ශ්‍රී ලංකාවේ කාසි ඉන්දියාවේ පූජනීය ස්ථානවලදී පඬුරු වශයෙන් භාවිත නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව දඹදිව වන්දනා සඳහා සහභාගි වන ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ ගැන මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරිවරයා නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන්ය.
දඹදිව වන්දනා සඳහා සහභාගිවන වන්දනාකරුවන් ශ්‍රී ලංකාවේ සංසරණ කාසි විශාල ප්‍රමාණවලින් දඹදිව පූජනීය ස්ථානවලදී පඬුරු වශයෙන් යොදා ගනු ලබන බවටත් ඒවා ඉතා විශාල ප්‍රමාණවලින් එම ස්ථානවල රැස්වී ඇති බවටත් ශ්‍රී ලංකා මහ බැංකුවට තොරතුරු ලැබීමෙන් පසු මහ බැංකුවේ නිලධාරීන් බුද්ධගයා විහාරස්ථානයේ කළමනාකාරී කමිටුව මුණගැසී ඒ පිළිබඳව සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාවේ බැතිමතුන් පූජා කරන ශ්‍රී ලංකා කාසි විශාල ප්‍රමාණයක් දිනපතා එම විහාරස්ථානවලට එකතු වන බවත් ඉන්දියාවේ ගනුදෙනු සඳහා යොදා ගත නොහැකි බැවින් ඒවා එම පූජනීය ස්ථානවල සංවර්ධන කටයුතු සඳහා යොදා ගත නොහැකි බවද ඉන්දියාවේ පූජනීය ස්ථාන භාරව කටයුතු කරන නිලධාරීන් අප වෙත දැනුම් දෙන ලදී.
ශ්‍රී ලංකාව තුළ සංසරණය සඳහා මහ බැංකුව මගින් නිකුත් කරන කාසි මෙසේ ප්‍රයෝජනයට නොගෙන එක් රැස්වී පැවතීම නිසා ඒ වෙනුවෙන් නව කාසි නිකුත් කිරීමට විශාල විදේශ විනිමය පිරිවැයක් දැරීමට සිදුවන බැවින්ද, ප්‍රයෝජනයට ගත නොහැකි කාසි එක්රැස්වීම නිසා එම පූජනීය ස්ථානවලට ඇතිවන අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා ද පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කර ඇත.
http://www.divaina.com/2013/11/08/news30.html

0 comments:
Post a Comment