Pages

Saturday, November 22, 2014

SLT නව තාක්ෂණය සමඟින් නොනැවතී පෙරට! - 2014 වසරේ පළමු මාස 9 තුළ රුපියල් බිලියන 5 ක ලාභයක්‌

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් 2014 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස 9 ක කාලය ස`දහා වන සමාගම් හා සමූහ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සමාගම් සමූහය සැදුම් ලබන්නේ එහි පරිපාලක සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ මොබිටෙල් (පෞද්) සමාගම ඇතුළු අනුබද්ධිත සමාගම් ජාලයෙනි. 

මින් පෙර පැවති වර්ධන මට්‌ටම තවදුරටත් සතුටුදායක ලෙස පවත්වා ගනිමින් 2014 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවය ඇතුළත රුපියල් බිලියන 48.0 ක ආදායමක්‌ වාර්තා කිරීමට එස්‌ එල් ටී සමාගම් සමූහය සමත් වී ඇති අතර පසුගිය වසරේ එම කාල සීමාවටම සාපේක්‍ෂව 8% ක වර්ධනයක්‌ පවත්වා ගෙන ඇත. ස්‌ථාවර හා ජංගම දුරකතන සේවා සහ අනෙකුත් සේවාවන්ගෙන් ලද ආදායම මෙම සමස්‌ත ආදායම් වර්ධනයට හේතු වී තිබේ. එසේම, එම මාස නවය තුළ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 33.2 දක්‌වා 8% කින් ඉහළ ගොස්‌ ඇත. 2007/2008 කාලයේදී අන්තර්ජාල ප්‍රොටොකෝල රූපවාහිනී (IPTV) පද්ධතියක්‌ ආනයනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධ සිවිල් නෛතික ආරවුලක්‌ අධිකරණයෙන් බැහැරව සමථයකට පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ මෙහෙයුම් වියදම්වලින් රුපියල් මිලියන 673 ක්‌ වැය කරන්නට සිදු වීම එලෙස මෙහෙයුම් වියදම් ඉහළ යාමට මූලික වශයෙන් බලපා තිබේ. සමාගම් සමූහයේ ලාභදායීත්වය වෙත එවැනි පීඩන එල්ල වුවද පසුගිය වසරේ මෙම කාල සීමාවට සාපේක්‍ෂව බලන කල පොළී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂයට පෙර ආදායම (EBITDA) රුපියල් බිලියන 14.9 ක්‌ ලෙස සියයට 7 කින් ඉහළ ගොස්‌ ඇති අතර පොළී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂයට පෙර ආදායම් ආන්තිකය (EBITDA ඵ්රටසබ) සියයට 31 ක්‌ ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සමත් වී තිබේ. 2014 සැප්තැම්බර් මාසය දක්‌වා වූ මාස නවයක කාලය තුළ බදුවලට පෙර ලාභය රුපියල් බිලියන 6.6 ක්‌ ලෙස වාර්තා වන අතර පසුගිය වසරේ අදාළ කාල සීමාව හා සස`දන කල එය සියයට 25 ක වර්ධනයකි. එස්‌ එල් ටී සමූහයේ බදුවලට පසු ආදායමද රුපියල් බිලියන 5 දක්‌වා, එනම් පසුගිය වසරට වඩා සියයට 29 කින් ඉහළ නැග ඇති බව වාර්තා වේ. එසේම, පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ රුපියල් 2.88 ක්‌ වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ වාර්ෂික කරනය කරන ලද කොටසකට ඉපයීම (annualized earnings per share) මෙම වසරේදී රුපියල් 3.73 දක්‌වා ඉහළ යාමද සුවිශේෂී වර්ධනයකි. 

2014 සැප්තැම්බර් දක්‌වා වූ මාස නවයක කාලය තුළ එස්‌ එල් ටී සමූහයේ පරිපාලක සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී සමාගමේ ආදායම රුපියල් බිලියන 28.9 ක්‌ ලෙස වාර්තා වී ඇති අතර පසුගිය වසරේ එම කාලය සමග සැස`දීමේදී එය සියයට 7 ක පමණ වර්ධනයක්‌ පිළිබිඹු කරයි. සාම්ප්‍රදායික නොවන ආදායම් මූලාශ්‍ර වන අන්තර්ජාල සේවා, තොග අලෙවි කටයුතු, අන්තර්ජාතික සේවා සහ IPTV වැනි ක්‍ෂේත්‍ර මෙම ආදායම් වර්ධනය ස`දහා දායක වූ බව එම සමාගම නිවේදනය කරයි. දින දින ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සාර්ථක ලෙස ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ඉතා ඉහළ ධාරිතාවක්‌ සහිත නවතම IPTV පද්ධතියක්‌ද හ`දුන්වා දෙනු ලැබිණ. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජංගම දුරකතන සේවා සැපයුම් සමාගම වන මොබිටෙල් (පෞද්.) සමාගම, ජංගම දුරකතන කර්මාන්තය තුළ පැන නගින විවිධ අභියෝග මධ්‍යයේම වුවද සුපුරුදු අඛණ්‌ඩ වර්ධන මට්‌ටම පවත්වා ගැනීමට සමත් වී ඇත. 2014 වසරේ පළමු මාස නවය තුළ එහි ආදායම 2013 වසරේ පළමු මාස නවය හා සැස`දීමේදී රුපියල් බිලියන 22.7 ක්‌ ලෙස සියයට 11 කින් ඉහළ නැග තිබේ. මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මොබිටෙල් සමාගමෙන් හ`ඩ හා දත්ත සන්නිවේදන සේවා ලබා ගන්නා පාරිභෝගික සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාමයි. සමස්‌ත පාරිභෝගික පදනම අනුව ගත් කල එය සියයට 7 ක පමණ ඉහළ යාමකි. මොබිටෙල් සමාගම විසින් මෑත කාලීනව නවතම තාක්‍ෂණයන්, ධාරිතා ඉහළ නැංවීම් හා පාරිභෝගිකයින් වෙත වඩාත් හො`ද සේවාවක්‌ ලබා දීමේ අරමුණින් ආවරණ කලාප පුළුල් කිරීම ආදී කරුණු වෙනුවෙන් සිදුකරන ලද අඛණ්‌ඩ ආයෝජනයන්ගෙන් ඒ බව මනාව පැහැදිලි වේ. 

මොබිටෙල් සමාගම සෑම ලාභදායී පැතිකඩකින්ම වර්ධනය වීමට සමත් වී තිබේ. පළමු මාස නවය තුළ සමාගමේ කාර්යසාධනය සමග සන්සන්දනය කිරීමේදී පෙනී යන කරුණක්‌ වන්නේ එහි පොළී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂයට පෙර ආදායම් (EBITDA) සහ පොළී සහ බදුවලට පෙර ආදායම (EBIT) පසුගිය වසරට සාපේක්‍ෂව පිළිවෙළින් සියයට 9 කින් හා 8 කින් ඉහළ ගොස්‌ ඇති බවයි. 2014 වසරේ පළමු මාස නවය තුළ එම සමාගමේ බදුවලට පසු ලාභය රුපියල් බිලියන 2.6 ක්‌ ලෙස වාර්තා වී ඇති අතර 2013 වසරේ පළමු මාස නවය තුළ එය වාර්තා වූයේ රුපියල් බිලියන 1.6 ක්‌ වශයෙනි. මේ නිසා, පසුගිය වසර සමග සැස`දීමේදී මෙවර මොබිටෙල් සමාගමේ බදුවලට පෙර ලාභය සහ බදුවලට පසු ලාභය යන දෙකම සතුටුදායක මට්‌ටමක පවතින බව පෙනී යයි. මූලික වශයෙන්ම පොළී, බදු, ක්‍ෂයවීම් සහ ක්‍රමක්‍ෂයට පෙර ආදායම් (EBITDA) සහ පොළී සහ බදුවලට පෙර ආදායම (EBIT) ආශ්‍රිත වර්ධනය හා සාර්ව ආර්ථික සාධකයන්ගේ යහපත් තත්ත්aවයන් ඊට බලපා ඇතැයි කිව හැක.

http://www.divaina.com/2014/11/23/economic01.html

Pic Source

0 comments: