‍රාර්ථනා බොඳ නොකරන දැරිය හැකි මිලක අප විලාසිතා පැවතීමයි මෙහි විශ්වීය සාධකය.

1992 වසරේදී ප්‍රීති හා නීලා ජයවර්ධන යුවළ ඇරඹූ zහවුස්‌ ඔෆ් ෆැෂන්

නිමි ඇඳුම් පහය 1999 දී මා පෙර කී ඩුප්ලිකේෂන් පාරේ දැවැන්ත පරිශ්‍රයට ගෙවැදී 2013 නොවැම්බර් 06 වන දින බොරැල්ලේ සේනානායක පාරේ නව මහල් නව වෙළෙඳ මන්දිරයට ගෙවදින සුහර්ෂය මැද එහි සමාරම්භක කළමනාකාර අධ්‍යක්‌ෂකවරිය නීලා ජයවර්ධන මහත්මිය පවසන්නේ මෙබඳු හැඟුමකි.

මෙය අපේ ව්‍යාපාරික ගමන් මගේ සදානුස්‌මාරණීය අවස්‌ථාවක්‌¾ වර්ග අඩි 250,000කින් යුතුව, එකවිට වාහන 350ක්‌ අභිබවා නතර කළ හැකි වාහන නැවතුම් පරිශ්‍රයක්‌ද ඇතිව රාත්‍රී 9.00 දක්‌වා අප සුහද පාරිභෝගිකයන් වෙත විවෘතව තැබෙමින් නවීන තාක්‌ෂණිකත්වය උපරිමව ඔවුන්ගේ පහසුව සඳහා යොදාගනිමින් ගොඩනැඟූ අපගේ මෙම නව මන්දිරය, අපේ පමණක්‌ නොවෙයි අප මාතෘ භූමියේ නිමි ඇඳුම් ඉතිහාසයේ තීරණාත්මක වාගේම සෞභාග්‍ය සම්පන්න, ආශ්චර්යවත් භාග්‍යයක්‌.

මා කලින් සඳහන් කළ අග්‍රගණ්‍ය නිමි ඇඳුම් පරිශ්‍රයන් සමග නව හවුස්‌ ඔෆ් ෆැෂන් මන්දිරය සැසඳෙන්නේ තවත් එක්‌ සුවිශේෂී ප්‍රසාද, අභිමානයක්‌ සමගයි. එනම්, දකුණු ආසියාවේ එක්‌ හිමිකරුවෙකුට පමණක්‌ අයත් උත්තුංග අලෙවි පරිශ්‍රය බවට අප රටේ හවුස්‌ ඔෆ් ෆැෂන් නාමය පත් කරමින්.

මේ අයුරට ලොව හඳුනන නීලා - ප්‍රීති යුග්මයේ නව විශ්වීය ප්‍රවණතාවය අබියස, මා පෞද්ගලිකව හඳුනන ඔවුන් දෙදෙනාට සමුදයාර්ථය ලෙස මට ද පැවසීමට මතාන්තරයක්‌ ඇත. 

උදේ 7.00ට මාතරට එපිට, දෙවිනුවර කපුගම බටහිර ගමේ පොල්ඉන්දු හේනේ නිවෙසේ තේ මේසයේ තේ බී, ගොඩගම අධිවේගී මාර්ගයට පිළිපන්ව, හෝරා 2කින් හෝ ඊට අඩු වේලාවකින් උදේ 9 වන විට ඔබේ නව මහල් විලාසිතා මන්දිරයේ පෙනී සිටීමට මා භාග්‍යවන්ත බවයි. මා ඔබේ නව මැදුරේ සැරිසරා දහවල් බතට යළි දෙවිනුවරට එද්දී මා මෙන් ඔබෙන් නොයෑපෙන අයට වඩා, මහා ජන බලමුළුවක්‌ ඔබ වෙත රඳවා ගනිමින්, ඔවුන් සුරක්‌ෂා කරමින්, ඔවුන්ගේ ජීවිතයේ ජීවනාලිය වෙමින් එ දිවි සුත මුදිත කරන අයුරු පිළිබඳ මා කිව යුතුය.

එ මා පෙර කියූ කඹුරුපිටිය මතු නොව ලංකාවේ සිව් දිගන්තයේම තරුණ තරුණියන් සුවහසකයට රැකියා සපයමින්, ඔවුන් මඟ පහන් ටැඹ වෙමින් ඔබ ජාතියකට පුදනා උත්කෘෂ්ඨ මෙහෙවරයි. ලොවම විලාසිතාවෙන් හැඩකරවමින් ඔබ මවන චමත්කාරය සේම, එකී ජීවිත, හෙට වන විට යල් නොපනින, සදාතනික විලාසිතාවෙන් හැඩ කිරීම මේ අත්භවයේ ඔබ පුදන, ඔවුන් ලබන එකාත්මික සදානන්දයත්, උත්කර්ෂයත් නොවන්නේද?

බන්දුල නානායක්‌කාරවසම්
http://www.divaina.com/2013/11/05/velanda02.html

0 comments: