Pages

Tuesday, November 11, 2014

තමන් රජ පුටුවට එසවූ, බොදුනුවන් රිදවූ, නොසලකා හළ වත්මන් රජය වෙනුවෙන් බොදු සංවිධාන පෙනී සිටින්නේ කෙසේද?

ජාතිමාමක සංවිධාන හා සිංහල බෞද්ධ නායකයින් බෙදිමට කටයුතු කරන බවට හෙළ බොදු සවිය සංවිධානය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් මෙසේද කියා සිටී.

ජාතික සංවිධාන එකමුතුව විසින් 12 වෙනිදා සුගතදාස ක‍්‍රිඩාංගනයේ දි යෝජනාවලියක් සහිත විශේෂ රැස්විමක් කැදවා ඇති බව මාධ්‍ය හාරහා දැක ගන්නට හැකිවිය. එම යෝජානවලිය විමසිලිවත් බැලිමේ දි පැහැදිලි වන කරුණක් නම් උදෙක්ම ජනපති මහින්ද රාජපක්ෂ තෙවනවරත් ජනාපති කිරිමේ උත්සහයක තවත් එක් පියවරක් ලෙසය.

මේ සදහා ඉතා සුක්ෂම ලෙස  මෙවරද යොදා ගෙන ඇත්තේ දේශපේ‍්‍රමි සංවිධාන සහ පුද්ගලයන්ය. අද පවතින සිංහල බෞද්ධයින්ගේ ප‍්‍රශ්න සකච්ජා නොකර සිට හිටිහැටියේම දේශපේ‍්‍රමි සංවිධාන මේ රජය රැකිමට පෙරට පැමිණිම මගින්  මෙම සමුඵ කැදවිමේ සංවිධානවල නිරුවත රටට එළිදරව් විය. ජාත්‍යන්තර බලවේග එල්.ටී.ටී.ඊ හිතවාදින් දේශදොහින් ලෙස ලේබල් අලවා රජයට විපක්ෂ සංවිධාන හා කණ්ඩායම් නිහඩ කිරිමේ පිළිවෙතක් මේහි යටි අරමුණ බව පැහැදිලිය තවද  මෙම රජය බලයට පත් කිරිමට වෙහෙස වු සිංහල බෞද්ධ සංවිධාන පක්ෂ හා පුද්ගලයින් බෙදිමකට ලක්කිරම මෙහි  එක් පියවරකි මෙය  රජයේ තවත් එක් කොන්ත‍්‍රත්වතුවක් ද යන්න අප ප‍්‍රශ්න කර සිටිමු.

පැහැදිලිවම මේ පිටිපස රජයේ  න්‍යාපත‍්‍රයක් තිබෙන බව පෙනි යන බවත් රජයේ ඇමැති කම් අතහැරිමට අකමැති දේශපේ‍්‍රමි  සඵපිළිි ඇද ගත් ඇමැතිවරයෙක් සිටින බවත් රටට නොරහසකි.  කව්රුන් රැක ගන්නද කව්රුන් වෙනුවෙන්ද මේ නින්දිත දීන උත්සයක යෙදෙන්නේ ද යන්න බව හෙළ බොදු සවිය ලෙස අවධානයෙන් සිටින්නෙමු.

සිංහල බෞද්ධයන්ගේ ලේ වලට කතා කරමින් සිංහල බෞද්ධයන් උසි ගන්වමින් මැතකදි බිහි වු සංවිධාන මේ තිර්ණාත්මක මොහොතේ අද මුනිවත රකිමින් කාගේ ඔඩක්කුවේ නැලවෙන්නේ ද යන්න සිංහල බෞද්ධයන් ප‍්‍රශ්න කළ යුතුව ඇත. මේ පාවාදිමට එරහිව රටට ආදරය කරන සිංහල බෞද්ධ දේශපේ‍්‍රමින් පෙළ ගැසිය යුතුය.  අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ ඔබ රාජ්‍ය දෝහිකයෙකු වුවත් කිසි විටක දේශදෝහියෙකු නොවන ලෙසය.

මෙයට සසුන්ලැදි, බුදුගල ජිනවංස හිමි, සභාපති
http://lankacnews.com/sinhala/news/124712/

0 comments: