22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේදී ආරම්භ වේ. ආසියාතික රටක මෙම සමුළුව පැවැත්වෙන්නේ වසර තිහකට පසුවය. එම රට තිස් වසරක බිහිසුණු යුද්ධයක් නිම කර වසර කිහිපයකින් යළි ගොඩනැඟුණු රටක් වීමත් ආශ්චර්යයකි.
බොහෝ බාධක කම්කටොලු බිඳ විවිධ චෝදනා මැද පැවැත්වෙන මේ පොදු රද මඬුළු රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාව ලද ජාත්‍යන්තර ජයග්‍රහණයක් බව මහාචාර්ය ඩබ්. එම්. කරුණාදාස මහතා පවසයි. "දිවයින ඉරිදා සංග්‍රහය" ඒ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවයි මේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇති කරුණාදාස මහතා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය දේශපාලනය පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් විශේෂඥ පුහුණුවක් ලබා ඇත. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සංකල්පය එහි ප්‍රභවය හා විකාශනය පිළිබඳ පර්යේෂණාත්මක හා ශාස්‌ත්‍රීය කෘති රැසක් සම්පාදනය කර ඇති කරුණාදාස මහතා කෘතහස්‌ත නීsතිඥයකු ද වෙයි.
පොදු රාජ්‍ය මණ්‌ඩලය අපේ රටට වැදගත් වෙන්නෙ කොහොමද?
පොදු රාජ්‍ය මණ්‌ඩලය කියන්නෙ ආරම්භයේ සිටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත්ව රටවල් තබාගැනීමට ඇති කළ සංවිධානයක්. මෙය මුලින් හැඳින්වූවේ වයිට් මෑන්ස් ක්‌ලබ් නමින්. මුල්ම සාමාජික රටවල් වුණේ අයර්ලන්තය, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්‌ටේ්‍රලියාව. දකුණු අප්‍රිකාව එකතු කර ගත්තේ පසුවයි. කළු ජාතිකයන් බහුතරයක් සිටියත් දකුණු අප්‍රිකාවෙ පාලනය තිබුණෙ සුදු ජාතිකයන් අතේ.
ආවෘත සංවිධානයක් හැටියට තිබුණු පොදු රාජ්‍ය මණ්‌ඩලය විවෘත සංවිධානයක් බවට පත්වෙන්නේ 1948 දී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල් සම්බන්ධ වුණාට පස්‌සෙයි.
අපේ රටත් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජික රටක් වුණාට අපේ රටට විශාල ජාත්‍යන්තර කීර්තියක් ලැබුණා. නිදහස ලැබීමත් සමග පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජික රටක්‌වීමට හැකිවීමත් ජාත්‍යන්තර වශයෙන් එදා අපි ලැබූ ජයග්‍රහණයක්. එම ගෞරවය හිමිවිය යුත්තේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාටයි. එය රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස එතුමා ගත් අභීත තීරණයක්.
එදා සෝවියට් රුසියාව අපේ රටට සම්බාධක පනවද්දී පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජිකත්වය ලබාගැනීම තුළින් අප යළිත් ජීවය ලැබුවා. ඇත්තවශයෙන්ම අපි පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළින් උපන් රටක්.
මෙවර පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුව අපේ රටේ පැවැත්වීම පිළිබඳ ඔබ දරන අදහස කුමක්‌ද?
ආසියාතිකරයේ අවුරුදු 30 කට පසු අපේ රටේ මේ සමුළුව පැවැත්වීම ජාතියක් වශයෙන් අපට ආඩම්බර විය හැකි අවස්‌ථාවක්. විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව නියම ආකාරයෙන් අපේ රට හඳුනා ගත්තෙ අපි පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජික රටක් බවට පත් වුණාට පස්‌සෙ. සමහරු අපේ රට බටහිරට ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙස හැඳින් වුවත් ඇත්තවශයෙන් අපේ රට අනුගමනය කරන්නෙ පොදු රාජ්‍ය මණ්‌ඩලයට නැඹුරු ප්‍රතිපත්තියක්. එය බටහිර රටවලට නැඹුරු ප්‍රතිපත්තියක් ලෙස සමහර රටවල් කරන විග්‍රහය වැරදියි.
නමුත් මේ සමුළුව මෙවර අපේ රටේ පැවැත්වීම පිළිබඳ ඇතැම් රටවල් තුළින් යම් යම් විරෝධතා මතුවුණා නේද?
සමහර රටවල් ඔය විරෝධතා මතු කළේ අපේ රට මේ ත්‍රස්‌තවාදී යුද්ධය දිනුවට පස්‌සෙ. එදා 2007 මේ පිළිබඳ යෝජනා කළ විට නොපිළිගත්තත් 2009 යෝජනා කළ විට පිළිගත්තා. 2011 දී ඕස්‌ටේ්‍රලියාව ඉල්ල ගත්තා.
2009 දී අපේ ඉල්ලීම පිළිගත්තත් රටවල් දෙක තුනක් ඒක වෙනස් කරන්න උත්සාහ කළා. එහෙම කළේ 2009 දී අපේ රට මේ යුද්දෙ දිනුවට පස්‌සෙ.
අපේ අසල්වැසි ඉන්දියාවත් මේ සමුළුව අපේ රටේ පැවැත්වීම දෙස බලන්නෙ වපරැහින්?
මේ සමුළුව අපේ රටේ පවත්වනවට එරෙහි රටවලට තියෙන්නෙ දේශපාලන න්‍යායපත්‍රයක්. එක උදාහරණයක් කැනඩාව. කැනඩාවෙ ලක්‍ෂ ගණනක් ඉන්න දෙමළ ඩයස්‌පෝරාවෙ වුවමනා එපාකම් අනුවයි කැනඩාව ක්‍රියා කරන්නෙ. ඉන්දියාවෙ තත්ත්වයත් එහෙමයි. මම දකින විදිහට ඉන්දියාවට ප්‍රශ්න කීපයක් තියෙනව. මෙම සමුළුව පැවැත්වෙන්නෙ චීනෙන් අපට හදල දුන්නු ශාලාවක. චීනෙයි අපියි එකතුවෙලා කරන සංවර්ධන වැඩවලට ඉන්දියාව ඒ තරම් කැමැත්තකුත් නෑ. ඉන්දියාවෙ තියෙන්නෙ ඉන්දියාව අප ගැන දරන ආකල්පය අප තුළ තිබිය යුතුයි වැනි අදහසක්. ඉන්දියාව තුළත් දේශපාලන න්‍යායපත්‍රයක් තියෙනව.
නමුත් අසල්වැසියා හැටියටත් කලාපයේ බලවතෙක් හැටියටත් ඉන්දියාවේ සහභාගිත්වය අපේ රටට සුවිශේෂයි?
ඔව්. නමුත් අපට වැදගත් වෙන්නෙ ඉන්දියාව ආවද නැද්ද කියන එක නෙමෙයි. ආවෙ නැත්නම් ලෝකෙ කියයි ඉන්දියාව ආවෙ නෑ කියල. හැබැයි ඉන්දියාව ඒ වගේ වැඩක් කලිනුත් කළා. නමුත් සාක් සමුළුවෙදී වගේ මේක කඩාකප්පල් කරන්න බෑ. ඉන්දියාව ආවත් නාවත් මේ සමුළුව පවත්වනවා. කෙසේ වෙතත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෝ මේ සමුළුවට සහභාගි වනු ඇතැයි යන විශ්වාසයක් මා තුළ තිබෙනවා. මේ කිසිදු රටක් මේ සමුළුව අපේ රටේ පවත්වනවාට විරුද්ධ නෑ. නමුත් මේ රටවල් දෙක තුනට ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට පිටින් තීරණ ගන්න නොහැකිවී තිබෙනවා. මේ විරෝධතාවක් ලෙස ඔවුන් පෙන්වන්නේ එයයි.
කෙසේ වෙතත් මෙම විරෝධතා මැද පවත්වන සමුළුවේ සාර්ථකත්වය ඔබ දකින්නෙ කොහොමද?
අවසාන වතාවට ආසියාතික රටක මේ සමුළුව පැවැත්වූවේ 1983 දී ඉන්දියාවෙ. එයින් අවුරුදු 30 කට පසු නැවත වතාවක් ආසියාතික රටක මේ සමුළුව පැවැත්වෙන අවස්‌ථාවක්. මෙහි සුවිශේෂත්වය එපමණක් නෙමෙයි. ඒ ගත වුණු වසර 30 දරුණු යුද්ධයකට මුහුණදීල එයින් ජයග්‍රහණය කරල අවුරුදු හතරක් ගත වෙන්නත් කලින් මෙබඳු සමුළුවක් පවත්වන්නට හැකි වාතාවරණයක් ඇති කරගත් රටක්‌වීමයි මා මෙහි දකින සුවිශේෂත්වය. මෙය මුළු ලෝකයේම අවධානය ආසියාවට යොමු කරවන සමුළුවක්. අපේ රටට සමහරු විවිධ චෝදනා එල්ල කරන අවස්‌ථාවක මෙම සමුළුව අපේ රටේ පැවැත්වීමට හැකිවීමම ශ්‍රී ලංකාවේ සුවිශේෂ ජයග්‍රහණයක්.
මේ සමුළුවේදී අපේ රටට එරෙහිව කෙබඳු චෝදනා එල්ල වෙයිද?
දැනටමත් එල්ල කරන ප්‍රධාන චෝදනා දෙකක් තියෙනවනෙ. මානව අයිතිවාසිකම් කඩ කිරීම සහ යුද අපරාධ සිදු කිරීම. මෙවැනි ජාත්‍යන්තර සමුළුවලදී එවැනි චෝදනා එල්ල වෙනව. අපේ රට මේ චෝදනාවලට ප්‍රමාණවත් ලෙස අපේ රටට හැකි ආකාරයට පිළිතුරු දීලත් තියෙනව. යළි යළිත් මේ සමුළුවේදීත් මේ චෝදනා එල්ල වුවත් අපි ඒවාට මුහුණ දිය යුත්තේ නිර්මාණශීලීවයි. අපේ රටට ලෝකයා ඉදිරියේ නිවැරදිවීමටත් මෙය හොඳ අවස්‌ථාවක්. අපේ රටට එන මේ ඇතැම් රාජ්‍ය නායකයන් විවිධ චෝදනා එල්ල කිරීම අප බලාපොරොත්තු විය යුතුයි. මෙරටට පැමිණ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන අය වුවත් ආපසු සිය රටවලට යන්නේ මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති තුළින් ඉදිරියට යන ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී ආකල්ප ඇති කරගෙන බව මගේ අදහසයි.
මේ රාජ්‍ය නායක සමුළුවෙන් අපේ රටට ලැබිය හැකි ප්‍රතිලාභ මොනවද?
මේ සමුළුවෙන් රටේ මුදල් කාබාසිනියා වෙනවා මිස රටට ප්‍රයෝජනයක් නෑ කියල හිතන පිරිසක් අපේ රටෙත් ඉන්නව.
මේ සමුළුවෙන් අපේ රටට අත්වෙන ප්‍රතිලාභ ඉතා විශාලයි. අද අපේ රට විවේචනය කරමින් විරෝධය පානා රටවල් මේ සමුළුවට පැමිණීමෙන් පසු ඔවුන් අපේ මිත්‍රයින් පිරිසක් බවට පත්වෙනව. ඇතැම් රටවල් සමග පළුදු වූ සබඳතා යළි ගොඩනඟා ගැනීමට මේ සමුළුවෙන් ලැබෙන පිටිවහල ඉතා විශාලයි. දෙවැනි ප්‍රතිලාභය සංචාරක කර්මාන්තය වැඩිදියුණු වීම, විදේශ ආයෝජන වැඩිදියුණු වීම, මේ රාජ්‍ය නායකයන් සමග එන ආයෝජන කණ්‌ඩායම් සංවර්ධනය වෙමින් ඉදිරියට එන ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන වැඩි වැඩියෙන් අපේ රටේ ආයෝජන ව්‍යාපෘති ඇරඹීමට මේ සමුළුව නිසා ඔවුන් පෙළඹෙනවා.
මේ සමුළුව නිසා අපේ රටට ලැබෙන මේ මොහොතේ ඉතා වැදගත් තත්ත්වයක් වන්නේ ජාත්‍යන්තර කීර්ති නාමයයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පසු සැලකෙන වැදගත්ම සමුළුව මේ පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුවයි. මෙය ලෝක ප්‍රජාවගෙන් හතරෙන් එකක් නියෝජනය වන සමුළුවක්. මෙවර පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ප්‍රකාශනය හදන්නෙ අපේ රට. මෙවර සමුළුව තුළින් ලොව පුරා යන්නෙ අපේ රටේ පණිවුඩය. අපේ අදහස් ලෝකයට කියන්න හොඳම අවස්‌ථාවයි මේ. මේ සමුළුවෙන් පසු අවුරුදු දෙකක් පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුවේ සභාපතිත්වය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකාවේ අදහස් හා යෝජනාවලට පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජික රටවල් තුළ සුවිශේෂ තැනක් ඒ අනුව හිමිවීම අනිවාර්යයි.
සාකච්ඡා කළේ, පාලිත සේනානායක, ඡායාරූප ගාමිණි මුණසිංහ

0 comments:
Post a Comment