5 ශ්‍රේණියේ සිට උසස් පෙළ ශ්‍රේණිය දක්‌වා වූ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරිපත් කර තිබූ සෑම නිර්මාණයක්‌ම එකිනෙකට නොදෙවෙනිය.
කළුතර ඥනෝදය විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හිරුණි මනීෂා පොල්කුඩු සිර නොවන පොල්ගාන මැෂිමක් සහ අන්නාසි සුද්ධ කරන අලුත් යන්ත්‍රයක් නිපදවා තිබිණි.
මගේ අදහසට අනුව අපේ මාමා කෙනෙක් මට අවශ්‍ය විදියට මේ නිර්මාණ සකස් කර දුන්නා. ඇය සිය නිර්මාණ බිහිකළ අයුරු කීවාය.
එම විද්‍යාලයේම 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදළු රන්සික නිර්මාණය කර තිබුණේ යමෙකු සෙනඟ අතර අතරමං වූ විට සොයා ගනු ලබන අත් ආවරණයකි. එම අත් ආවරණ දෙක පැළඳ සිටින දෙදෙනා කෙතරම් දුරක සිටියත් දැන ගත හැකි ලෙස එල්. ඊ. ඩී. බල්බයක් මගින් සංඥ සපයයි.
බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ මධුසංඛ රඹුටං සුද්ධ කරන උපකරණයකුත් හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වළඳක හැන්ද මැස්‌සන් වැසීමෙන් ආරක්‍ෂා කර ගන්නා අයුරින් නව නිර්මාණයකුත් සකස් කර තිබිණි.
කොළඹ රාජකීය විද්‍යාලයේ 8 A ශ්‍රේණියේ ඉගෙනුම ලබන මස්‌සක දන්දෙනිය සංචාරකයනට වැදගත් වන අතේ ගෙන යා හැකි සැහැල්ලු බහු කාර්ය උපකරණයක් සකසා තිබිණි. එහි මාලිමාවක්, විදුලි පංකාවක් රාත්‍රියට මග පෙන්වන රේඩියම්වලින් නිර්මාණය කළ සංකේත විදුලි පන්දමක් ඇතුළු උපකරණ රැසක් ඇත.
7 ණ ශ්‍රේණියේ ඉගෙනුම ලබන අමෝද යෙහෙන් අත්තනායක පාපැදියට සවිකළ තණ කොළ කපන යන්ත්‍රයක් 5 F ශ්‍රේණියේ ඉගෙනුම ලබන වින්දිය කුමාරසිංහ නිවසේ කිසිවෙක් නැතිවිට අමුත්තෙක් පැමිණි විට තොරතුරු දැනගන්නා උපකරණයක් නිර්මාණය කර තිබිණි.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නිරුෂා ජීවමානි, ඉසුරි උත්පලා, නිශාන්ති කොළඹගේ සහ නිශාදි සඳමාලි යන උසස් පෙළ ශිෂ්‍යාවන් අන්තර්ජාල පහසුකම් සපයන ඩොංගල් උපකරණයට හොඳින් දුරකථන සංඥ ලබා ගැනීමේ උපකරණයක් සාදා තිබිණි.
කොළඹ නාලන්දා, විද්‍යාලයේ ලකිදු සන්තති, නිලේශ් දිල්මින්, හේසර පුස්‌සේවෙල යන උසස් පෙළ ශිෂ්‍යයන් නිර්මාණය කර තිබූ නැවක් කාර්යක්‍ෂමව යාත්‍රා කිරීමේ පහසුකම් ඇතිකරන යන්ත්‍රයට පේටන්ට් බලපත්‍රයද ලබාගෙන ඇත.
මෙලෙස කොළඹ ආනන්ද විශාඛා ඇතුළු තවත් පාසල් රැසකින් නව නිර්මාණ ඉදිරිපත් කර තිබිණි.
මෙම ප්‍රදර්ශනය නැරඹූ අපට දැනුනේ ශ්‍රී ලංකාවේ හෙට දිනය අඳුරු නැති බවය.
දරුවන් පොතට පතට සිරකර විභාගවලට කොටුකරන දෙමාපියන්ට මෙම ශිsෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්ගෙන් උගතයුතු දැ බොහෝ බව දැනුනි. මන්දයත් මෙම සෑම නිර්මාණයකටම දෙමාපියන් උපරිම සහයෝගය ලබාදුන් බව මෙම දරුවෝ පැවසුවේ මහත් ආඩම්බරයෙනි.
උපාලි ද සේරම්, පින්තූර - කමල් බෝගොඩ
http://www.divaina.com/2014/11/02/feature12.html
0 comments:
Post a Comment