Pages

Wednesday, November 5, 2014

කල්මුණේ මුස්‌ලිම් කලාපය පිළිබඳ යෝජනාවට හෙළ බොදු සවියේ අප්‍රසාදය

කල්මුණේ වෙනම මුස්‌ලිම් කලාපයක්‌ පිළිබඳ යෝජනාව පිළිබඳ දැඩි අප්‍රසාදය පළකරන හෙළ බොදු සවිය සංවිධානය එම ඉල්ලීම තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

එම ඉල්ලීම මුස්‌ලිම් කොංග්‍රසය ඇතුළු මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ ස්‌ථාවරය ද යන්න වහා රටට හෙළි කළ යුතු බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ පවසති.

කල්මුණේ කතාවෙන් පෙන්වන්නේ මුස්‌ලිම් අන්තවාදයේ එක්‌ පැතිකඩක්‌ බවත් මේ රටේ සැබෑ බෙදුම්වාදීන්, අන්තවාදීන් හා මූලධර්මවාදීන් කවුරුන්ද යන්න රජය වටහා ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/11/04/provin01.html

Pic Source

0 comments: