අප රටේ අර්ථ ක්‍රමයේ විකාශනය දෙස බලන කල එය මූලික වශයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි මුල්බැසගත් මානව ක්‍රියාකාරකම් මත පැවති බවටත් ගොවිතැන් බත්වලින් රට ස්‌වයංපෝෂිතව පැවති බවටත් ඉතිහාසගත තොරතුරු මොනවට සාක්‍ෂි ගෙනෙයි. එනමුදු පසු කාලීනව මිශ්‍ර ආර්ථිකයට නැඹුරුවීමත් සමඟ බහුතර ජන කොටස් ගොවිතැන් කටයුතු අතහැර දමා විකල්ප ජීවනෝපාය මාර්ගවලට නැඹුරුවීමට පටන් ගති. අපනයන මූලික කෘෂි භෝග වන තේ රබර් පොල් නිෂ්පාදනයන්ගෙන් වැඩි වාසි ලබා ගත හැකිවීමෙන් ගොවි ජනතාව එම වැවිලි භෝග නිෂ්පාදනය කෙරෙහි උනන්දු වූහ. හේන් ගොවිතැන පිළිබඳව අඩු සැලකිල්ලක් යොමුවීමත් ඒ සඳහා පහසුකම් විරල වීමත් නිසා ක්‍රම ක්‍රමයෙන් හේන් ගොවිතැන අවැදගත් වූ අතර අද එය ඉතා පරිහානි තත්ත්වයකට ඇද වැටී තිබේ.
තමන් උපත ලැබු ගම් බිම් අතහැර දමා, වගා බිම් පෙදෙස්‌වලට ගොස් කැළෑ එළිකොට බීජ වපුරා මූලික වශයෙන් දැඩි ශ්‍රමය, කාලය හා විශාල මුදලක් කැප කරමින් ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට සිදුවේ. එනමුත් එකී ගොවිතැන් කටයුතුවල නියුතු වූ ජනතාවට තම වගාවන් දිරිමත් කරනු උදෙසා කිසිදු සහනයක් නොවීය. වගා කටයුතුවලදී යන්ත්‍ර සූත්‍ර පොහොර වර්ග යෙදීම. මුදල් සපයා ගැනීම, ණය ලබා ගැනීම ආදී වශයෙන් සහනයන් ලබා ගැනීමට නොහැකි වූ ගොවි ජනතාව නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ තම ගොවිතැන් කටයුතු කරගෙන ගියහ.
වැඩිදුරට උගත්කමක් හෝ මනා අධ්‍යාපනයක් හෝ නොතිබුණු ගොවි ජනතාව ගතානුගතික ක්‍රමෝපායන් යටතේ වගා කටයුතුවල නිරතවුනු අතර ඒ හේතු කොටගෙන උත්සාහයේ තරමට සාර්ථක ඵලදායිතාවයක් ලබා ගැනීමටද අපොහොසත් වූහ. ප්‍රධාන ගොවිතැනක් සේ හේන් ගොවිතැන කරන ලද අතර, ඒ සඳහා විශාල බිම් ප්‍රදේශයක් ශෂ්‍ය මාරු ක්‍රමයට උපයෝගී කර ගත්හ. ජනශූන්‍ය පෙදෙස් බහුල වශයෙන් තිබීමත්, වනාන්තර විශාල වශයෙන් තිබීමත් නිසා කලින් කලට වගා කරන ප්‍රදේශ වෙනස් කිරීමට පිළිවන් විය. එක් කන්නයක් හෝ දෙකක් වගා කළ පසු එම බිම් අතහැර දමා වෙනත් කැළෑ පෙදෙසක් හෙළිකොට ඊළඟ කන්නයේ ගොවිතැන් කරනු ලැබූහ.
නොයෙකුත් ආකාරයේ දුක්‌කම්කටොළුවලට භාජනය වෙමින්, නගරයෙන් ඉතා දුරස්‌ථ ප්‍රදේශවල ජීවත්වෙමින්, කලට වේලාවට නිසි අහරක් නොලබමින් මැලේරියා උණ, ඩෙංගු උණ හා විවිධාකාරයේ රෝගාබාධවලට පවා ගොදුරු වෙමින් අවාසනාවන්ත ජීවිතයක් ගත කරන හේන් ගොවියාගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය අතිශයින්ම දුක්‌ඛදායකය.
තම අස්‌වනු අලෙවි කර ගැනීමේදී ද හේන් ගොවියා නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ පා සිටී. අව්වෙන් වැස්‌සෙන් වන හානි, වන සතුන්ගේ උවදුරු හා බව භෝග පාළුවට යැම, විනාශ වී යැම යන අනපේක්‍ෂිත තත්ත්වයන්ද නැත්තේ නොවේ. එපමණක් නොව නොයෙකුත් දුක් කම්කටොළු මැද්දේ කරනු ලබන ගොවිතැන් කටයුතුවලින් ඵලදාව ලබාගත් පසු. එම ද්‍රව්‍ය අලෙවි කර ගැනීමේදී වෙළෙඳුන්ගේ හා තැරැව්කරුවන්ගේ ග්‍රහණයට පහසුවෙන්ම ගොවි ජනතාව හසුවෙති. මුදල් අගහිඟකම්, ණය මුදල් ලබාගැනීම් හා ප්‍රවාහන අපහසුකම් හේතු කොටගෙන හේන් ගොවියාගේ අස්‌වැන්න කුණු කොල්ලයට ලබා ගැනීමට ජාවාරම්කාර මුදලාලිලාට හැකියාව ලැබී ඇත.
හේන් ගොවීන් මුහුණ පා සිටින මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මුදාගැනීම උදෙසා, ගොවි ජනතාවට ගෝචර වන ආකාරයේ සහනදායී කොන්දේසි යටතේ ණය පහසුකම් සැලසීමටත්, මූල්‍ය හා කෘෂි ආධාර සේවාවන් හඳුන්වාදීමටත්, ජාවාරම්කරුවන්ගේ ඒකාධිකාරිත්වය බිඳ දමමින් ගොවි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීමටත් හැකිවන පරිදි රජය මැදිහත්ව විධිමත් ක්‍රමවේදයක් මගින් හේන් ගොවිතැන නඟාලීමටත් ගොවි ජනතාවගේ ජීවන මට්‌ටම සුත මුදිත කිරීමටත් නිසි පියවර ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේය.
මීගස්‌ආරේ ගුණපාල වික්‍රමආරච්චි
http://www.divaina.com/2014/11/06/feature03.html
Pic Source

0 comments:
Post a Comment