Pages

Friday, November 7, 2014

පිළිකාව නිට්‌ටාවටම සුව කරන හෙළ ඔසුවක්‌ සොයා ගනී. සුවය ලැබූ අයත් කතා කරති!

මාරාන්තික පිළිකාව නිට්‌ටාවට සුවකළ හැකි හෙළ ඔසුවක්‌ තමන් සොයාගෙන ඇති බවත්, දැනටමත් තමන් පිළිකා රෝගීන් සිය දහස්‌ ගණනකගේ ජීවිත බේරාගෙන ඇති බවත් හෙළ වෛද්‍ය මහානාම ඒ. හපුගොඩගේ මහතා ඊයේ (06 වැනිදා) මාධ්‍ය හමුවකදී පැවැසිය.

කොළඹ සුපිරි හෝටලයක්‌ වන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවෙදී ඔහු එසේ පැවැසීය.

තවදුරටත් කතා කළ මහනුවර කටුගස්‌තොට පාරේ පදිංචි හෙළ වෛද්‍ය මහානාම මහතා මෙසේ ද කීය.

"මම මේ හදපු ඖෂධවලින් අතුරු ආබාධ නැහැ. දේශීය ඖෂධවලින් තමයි මේක සකස්‌ කළේ. මේ දේශීය ඖෂධවල වටිනාකම බොහෝ අය දන්නේ නැහැ. දැන් මම සකස්‌ කළ මේ ඖෂධය නිසා පිළිකා රෝගයට ගොදුරුව සිටි සිය දහස්‌ ගණනක්‌ වන ලෙඩ්ඩු හොඳ කරලා තියෙන්නේ. මුඛ පිළිකා, බඩවැල්වල පිළිකා, පියයුරු පිළිකා, මොළේ පිළිකා මේ ඕනෑම පිළිකා රෝගියෙක්‌ මම මාස හයක්‌ හතක්‌ තුළ හොඳ කරනවා.

රෝහල්වලට ගියාම පරීක්‍ෂණ කරලා පිළිකාව තියෙනවා කියලා ලෙඩ්ඩු බය කරනවා. එතකොට ලෙඩා ඒ මොහොතේ ඉඳලම බය වෙලා ඉවරයි. අන්න ඒ අසරණ වූ ලෙඩ්ඩු පවා මා ළඟට ඇවිත් දැන් සුවපත් වෙලා. මට හරි සතුටුයි.

අනිත් එක දැන් පිළිකා වැළඳුණු ලෙඩුන්ට විවිධ විකිරණ අල්ලනවා. ඒ තුළින් විවිධ අතුරු ආබාධ ඇතිවිය හැකියි. නමුත් මම මේ කිසි දෙයක්‌ කරන්නේ නැතුව මේ ඖෂධය දෙන්නේ. ඒ දෙන ඖෂධය හරි පිළිවෙළට බීලා කටයුතු කළොත් ඔහු හෝ ඇය නිරෝගී පුද්ගලයෙක්‌ බවට පත්වෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ එම පිළිකා රෝගයෙන් සුවවූ අම්බලන්ගොඩ මල්කා රණවීර මහත්මිය මෙසේ කීවාය.

"2012 දී මා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලෙන් කළ පරීක්‍ෂණවලදී මගේ පියයුරුවල පිළිකාවක්‌ තියෙන බව කිව්වා. එතකොට මම හුඟාක්‌ මානසිකව වැටුණා. මගේ වම් පියයුර ඉවත් කරන්න වෙයි කියලත් වෛද්‍යවරු කිව්වා.මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මානසිකව වැටිලා හිටපු වෙලාවේ තමයි මට මේ ඩොක්‌ටර් ගැන දැනගන්න ලැබුණේ. පස්‌සේ මම ඒ ඩොක්‌ටර් ළඟට ගියා. එතුමා කිව්වා මාව හොඳ කරනවා කියලා. මාස එකහමාරක්‌ විතර බෙහෙත් බීලා මම ස්‌කෑන් පරීක්‍ෂාවක්‌ කළා. එහිදී මට පිළිකාව නැහැ කියලා දැනගත්තා. පසුව මා තවදුරටත් මාස එකහමාරක්‌ විතර බෙහෙත් බිව්වා.ඉන්පසුව මා නැවතත් ස්‌කෑන් පරීක්‍ෂාවක්‌ කළා. එහිදී නැවතත් තහවුරු වුණා මට පිළිකාව නැහැ කියලා. ඇත්තටම දැන් මට සුවයි. බොහොම හොඳින් ඉන්නවා.

වෛද්‍ය මහනාම මහතාගෙන් ප්‍රතිකාර ලබා පිළිකා රෝගයෙන් සුවපත් වූ තවත් කීප දෙනෙක්‌ම මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

පිළිකා රෝගයට ගොදුරුව සිටින අයෙක්‌ වේ නම් හැකි ඉක්‌මනින්ම තමාගේ 0727-300666/0712495752 යන අංකවලට කතා කරන ලෙසද හෙළ වෛද්‍ය මහානාම ඒ. හපුගොඩගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්‌ ද කළේය.

ඡායාරූපය - කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී මහනුවරය කටුගස්‌තොට පාරේ සැසී වෙදමැදුරේ වෛද්‍ය මහානාම ඒ හපුගොඩගේ මහතා (මැද) සිය රෝගීන් සුවපත් වූ ආකාරය විග්‍රහ කළ අයුරු. පිළිකා රෝගයෙන් සුවපත් වූ මීටියාගොඩ, මල්කා රණවීර මහත්මිය සහ ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ විශ්‍රාමික කර්නල් ආර්. ඩී. ජයරත්න (දකුණේ) මහතාද ඡායාරූපයේ වෙති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://www.divaina.com/2014/11/07/news26.html

1 comments:

Katakatha2013 said...

https://www.youtube.com/watch?v=BUSiesB1T94