ඉන් අනතුරුව ෙත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවා සෙත්පිරිත් සඡ්ජායනා කළහ.
අනතුරුව මහා සංඝරත්නය විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආශිර්වාදපතා පිරිත් නූලක් ගැටගැසූහ.
ජනාධිපතිවරයා විසින් විහාරාධිපති ශාස්‌ත්‍රපති වස්‌කඩුවේ මහින්දවංශ මහානායක හිමිපාණන් වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී.
ඉන් පසු මහානායක හිමිපාණෝ ජනාධිපතිවරයාට එහි පිහිටි රත්න චෛත්‍යයේ අනුරුවක් පිළිගැන්වූහ.
වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහානාහිමිපාණන් වහන්සේට ඉන්දියාවේ කපිලවස්‌තු පුරයෙන් වර්ෂ 1898 දී ලැබුණු කපිලවස්‌තු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ඊයේ (5 දා) පස්‌වරු 2.00 සිට හෙට (7 වැනිදා) දක්‌වා මේ විහාරස්‌ථානයේදී රටවාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කරගැනීමට අවස්‌ථාව සැලසේ.
ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ සමාරම්භක අවස්‌ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාපති පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, බුද්ධ ශාසන ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුද එක්‌ව සිටියහ.
අනුර බාලසූරිය
http://www.divaina.com/2013/12/06/news02.html






0 comments:
Post a Comment