Pages

Sunday, November 9, 2014

උරුමය වැනසූ මූසලු සිසුවිය හසුවේ! නීතිය ක්‍රියාත්මක වේද?

සීගිරිය කැපටපත් පවුරේ කුරුටු ගී මත තම නම ලියූ උසස්‌ පෙළ ඉගෙනු ලබන අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ සිසුවියක සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් පෙරේදා (06 වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‌ෂණ සඳහා සීගිරිය පොලිසියට භාරදී ඇත.

කල්මුණේ පාසලක 12 වැනි ශ්‍රෝණියේ ඉගෙනුම ලබන සිසුවියක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. 

එම විදුහලේ ගුරුවරුන් සහ තවත් උසස්‌ පෙළ සිසුවියන් කණ්‌ඩායමක්‌ සමග විනෝද චාරිකාවකට එක්‌වෙමින් කැටපත් පවුර නැරඹීමේදී සැකකාර සිසුවිය තම අත් අකුරින් නම ලියෑද්දී පුරාවිද්‍යා ආරක්‌ෂක නිලධාරින්ගේ නෙත ගැටී තිබේ.

පාසල් සිසුවිය අත්අඩංගුවට පත්වීම නිසා ඇය සමග පැමිණි සෙසු සිසුවියන්ද චාරිකාව අතර මග නතර කර රාත්‍රියේ සීගිරියේම නවාතැන් ගැනීමට සිදුව තිබේ.

සැකකාර සිසුවිය ඊයේ 07 දා දඹුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබිණි. සීගිරිය පොලිසිය පරීක්‌ෂණ සිදු කරයි.

සීගිරිය - සරත් එරමිණිගම්මන 
http://www.divaina.com/2014/11/08/news09.html

Pic Source

පලි.
අධිකරණයට ඉඳිරිපත් කිරීමකින් තොරව සිසුවිය මුදාහැර ඇත.

0 comments: