පල්ලේමලල බඳගිරිය මාර්ගයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුකිරීම පෞද්ගලික සමාගමක් මගින් දැනට සති කිහිපයකට පමණ පෙර ආරම්භ කර තිබුණි. එහිදී බඳගිරි ප්‍රදේශයේදී එම සමාගමේ බැකෝ යන්ත්‍රයක ගැටී ඉපැරැණි කාසි මුට්‌ටියක් බිඳී ඇති අතර එහි තිබී පැරැණි තඹ කාසි 241 ක් හමුවී තිබේ. එදිනම ඔවුන් එම කාසි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදී තිබුණි.
මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී බැකෝ යන්ත්‍ර මගින් ඉවත් කරන ලද පස් ගොඩවල් සූක්‍ෂම ලෙස පරීක්‍ෂා කිරීමේදී එක් නිවසක් ඉදිරිපිට තිබූ පස් ගොඩක තිබී නැවත වරක් කාසි හමුවී තිබේ. එදින හමුවූ කාසි වලින් 503 ක් වෙනම සොයාගෙන ඇති අතර ඉතිරිය මුට්‌ටියේ තිබුණ ආකාරයෙන්ම පොදියක් ලෙස සොයාගෙන තිබේ.
කාසිවලට අමතරව එම ස්‌ථානයේ තිබී ඉපැරැණි මැටි බඳුන් කැබලි කිහිපයක් සහ මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත්ගල් දෙකක්‌ද මෙම ස්‌ථානයේ තිබී සොයා ගැනීමට එම පුරාවිද්‍යා නිලධාරීන්ට හැකිවී තිබේ. එම මැටි බඳුන්වල නිර්මාණ ලක්‍ෂණ අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බවට දැනට අනුමාන කර තිබේ.
බඳගිරියෙන් හමුවූ ඉපැරැණි තඹ කාසිවල පුද්ගල මුහුණු, සූර්ය සංකේත හා තවත් හඳුනාගත නොහැකි සංකේත රාශියක් දක්‌නට ලැබේ. මෙරට කාසි නිර්මාණ තාක්‍ෂණය පරීක්‍ෂා කිරීමේදී මුල් කාලීනව මානව රූප සහිත කාසි (ශ්‍රී ලක්‍ෂ්මී කාසි) භාවිතයේ පැවතියද පුද්ගල මුහුණු පමණක් යොදා කාසි භාවිතයේ පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී නොමැත. එම නිසා මෙම කාසි ස්‌ථිර වශයෙන්ම විදේශීය රටකට අයත් විය හැකි කාසි ලෙස හඳුනාගත හැකි වේ. ඒ අනුව මෙම කාසි අනුරාධපුර යුගයේදී රෝමයෙන් හෝ වෙනත් විදේශ රටකින් ශ්‍රී ලංකාවට ගෙනෙන්නට ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු අනුමාන කරති.
පසුගිය ජුලි මාසයේදී ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද කැණීමකදී හමුවී තිබුණේ මීට බෙහෙවින් සමාන කාසිය. එම ස්‌ථානයට පැමිණි මහාචාර්ය ඔස්‌මන්ඩ් බෝපේආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ ඒවා රෝම කාසි විය හැකි බවයි. එම නිසා බඳගිරියෙන් හමුවූ තඹ කාසිත් එකහා සමාන බැවින් රෝම කාසි ලෙස තීරණය කිරීමට එයද එක් සාධකයක් ලෙස ගත හැකිය.
බඳගිරිය ප්‍රදේශයේ තිබෙන ඉපැරැණි වැවත් රජමහා විහාරයත් අනාදිමත් කාලයක සිට එම ප්‍රදේශයේ හොඳ ජනාවාසයක් තිබුණ බවට සාක්‍ෂි දරයි. පුරාවිද්‍යා නිලධාරීහු පවසන ආකාරයට බඳගිරිය ප්‍රදේශයේ එකල මැටි කර්මාන්තය ආශ්‍රිත විදේශීය වෙළෙඳපොළක්‌ද තිබී ඇත. එයට හොඳම උදාහරණය වනුයේ ඉහත හමුවූ රෝම කාසි හා මැටි බඳුන් කැබලිය. මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසූහ.
ගයාන් සමරසිංහ
http://www.divaina.com/2014/11/02/feature10.html
සබැඳි ලිපි -
[
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්http://denethharinna.blogspot.com/2014/10/blog-post.html
නීලගිරි දාගැබේ කැනීම්වලින් පුරාවස්‌තු හමුවෙයි
http://denethharinna.blogspot.com/2014/07/blog-post_23.html
මැටි නළ මාර්ග පද්ධතියක් සහිත වැසිකිළි පද්ධතියක් ජේතවන භූමියෙන් සොයාගනීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_27.html
දුම්මලසූරිය මැටි ඔරු සුසාන ඓතිහාසික යුගයේ බව තහවුරු වේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_5763.html
අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4889.html
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක් උස ඉපැරැණි බුදුරුවක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක් පැරණි ලෙන් ලිපියක් සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක් හාරද්දී පැරණි කාසි මුට්‌ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක් හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක් හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක් වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]
0 comments:
Post a Comment