Pages

Friday, November 28, 2014

තොරතුරු දැනගැනීමේ අයිතිය පොදු ජනතාවගේ හඬයි

ගිහාන් ගුණතිලකයන් විසින් රචිත 'තොරතුරු අයිතිය පිළිබඳ දේශකයන්ට අත්වැලක්‌' නම් කෘතිය දොරට වැඩීමේ උත්සවය බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. එහිදී ආරාධිත දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති වී. ටී. තමිල්මරන් මහතා විසින් පවත්වන ලදී. සන්ඩේ ටයිම්ස්‌ හි පළ වූ එම ලිපියේ සිංහල පරිවර්තනයයි මේ.

"යම් මතයක්‌ ගොඩනැගීමට තොරතුරු අවශ්‍ය වේ. යම් ප්‍රායෝගික තර්කයක සෑමවිටම පදනම් වනුයේ ඊට අදාළ තොරතුරු මතය. තොරතුරු විරහිත පුවතක්‌ නිර්මාණය වනුයේ කටකතා හෝ සැකසහිත තොරතුරු මත වේ. 

ගූගල් සභාපති වරක්‌ පවසා ඇති අයුරින් අද ලෝකයේ සෑම පුද්ගලයකුටම තොරතුරු ලබාගත හැකිව තිබේ. මීට පෙර නොවිරූ අයුරින් එය පහසු වී ඇත. තොරතුරු මත බලය ර¹ පවතී. තොරතුරු මත දැනුම පිහිටුවයි. ශ්‍රීමත් ප්‍රැන්සිස්‌ බේකන්ට අනුව දැනුම බලය වේ. දැනුම පවතිනුයේ තොරතුරු මත බැවින් තොරතුරු ඇත්තවුන් අන් අයට වඩා බලවත්ය.

තොරතුරුවල රහස්‍යභාවය යනු යම් දැනුම් කොටසක වාරණයයි. මින් තොරතුරු මත පදනම් වූ බලය ද එලෙසම සීමා වේ. ප්‍රජාතන්ත්‍රවාදයක නම් එලෙස බලය තිබෙන්නේ ජනතාවගේය. මෙය පාලකයන් හා පාලිතයන් අතර ගනුදෙනු දුර්වල කරවයි. ජනතාව ඉදිරියේ පාරිශුද්ධභාවය පිළිබඳ ප්‍රශ්නවලට හේතු වේ. මෙහිදී සෑම විට පාලකයාගේ කැමැත්ත පමණක්‌ සමාජගත වේ. මේ තත්ත්වය පිළිබඳ විවෘත සංවාදයක්‌ පවතී. තොරතුරු වාරණයේදී මේ සංහිදියාවේ මහජන දායකත්වය හැකිලී යයි.

රජය ද විශාල මහජන ආයතනයකි. එහි පවා විනයක්‌ පැවතිය යුතුය. පෞද්ගලික ආයතනයක එහි ප්‍රතිපත්තිවලට එරෙහිවීම ඉන් පිටමං කිරීමක්‌ සිදුවේ. එහෙත් රටක පුරවැසියන් පිටමං වීමක්‌ සිදු නොවේ. ඔහුට කළ හැකි එකම දෙය යම් හඬක්‌ ගොඩනැගීමයි. ඊට ඔහුට නිදහස තිබිය යුතුය. ඔහුගේ හඬ තොරතුරු මත පදනම් නොවුණහොත් ඉන් වැඩක්‌ නැත. මීට පනස්‌ වසරකට පෙර ඉන්දීය අධිකරණය මෙසේ පවසා ඇත. "තොරතුරු වාරණය අත්තනෝමතිකත්වය බලය අනිසි ලෙස මෙහෙයවීමට හේතු වේ. පාරිශුද්ධභාවයේ හා වගකීම පිළිබඳ ප්‍රශ්නයක්‌ ඉන් මතු වේ. රටක සංවර්ධනයට වාරණයෙන් තොර තොරතුරු සංනිවේදනයක්‌ තිබිය යුතුය. මෙසේ විවෘත ආණ්‌ඩුවක්‌ පාරිශුද්ධ පාලනයක්‌ වෙත යැමෙන් බලවත් වේ. එය කාර්යක්‍ෂමය."

ජනතාව මහ මැතිවරණයකදී ඡන්දය දීමට පමණක්‌ සීමාවීම තොරතුරු ලබාගැනීමේ අයිතිය සඳහා සීමාවිය යුතු නොවේ. මැතිවරණයක්‌ සඳහා නිදහස්‌ව තොරතුරු ගලා ඒමෙන් එය පවතින මැතිවරණ කොට්‌ඨාසයේ නිදහස්‌ව ඡන්දය දීමට පහසුකම් සලසයි.

රුසේරු දාර්ශනිකයාට අනුව පාලකයාට මහජන කැමැත්තෙන් තොර සෛවරී පාලනයක්‌ කළ නොහැක. මේ කැමැත්ත කැමැත්තක්‌ වනුයේ තොරතුරු සැපයීමේ පහසුව මතය. ජාත්‍යන්තර වශයෙන් ද තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ යම් සම්මුතීන් ඇත. තොරතුරු සැපයීමේ අයිතිය හා විසුරුවා හැරීමේ අයිතිය ඉන් ප්‍රකාශ වේ. මැතිවරණයකදී ප්‍රකාශ වන්නේ මහජන මතයයි. මැතිවරණයක්‌ වැදගත් වන්නේ එය පදනම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත බැවින්ය. ජනතාව තමන්ගේ නිදහස්‌ කැමැත්ත ප්‍රකාශ කිරීමට තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබීම මින් අදහස්‌ කෙරෙයි. තොරතුරු පාරිභෝජනය එම භාණ්‌ඩයේ ඉල්ලුම මත සැපයීම තිබිය යුතුය. එපමණින් ප්‍රජාතන්ත්‍රවාදය සවිබල ගැන්වේ. ජගත් මානව හිමිකම් ප්‍රඥප්තියේ මේ මූලික අයිතීන්වල නෛතිකභාවය පැහැදිලි වේ.

මායිම්වලින් තොරව නිදහස්‌ තොරතුරු ලබාගැනීමේ හා විසුරුවාහැරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයෙන් කියවේ. කාලීනව පවත්වන මැතිවරණය පිළිබඳව මානව හිමිකම් ප්‍රඥප්තියේ 21 වැනි පරිච්ඡේදයේ කියවේ. ප්‍රජාවට තොරතුරු සැපයීම අඩාලවීම ඔවුන්ගේ සර්වජන ඡන්දයට බලපානු ඇත. රටවල් 170 ක්‌ මේ සම්මුතියට දායකවී ඇත. මින් රටවල් 85 ක්‌ මේ අයිතිය තමන්ගේ ව්‍යවස්‌ථාදායකයන් මගින් ඒ අවස්‌ථා බලගැන්වීම අදාළ උපකරණ සම්පාදනය කර ඇත. මේ ප්‍රඥප්තියට දායක වූ රටවල් තොරතුරු ලබාගැනීමේ හා විසුරුවාහැරීමේ අයිතිය සඳහා ව්‍යවස්‌ථා උපකරණය වෙත යැමට අපේක්‍ෂා කරන අතර ඒ සඳහා සූදානම් වේ. රටවල් 60 ක්‌ එකී ව්‍යවස්‌ථා සම්පාදනයෙන් තම ප්‍රජාවන්ට ඒ වරප්‍රසාද හිමිකර දී ඇත. මේ ක්‍රියාදාමයේ ඇති විෂමතාවයන් ඒ ඒ රටවල පවතින දේශපාලන ස්‌වභාවය හා ව්‍යහය මත වෙනස්‌ වේ. ප්‍රජාව දැනුවත්විය යුතු කාරණා විග්‍රහ කිරීමේදී ඒවා කොතෙක්‌ දුරට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලදැයි උපකල්පනය කරනු ලැබේ.

මහා බ්‍රිතාන්‍යයේ තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ ප්‍රඥප්තියට අනුව එහි පළමු ඡේදය මගින් පුද්ගලයකුට තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳව කියවේ. මෙය විග්‍රහ කර ඇත්තේ පොදු අයිතියක්‌ ලෙසින්ය. එය විදේශගත වූ පුද්ගලයන් දක්‌වා ප්‍රසාරණය වේ.

2007 දී සංශෝධිත ඇමරිකානු පෙඩරල් තොරතුරු ලබාගැනීමේ පනතින් ද කුමන ජනවර්ගයකට හෝ තනතුරකට අයිති යමෙකුට පොදු ජනතාව පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අයිතිය පවතී. ඉන්දියාව හා පාකිස්‌තානය මෙම අයිතීන් ස්‌වදේශිකයන්ට පමණක්‌ සීමා කර ඇත. ද. අප්‍රිකාව මේ අයිතිය රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික අංශය දක්‌වා දීර්ඝ කර ඇත. නීතියෙන් ආවරණය නොවූ ඕනෑම තොරතුරක්‌ ලබාගැනීමේ අයිතිය මේ ස්‌ථාවර නියෝග මගින් පැහැදිලි කෙරෙයි. මේ පරමාර්ථයන් ඔස්‌සේ තොරතුරු අයිතිය පිළිබඳ නෛතික බලපරාසය විදේශයන්හි පළපුරුද්දෙන් ප්‍රසාරණය වෙමින් පවතී.

රටක ජාතික ආරක්‍ෂාව, විදේශ කටයුතු හෝ අවදානම් පාරිසරික කටයුතු හෝ රාජ්‍ය මුල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු වාරණයකදී අදාළ ආණ්‌ඩු වාරණය වීමට හේතු ඉදිරිපත් කිරීමක්‌ බලාපොරොත්තු වේ. තොරතුරු ලබාගැනීමේ අයිතිය මින් සාධනීය වේ. තොරතුරු ලබාගැනීමේ අයිතිය හෝ එය ලබාදීම පැහැරහැරීම එකම කාසියක දෙපැත්තයි. අපරාධය හා නිර්දොෂිභාවයට ද මායිම් දී ඇත. එවැනි දේ පිළිබඳ තොරතුරු සැපයීම හා විසුරුවා හැරීම් ප්‍රශ්න පවතී. එය ලබාගැනීම මහජන කැමැත්ත විය හැකිය.

මේ අවස්‌ථා සඳහා අපි කොතෙක්‌ දුර පැමිණ ඇද්ද? 1999 දී පැවති පොදුරාජ්‍ය මණ්‌ඩලීය නායක සමුළුවේදී පවා මේ තත්ත්වය න්‍යාය පත්‍රයට ඇතුල්විය. මිනිස්‌ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දුගී ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙත නැඹුරු වී තොරතුරු ලබාගැනීම හා විසුරුවා හැරීම මින් අදහස්‌ වේ. ප්‍රජාතන්ත්‍රවාදය කාලීන වැඩපිළිවෙළකි. අපගේ අසල්වැසි රාජ්‍යයන් තොරතුරු අයිතිය පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සැසඳීමේදී ශ්‍රී ලංකාව තවමත් පසුගාමී තත්ත්වයක පවතී. මේ සඳහා යන ගමනේදී අණපනත් සංශෝධනය වී ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවේ මේ පිළිබඳ ඡේදයක්‌ නැවත පසුවිපරමකට ලක්‌විය යුතුය. ජනරජයක පරමාර්ථය ජනතාව තොරතුරුවලින් සන්නද්ධ වීමක්‌ යෑයි ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

පරිවර්තනය - බන්දුල නෝනිස්‌
http://www.divaina.com/2014/11/28/feature01.html

Pic Source

0 comments: