නැගෙනහිර සහ වන්නි මානුෂික යුද මෙහෙයුම් සිදු කළ සමයේ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් අති බහුතරයක් ආරක්ෂක හමුදා සමග එකට සිටි බව නොරහසකි.
එම ජනතා සහයෝගය සහ ආශිර්වාදය ආරක්ෂක හමුදා වෙත ඒකරාශි කිරීමේ මෙහෙවර සඳහා ජනමාධ්‍ය මගින් ලැබුණ දායකත්වයද අති මහත්ය.
බොහෝ ජනමාධ්‍ය ආයතන තම පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා ආරක්ෂක හමුදා රණවිරුවන් ගෙන ගිය මානුෂික මෙහෙයුමට උපරිම සහාය දුන්නේ රණවිරුවන් දිරිමත් කරන අතරේ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය සහ අවධානය රණවිරුවන් වෙත යොමු කරවීමේ පොදු අරමුණ පෙරදැරි කර ගනිමිනි.
යුද විරෝධීන් ලෙස පෙනී සිටි විවිධ දෙස්-විදෙස් බලවේග මෙන්ම එල්. ටී.ටී.ඊ. හිතවාදී ඊළාම්වාදී ඇතැම් දෙස්-විදෙස් රාජ්‍ය නොවන සංවිධාන (භඨධ) රණවිරුවන් අධෛර්යමත් කරමින් යුද්ධය අඩපණ කර දැමීමට උපරිම වෙර දරමින් ක්‍රියාත්මක වෙමින් තිබියදී එම සියළු බලවේග පරදවා යුද විජයග්‍රහණය කරා ආරක්ෂක හමුදා යන ගමනට දිරිය, ශක්තිය ලබාදීමට ජනතාව පෙළ ගැස්වීමේ වගකීම සහ මෙහෙවර ජනමාධ්‍ය විසින් සාර්ථකව ඉටු කරන ලදී.
එය අපගෙන් ඉටුවිය යුතු අනිවාර්යය ජාතික මෙහෙවරක් ලෙස සැලකූ "දිවයින" පුවත්පත අපට එල්ල වු ජාතිවාදී සහ යුදවාදී චෝදනා පවා නොසලකා ආරක්ෂක හමුදා රණවිරුවන් වෙනුවෙන්ම පෙනී සිටි බව රටම පිළිගත්තේය.
යුද්ධය අවසන් වූවද අපගේ එම මෙහෙවර සහ ස්ථාවරත්වයේ වෙනසක් වී නැති බව කිව යුතුය. පශ්චාත් යුද සමයේදී ආරක්ෂක හමුදාවන් ඉටු කරන ජාතික ආරක්ෂාවට සහ රටේ සංවර්ධනයට අදාළ සුවිශේෂී කාර්යභාරය අපි නිරතුරු අගය කරන්නෙමු. එමෙන්ම අවශ්‍ය සහයෝගයද පෙර සේම ලබා දෙන්නෙමු.
ත්‍රිවිධ හමුදා රණවිරුවන්ද සාමාන්‍ය ජනතාව මෙන් පෘථග්ජන මනුෂ්‍යයන් බැවින් ඔවුන් අතින්ද වැරදි සිදුවීම ස්වාභාවිකය. එහෙත් ඔවුන් ලබා තිබෙන දුෂ්කර පුහුණුව තුළින් හිමිකර ගත් දැඩි විනයගරුක බව නිසා වැරදි සිදුවීම ඉතා අවම තත්ත්වයක පවතී.
එනිසාම රණවිරුවන් හිතාමතා හෝ දැන දැන විනය විරෝධී, සමාජ විරෝධී ක්‍රියාවලට පෙළඹීම බහුලව සිදු නොවේ. එහෙත් ඇතැමුන්ගේ පෘථග්ජන ගතිගුණ හා දූෂිත සිතිවිලි මතුවීම නිසා සිවිල් සමාජය විසින් වන්දනීය, ගෞරවනීය කෘතවේදීත්වයෙන් සලකන රණවිරුවන් අතරද දූෂිත, චෞර, මිනීමරු පුද්ගලයින් විවිධ අවස්ථාවල දක්නට හැකිවේ.
ත්‍රිවිධ හමුදාවේ ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා විවිධ තරාතිරම්වලට අයත් දූෂිත නිලධාරීන්, සෙබළුන් පිළිබඳව අතීතයේ පටන් තොරතුරු අනාවරණය විය. සෙබළාගේ බත්පතේ සිට යුද්ධයේදී මිය යන සෙබළාගේ මෘත දේහයෙන් පවා ගසා කෑ නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් ඒ අතර සිටි බව ප්‍රසිද්ධ කරුණකි. යුද උපකරණ, අවි ආයුධ, පතරොම් ආදියෙන් මහා පරිමාණයෙන් ගසා කෑ දේශපාලකයින්, හමුදා ප්‍රධානීන් ගැනද එකල අසන්නට හැකි විය.
බොහෝ කලකට පෙර රණවිරුවා යන උතුම් නාමයට මුවාවී විවිධ දූෂණ, අක්‍රමිකතා, වංචා සිදු කළ බව සාක්ෂි සහිතව අදත් පෙන්වා දීමට හැකි වූවද යුද්ධයේ අතිශය තීරණාත්මක මෙන්ම ජයග්‍රාහී සාර්ථක කාලසීමාව වූ නැගෙනහිර සහ වන්නි මානුෂික මෙහෙයුම් සමයේ එවන් දූෂණ අක්‍රමිකතා අවම වූ බව සත්‍යයකි.
එමෙන්ම එසමයෙහි මුළු රටම රණවිරුවා වෙත ඒකරාශි කරවීමේ සහ රණවිරුවාගේ චිත්ත ධෛර්ය හා ආත්මශක්තිය වර්ධනය කිරීමේ කාර්යභාරය ජනමාධ්‍ය විසින්ද ප්රමුඛ වගකීමක් ලෙස සැලකූ බැවින් රණවිරුවාගේ මානසිකත්වය බිඳ වැටෙන සහ ජනතා සහයෝගය ඔවුන්ට නොලැබී යන අයුරින් පුවත් සහ ලිපි පළ නොකිරීමට අපද ස්වයං වාරණයක් පනවා ගෙන කටයුතු කළ නිසා දුෂණ, අක්‍රමිකතා ගැන අනාවරණය කිරීමෙන් වැළකී සිටියෙමු.
එහෙත් ඇතැම් උසස් හමුදා නිලධාරීන් විසින් දිගින් දිගටම කරගෙන ගිය වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ සත්‍ය රහස් තොරතුරු අප වෙත නිතරම ලැබෙන්නට විය. මේ වන විටත් ලැබෙමින් පවතී. ඇතැම් හමුදා නිලධාරීන් දැන් යුද්ධයක්ද නැති නිසා "බාගෙන කන්න තිබෙන වළ ජයටම ඉහගෙන කනවා" වැනිය. ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන ලෙස හමුදා පොඩ්ඩන්ගෙන් අප වෙත ලැබෙන ඉල්ලීම්ද බොහෝය. ලොක්කන්ගේ දූෂණ අක්‍රමිකතා ඉවසිය නොහැකි පොඩ්ඩන් අප වෙත තොරතුරු ලබා දෙනුයේ මහත් විශ්වාසයකින් යුතුවය.
ඉතින් එම විශ්වාසය සුරැකීම මාධ්‍යවේදීන් වන අපගේද යුතුකමය. ඉකුත් වසර 25 පුරා අප එම යුතුකම නොපිරිහෙලා ඉටු කළේ සැබෑම රණවිරුවන්ට අපහාසයක්, අපහසුතාවයක් නොවන අයුරිනි. රණවිරු නාමයට මුවා වී දූෂණ, අක්‍රමිකතා සිදු කරන හමුදා සාමාජිකයින් මහජන දේපළ අයුතු ලෙස කොල්ල කමින් යුද හමුදාවේ කීර්තිනාමයද කෙලෙසමින් කරගෙන යන දූෂිත අකටයුතුකම් අනාවරණය කිරීම සමස්ත හමුදා රණවිරුවන්ට කෙරෙන සාධාරණයක් බව අපි විශ්වාස කරමු.
සෙබළාගේ බත්පතේ සිට සෑම දෙයකින්ම මුදල් ගසාකන හමුදා ප්‍රධානියන් රණවිරුවාට කියවීමට තිබෙන පතපොතින් පවා ගසා කෑ නිර්ලඡ්ජිත දූෂිත ක්‍රියාවක් ගැන අපි මෙවර අනාවරණය කරන්නෙමු.
ඒ පිළිබඳව අප වෙත ලැබුන ලිපියට අනුව එම වංචාව මෙසේය.
යුද හමුදා මූලස්ථානය
ගරු ප්‍රධාන කතෘතුමනි,
1. වැලිකන්ද යුධහමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ පුස්තකාලයට පොත් මිලදීගන්න යුධ හමුදා මූලස්ථානයෙන් රුපියල් 915,095.12 ක් වෙන් කළා.
2. එයට ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති උපදෙස් මත ගොඩගේ/ සමයවර්ධන/ සරසවි/ රත්න/ එම්.ඩී. ගුණසේන/ ගුණසිරි / මල්පියලි/දයාවංශ ජයකොඩි යන පොත් ප්‍රකාශන ආයතන නමින් වංචනික ලෙස ලිපි ශීර්ෂ මුද්‍රණය කර ( කිහිපයක් මෙයට අමුණා ඇත) ඒවායේ වංචනික මිලගණන් පත් සකස් කළා.
3. මෙම වංචනික මිලගණන් පත් යොදාගෙන ටෙන්ඩර් අයෑදුම්පතක් සකස් කර එය 2011.11.29 දින ටෙන්ඩර් මණ්ඩලයේදී අනුමත කළා.
එසේ සකස්කළ, වංචනික බිල්පත් සත්‍ය බිල්පත් බවට මාණ්ඩලික නිලධාරී (පාලන) විසින් සහතික කර පොදු 70 පත් සකස් කළා.
4. පොත් මිලදී නොගෙන ගිණුමෙන් මුදල් වියදම් කළ බවට ව්‍යාජ සහතිකපත් ගිණුම භාර නිලධාරි සකස් කළා.
5. පොත් මිලදී නොගෙන පොත් තොගයම ලැබුණු බවට ව්‍යාජ සහතිකපත් උපකරණ පාලන නිලධාරි සකස් කළා.
6. ව්‍යාජ සහතිකපත් හා ව්‍යාජ බිල්පත් මුදල් ලබාගැනීම සඳහා මින්නේරිය යුධහමුදා ඝණකාධිකාරි වෙත ඉදිරිපත් කළා.
7. ඝණකාධිකාරි විසින් ලබාදුන් රු 915095.12 ක් වටිනා චෙක්පත 2012.2.8 බැංකුවේ තැන්පත් කලා
8. ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමත නොකළ කඳුරුවෙල ගෝල්සිටි ආයතනයෙන් වංචනික ලෙස රු. 559,932.92 ක් වටිනා පොත් 2012.02.16 දින චෙක්පතකට ලබාගෙන ඉතිරි මුදල් ගිණුමේ තබාගෙන ඇත.
9. රජයේ විගණකාධිපති විසින් සිදුකළ පරීක්ෂණයකදී මෙම වංචාව අසුවී එයට නිදහසට කරුණු විමසන ලදී.
10. මෙම වංචාව වසන් කිරීම සඳහා ගෝල්සිටි ආයතනයත් ඇතුලත් කර වංචනික ටෙන්ඩර් අයදුම්පතක් සකස් කර එය 2012.7.11 දින ටෙන්ඩර් මණ්ඩලයේදී අනුමත කර හොර රහසින් 2012.7.30 යුධ හමුදාපතිතුමාගෙන් අනුමැතිය ලබාගෙන ඇත.
ජනාධිපතිතුමාගේ, අරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් අනුව යුධ හමුදා මූලස්ථානයෙන් මෙම වංචාව සෙවීම සඳහා මේජර් ජෙනරාල් එච්. එම්. එච්. ඒ. හේරත්ගේ සභාපතිත්වයෙන් මූලික පරීක්ෂණ උසාවියක් පත්කරන ලදී.
එම පරීක්ෂණයේදී මෙහි අක්‍රමිකතාවක් සිදු වී ඇති බවත්, රජයේ මුදල් රෙගුලාසි හා රජයේ ටෙන්ඩර් නීති කඩකර ඇති බවත් සනාථ විය. මේ සියලුම චෝදනා/වරදවල් සඳහා ආරක්ෂක සේනා ආඥාපති ඉඳුරාම වගකිවයුතු බවට නිගමනය කරන ලදී. මෙම වංචාව නිසා රජයට සිදුව ඇති පාඩුව වන රු 96,594.79 ක මුදල රජයට ගෙවිය යුතු බව අවසානයේ නිගමනය කරන ලදී. (එම පරීක්ෂණ වාර්තාවේ නිරීක්ෂණ හා නිගමනවල පිටපතක් මෙයට අමුණා ඇත)
එම පරීක්ෂණ වාර්තාව යුධ හමුදා මූලස්ථානයට පැමිණි පසු නීති අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ආර්. පී. රාජපතිරණට බලපෑම් කර මෙම පරීක්ෂණයේ නිගමනය වංචනික ලෙස වෙනස් කර සියලුම චෝදනා/වරදවල් වලින් නිදොස්කර වෙනත් නිගමනයක් සකස් කර හිටපු යුධ හමුදාපතිතුමා මුලාකර 2013.2.19 දින යුධහමුදාපතිතුමාට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇත. එහි කිසිම මුදලක් රජයට ගෙවීමට නිගමනය කර නැති නිසා රජයටද රු 96,594.79 ක පාඩුවක් සිදුව ඇත
ගරු ප්‍රධාන කතෘතුමනි, මේ වංචාව පිළිබඳව ඔබ පුවත්පතේ පළකර මෙම වංචාවේ චෝදනා/ වරදවල් සඳහා වංචාකරුවන්ට දඩුවම් ලබාදෙන ලෙසත් රජයට සිදු වී ඇති පාඩුව වංචාකරුවන්ගෙන් අයකරගන්නා ලෙසත් යුධ හමුදා මූලස්ථානයට දන්වන ලෙස ඉල්ලා සිටිමු.
ගසා කෑමට හැකි සියල්ලෙන්ම ගසා කන හමුදා ලොක්කෝ තම නිලධාරීන්ට සහ සෙබළුන්ට දැනුම, විනෝදාස්වාද ලබාදෙන පොත් වලින් පවා එසේ ගසා කෑම කණගාටුදායක තත්ත්වයකි. සැබැවින්ම එය කදිම පොත් පෙරලීමක් බදුය. මෙම සිද්ධියට සම්බන්ධ උසස් හමුදා නිලධාරියා හිටපු හමුදාපතිවරයාටද නියම පොතක් පෙරලා බේරීමට පියවර ගෙන ඇති බව පෙනී යයි. ඔහු එම පොතම වත්මන් යුද හමුදාපතිවරයාටත් පෙරලීමට ඉඩ ඇත.
එහෙත් වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ඔය සෑම පොතක්ම හොඳින් කියවා ඇති බව අපට විශ්වාසය. එසේම හමුදා නිලධාරීන්ගේ පොත් පෙරලීම් පිළිබඳවද මනා අවබෝධයක් ඔහුට ඇති බවටද සැකයක් නැත.
"ලක්ෂ දෙකක පමණ පිරිසක් ඉන්න හමුදාවක 100% ක්ම සොරකම් වංචා සිදු නොවන බව කියන්න බැහැ. ඒත් රටේ වෙනත් ආයතන සමග සැසදීමේදී එම තත්ත්වය සාපේක්ෂව අවම බව කිව යුතුයි. යුද සමයේ අපට ඒවා ගැන තදින් සොයා බලා ක්‍රියා කිරීමට අවස්ථාව අඩුවෙන් තිබුණේ. නමුත් දැන් එහෙම නොවෙයි. යුද හමුදාවේ සිදු වන වංචා, දූෂණ අක්‍රමිකතා ගැන හොඳින් සොයා බැලීමට පුළුවන්. ඒ අනුව දැනටමත් සිද්ධීන් කීපයක් පිළිබඳව පරීක්ෂණ කරගෙන යනවා."
අප කළ විමසුමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක එසේ පැවැසීය.
දූෂණ, වංචා, අපරාධ ඇතුළු සමාජ විරෝධී, විනය විරෝධී විෂමාචාර ක්‍රියාවල නිරත වන බවට චෝදනා එල්ල වන සියළුම හමුදා සාමාජිකයන් තරාතිරම නොබලා යුද අධිකරණය වෙත පමුණුවා උපරිම දඬුවම් ලබාදෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
සිරිමෙවන් කස්තුරිආරච්චි
http://www.divaina.com/2013/11/08/feature02.html

0 comments:
Post a Comment