Pages

Thursday, July 31, 2014

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ මිනිස්‌ සංහාරයක යෙදෙති

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීහු ඉරාක සිරකරුවන් විශාල පිරිසක්‌ ට්‍රක්‌ රථවල පටවා කාන්තාරය වෙත ගෙන ගොස්‌ මරාදමා ඇත. මරාදමනු ලැබූවන් අතර ළමුන්ද වේ. මෙය සමූලඝාතන ක්‍රියාවක්‌ යෑයි ඉරාක නිලධාරීහු පවසති. සදාම් හුසේන්ගේ නිජබිම වු ටිර්කිට්‌ නගරයේදී ද සිරකරුවන් 50 ක්‌ ඝාතනය කර ඇත. ඝාතනයට ලක්‌වූවන් ෂයිටි මුස්‌ලිම් ජාතිකයන් යෑයි හෙළි වී තිබේ. http://www.divaina.com/2014/07/31/forign06.ht...

අන්තිම සටනට මුල් වූ මාවිල්ආරු සොරොව්ව නැරඹීමට අවස්ථාව

ප්‍රභාකරන් විසින් වසා දැමූ මාවිල්ආරු සොරොව්ව වන්දනාවේ යන බැතිමතුන්ට දැන් නැරඹීමට ඉඩ ලැබී ඇත. ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිට සේරුවාවිල චෛත්‍යය නැරඹීමට යන බැතිමතුනට දැන් මාවිල්ආරු සොරොව්වද නැරඹිය හැකිය. සෝමාවති සේරුනුවර මාර්ගයේ කිලෝමීටර් පහක්‌ ඈතින් මාවිල්ආරු සොරොව්ව පිහිටා ඇත. කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාරාදීසයක්‌ව පැවැති මෙම ප්‍රදේශයේ ජනතාව නිදහසේ දිවි ගෙවන අයුරු අපට දැකගත හැකිවිය. මෙම මාවිල්ආරු සොරොව්ව වසාදමනු ලැබුවේ එලිලන් නමැති ත්‍රිකුණාමල කොටි...

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්! බුදුන් වැඩි එකම රට ලංකාවයි...

Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත. මේ ඔහු ලියා තිබු දෙයයි. දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා. අපි පුංචි සෙල්ලමක් කරමු. 1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න.. ---- තමිල්නාඩුව... හොදයි 2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න. -- එංගලන්තය-- හොදයි 3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා...

Wednesday, July 30, 2014

ඉරාකයේ ඓතිහාසික ජොනාස් ශාස්තෘවරයාගේ දේවස්ථානය පුපුරුවයි

ඉරාකයේ මොසුල් නගරය ආසන්නයේ පිහිටි ලොව පුරා කිතුණු සහ මුසල්මානු බැතිමතුන්ගේ ගෞරවාදරයට ලක්වූ ඓතිහාසික ජොනාස් ශාස්තෘන්ගේ දේවස්ථානය ඉස්ලාමික රාජ්‍යය සටන්කාමීන් විසින් පුපුරුවා හැර ඇතැයි වාර්තා වේ. මෙහි වීඩියෝ සහ ඡයාරූප අන්තර්ජාලය තුළ පළකර තිබේ. ඇසින් දුටුවන් පවසන්නේ මෙම ඓතිහාසික සිද්ධස්ථානය පුපුරුවා හැරීම සඳහා බෝම්බ ඇටවීමට සටන්කාමීන්ට ගතවූයේ පැයක පමණ කාලවක් පමණක් බවයි. කිතුණු බැතිමතුන් ජොනාස් ලෙසත් ඉස්ලාම් බැතිමතුන් යුනිස් ලෙසත් හඳුන්වන මෙම ශාස්තෘවරයා...

මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාල

මධ්‍යසාර පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය තමන් මේ වන විට සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට සාදා නිමකර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.  සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ මනම්පිටිය, මහවැලි ප්‍රතිභා ශාලාවේ පෙරේදා (27 දා) පැවැති පොලොන්නරුව ආසන කාන්තා නියෝජිත සම්මේලනයට එක්‌ වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා කියා සිටියේ එම ජාතික ප්‍රතිපත්තිය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි. රජයක්‌ විදිහට අපි බොහෝ දේ ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම...

උමා ඔය හරවන ඩයරබා උමග දිගේ

ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය, උඩවලව ජලාශ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි මහා පරිමාණ බහු කාර්ය ජලාශ යෝජනා ක්‍රම කිහිපයක්‌ම නිදහසෙන් පසු මෙරට ක්‍රියාවට නැඟිනි. ඒ මගින් ජල විදුලිය, කෘෂිකාර්මික කටයුතු සඳහා ජල පහසුකම් ලබාදීම මෙන්ම ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය ද අරමුණු විය.  එහෙත් දැන් අප ගෙවා දමමින් සිටින්නේ මෙවන් ජල හා ජල විදුලිබල ව්‍යාපෘතිවල අවසන් කාලයයි. ඉහළ කොත්මලෙන් පසු ඉදිවන "බ්‍රොඩ්ලන්ඩ්" වැනි ජල විදුලිබල ව්‍යාපෘතිවලින් පසු මෙරටේ...

Monday, July 28, 2014

තානාපති වරප්‍රසාද ත්‍රස්ත ක්‍රියා සඳහා යොදවලා. ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය හරහා ත්‍රස්ත ක්‍රියාකාරකම්. අපේ ඔත්තු සේවා නිදි. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අඟවයි!

ඉන්දියාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ත්‍රස්තවාදි ක්‍රියාකාරම් වලට සම්බන්ධ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.  පාකීර් හුසෙන් නැමති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.  කෙසේ වෙතත් මොහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මොහුව මෙහෙයවිම් සිදුකරන බවයි.  ඒ...

තලෙබාන් සාමාජිකයෝ හසාරා ගෝත්‍රිකයන් 15 දෙනකු මරා දමයි

ඇෆ්ගනිස්‌ථානයේ ගොර් ප්‍රාන්තයේ ගමන් කරමින් තිබූ බස්‌ රථයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනකු මරණයට පත්වී ඇත. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තලෙබාන් සාමාජිකයන් විසිනි. හසාරා ගෝත්‍රික පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත. මීට පෙරත් හසාරා ගෝත්‍රිකයන් තලෙබාන් ප්‍රහාරවලට ලක්‌විණි. 2014 පළමු මාස හය තුළ ඇෆ්ගනිස්‌තානයේ සිදුවූ ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් පන්දහසක්‌ මියගොස්‌ ඇත. http://www.divaina.com/2014/07/28/forign02.html Pic Sour...

මුසලු අන්තවාදීන් නිස සැමතැන ගැටුම්! මෙවර ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ සහර්හාපුර් ප්‍රදේශයේ හින්දු මුස්‌ලිම් ගැටුමක්‌ ඇවිලී ඇත. මෙම ගැටුම් නිසා පුද්ගලයන් තිදෙනකු මියගොස්‌ තවත් 70 දෙනෙක්‌ තුවාල ලබා ඇත.  මෙම නගරයේ මුස්‌ලිම් කඩ කිහිපයක්‌ම හින්දුන් විසින් ගිනි තබා ඇත. ඉඩමක ආරවුලක්‌ මෙම ගැටුමට හේතු වී ඇත. මෙම ඉඩමේ අයිතිය තමන් සතුව ඇතැයි මුස්‌ලිම්වරු මෙන්ම සික්‌වරුද ප්‍රකාශ කර ඇත. ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අතර කලබලකාරීන්ට දුටු තැන වෙඩි තබන්නැයි අණ දී තිබේ. http://www.divaina.com/2...

ලාබෙට බෙහෙත් හදනවට විරුද්ධ වන ඖෂධ ජාවාරම්මු

ශ්‍රී ලංකාව විදෙස්‌ රටවල මහාපරිමාණ ආයෝජකයන්ගේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පරිවර්තනය වී ඇති සමයක තමන්ගේ නිජබිම වෙනුවෙන් අතිශය දැවැන්ත ආයෝජනයක්‌ කර ඒ ආයෝජනයේ ඵල නෙළා ගැනීමට ඇති ඉඩ හසර බලහත්කාරයෙන්ම වළක්‌වාලනු ලැබීමේ අභාග්‍යයට මුහුණ දී හිඳින සැබෑ ශ්‍රී ලාංකිකයකුගේ අඬහැරයකි මේ... ඔහු නමින් ජානක ප්‍රනාන්දුය. කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඔහු විදෙස්‌ අධ්‍යාපනය ද ලබා සැලකිය යුතු කාලයක්‌ විදෙස්‌ රටක සේවය ද කර තිබේ. තවදුරටත් එහිම සේවය කරමින් මුදල්...

කොළඹට එන්න... දියමත සාප්පු සවාරියක්‌ යන්න

උමතු විශ්වාසය චිත්‍රපටයට, එඩී ජයමාන්න විසින් "කොලොම්පුරේ ශ්‍රියා.... කොලොම්පුරේ ශ්‍රියා" ගීතය ගායනා කරන කාලයේ, කොළඹ නගරය ලෝකයේම සැලසුම් සහගත නගරවලින් එකක්‌ බවට පත්වී තිබිණි. පිටකොටුව ද මේ අනේ කඩ සාප්පු බොහො තිබේ පාර මැද්දේ පීලි උඩින් ට්‍රෑම් කාර් යනවානේ...... ආදී ලෙසින් එඩී ජයමාන්න වර්ණනා කරන්නේ කොළඹ අලංකාරය ය. පසු කාලයේදී "කොලොම්පුරේ ශ්‍රියා" යන වාක්‍ය ඛණ්‌ඩය භාවිත වූයේ, කොළඹ තිබූ අපිළිවෙළට අපිරිසිදුකමට සරදම් කරන්නටය. පිටකොටුවේ කුණු ගොඩවල්වල...

මාතලේ කැරැල්ලේ පළමු ගිනි පුපුර දැල්වුණු වාරියපොළ කෝපිවත්ත

වාරියපොල' කී විට මේ සිහළ රටේ වාරියපොල ග්‍රාමයන් හෝ නාගරික පෙදෙස්‌ නම් කොපමණ ඇතිද? කුරුණෑගල - වාරියපොල, ඌවේ- වාරියපොල, මාතලේ - වාරියපොල ඉන් කිහිපයකි. අදට වසර 166 කට පෙර හෙළ දිවට සෙනහස දැක්‌වූ දෑ හිතකාමි පිරිස්‌ එක්‌ව ජීවත්වීමේ අරගලය උදෙසා කැරලි ගසන්නට අරඇද්දේ මාතලේ වාරියපොල දී ය. එය අද අප සිහිකළ යුත්තේ ඊට මුහුණදුන් සැබෑ මිනිසුන්ගේ නාමයෙනි. සුද්දන්ට හැකි තරම් ගැතිකම් කළද හෙළයා එදා එක්‌ ජාලයක්‌ ලෙස තනි වචනයට කටයුතු කළ බවක්‌ පසක්‌ වන්නේ අවි ආයුධ සූදානමක්‌...

70% සිටින සිංහල ජාතිය තව අවුරුදු 40 කින් 40% බවට පත් වෙනවා - මැදගොඩ අභයතිස්‌ස හිමි

පොළොන්නරුව මැදිරිගිරිය දෙහිඅත්තකණ්‌ඩිය ජනතාව වස විෂ ආහාරයට ගෙන විශාල ලෙස වකුගඩු රෝග වලින් මියයනවා. එම රෝගයෙන් සිංහල ජාතිය වඳවෙනවා. අප කන ආහාරවලින් මේ විදියට ජනතාව මියයන්න ගියොත් 70% සිටින සිංහල ජාතිය තව අවුරුදු 40 කින් 40% බවට පත් වෙනවා. රටේ අනාගතය සකස්‌ කිරීමට නම් දරුවන් පහක්‌ හයක්‌ ඉන්න අම්මලා මේ රටේ ඉන්න ඕන. රටම කම්පාවට පත්වූ 23 දෙනකු ගමන් ගත් අත්ට්‍රැක්‌ටරය අප්‍රේල් 17 වන දින ඉසෙඩ් ඇලට වැටීමෙන් මියගිය දස දෙනාගේ තෙමස්‌ පූර්ණ පිංකම් දෙහිඅත්තකණ්‌ඩිය...

ස්‌කොට්‌ලන්තයේ පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලියේ ග්ලාස්‌ගෝ ක්‍රීඩක ගම්මානයේ පැතිරෙන බොදු සුවඳ

ජාතීන් 71 ක්‌ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 ක්‌ සහභාගීවන දැවැන්ත ග්ලාස්‌ගෝ පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලියේදී ථෙරවාදී බෞද්ධ ආගමටද විශේෂ අවස්‌ථාවක්‌ හිමිවුණි. ඒ අනුව ක්‍රීඩක ගම්මානයේ බෞද්ධ මන්දිරයක්‌ ඉදිවිය. බුදුපිළිමයක්‌ තැන්පත් කෙරිණි. මල් අසුනක්‌ පිළියෙල කෙරිණි. භාවනා ආසන සූදානම් කෙරිණි. නමුත් පහන් හෝ හඳුන්කූරු වෙනුවෙන් අවසරයක්‌ නොවීය. ඒ ස්‌කොට්‌ලන්ත වැසියෝ වූ කලී ගිනි අවදානම ගැන මහත් අවධානයක්‌ සහිත මිනිස්‌ කොට්‌ඨාසක්‌ බැවිනි. නමුත්...

තුන් බියකින් පෙළෙන බෞද්ධයා

අපේ මව්බිම දෙකඩ කොට උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමේ ත්‍රස්‌තවාදී හටන මැඬලීමට හැකිවීම ජාතියේ වාසනාවකි. නමුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි ව්‍යවස්‌ථාව යටතේ උතුරේ පෙඩරල් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා ගෙන යන මතවාදී හටන තවම නිමා වී නොමැත. සිරිල් රම්පෝසාගේ පැමිණීම හා දෙමළ ජාතික සංධානය ඔහුගේ මැදිහත්වීමෙන් රජය සමඟ සාකච්ඡාවකට සූදානම් වීම යනු ඊළාම්වාදය නමැති මළ මිනියට නැවත පණ දීමට දරන වෑයමක්‌ සේ අපට පෙනේ. වත්මන් රජය ඊළාම් කොටි ත්‍රස්‌තවාදය තුරන් කිරීමත්,...

Sunday, July 27, 2014

රාජසිංහ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරය එස්.බී.ගේ පාරම්පරික වලව්වේ මැද මිදුලේ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ පරම්පරාවට ලේ නෑකම් කියන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාට අයත් හගුරන්කෙත පිහිටා ඇති පාරම්පරික වලව්වේ මැද මිදුලෙහි රාජසිංහ රජු සතු වූ භාණ්ඩාගාරය ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාපැවසීය. ඓතිහාසික තොරතුරු හෙළි කරන ග්‍රන්ථ කිහිපයකම රාජසිංහ රජුට අයත් යැයි පැවැසෙන මෙම හඟුරන්කෙත වලව්වේ මැද මිදුලෙහි රජුගේ භාණ්ඩාගාරය තිබූ බව සඳහන් වන බවත් පාරම්පරිකව විවිධ පුද්ගලයන්ට...