තුන්වැනි සියවසේදී සංඝමිත්තා මහ තෙරණින් විසින් ලංකාවට වැඩම කළ ජයශ්‍රී මා බෝධිය අද වන විට මහත් තර්ජනයකට ලක්‌වී තිබෙනුයේ දැනුම නොමැති දේශපාලනඥයන්ගේ ක්‍රියා හේතුවෙනි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් ගේ මෙන්ම ලෝකය සිසාරා ජීවත්වන කුදු මහත් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් සේ සැලකෙන ඓතිහාසික ජීවමාන ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට මීටර් 500 කට නුදුරින් වරකට දෙදහසකට ආසන්න රථ වාහන නැවැත්වීම සඳහා රථ වාහන නැවතුම්පළක් ඉදිවෙමින් පවතින හෙයින් ජයශ්‍රී මා බෝධීන් වහන්සේ මහත් අනතුරකට මුහුණ දී ඇති බව මෙහිලා සඳහන් කරනුයේ බලවත් කනගාටුවෙනි.
දහස් ගණනක් වූ මෝටර් රථ ජයශ්‍රී මා බෝධියට ආසන්නයේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් සිදුවන කාබන්ඩයොක්‌සයිඩ්ල, කාබන් මොනොක්‌සයිඩ්, සල්µර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රස් ඔක්‌සයිඩ් සහ නොදැවුණ කාබන් අංශු වැනි අපද්‍රව්‍ය විමෝචනය ජයශ්‍රී මා බෝධියේ ජීවිතයට මහත් තර්ජනයක් වනු ඇත.
ඉන්දියාවේ ටඡ්මහල් සංකීර්ණයේ පාෂාණවල පැහැය රථ වාහන හා කාර්මික වායු විමෝචනයෙන් අඳුරුවන බව විද්‍යාත්මක හා නීතිමය කටයුතුවලින් තහවුරු වීමෙන් අනතුරුව අද වනවිට ටඡ්මහල් සංකීර්ණය අවට විෂ වායු විමෝචනයට අදාළ ක්‍රියාකාරකම් නීතියෙන් තහනම් කර ඇත.
මධ්‍යතන යුගයේ එංගලන්තයේ පුරාවෘත්තයක් වූ රොබින්හුඩ් ආශ්‍රය කරන ලද ඕක් ගස එංගලන්තයේ පෞරාණික වස්‌තුවක් ලෙස නම් කර ඇති අතර එයට මීටර් 500ක සීමාව තුළ කිසිදු රථවාහනයක් ක්‍රියා කරවිය නොහැකි ලෙස හා මීටර් 100 ක් දුරින් මිනිස් පා පහසක් තැබීම ද තහනම් කර ඇත.
අවට වායු දූෂණය වීමෙන් ජීවමාන ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ ජීවිතයට සිදුවන බලපෑම සිතා ගැනීමට පවා නොහැකි වන්නේය. අද වන විට ලෝකය පුරාම පිහිටා තිබෙන ඹබැsජද ලෝක උරුම පනහකට ආසන්න ප්‍රමාණයක් පාරිසරික හේතූන් නිසා අනතුරට ලක් වී ඇති බව සඳහන් වී ඇති හෙයිනි.
අනුරාධපුර පූජා භූමිය ද ඹබැsජද වේ ලෝක උරුමයකි. ලෝක උරුම පරිසරයක සිදුවන ඉදිකිරීම් පිළිබඳව ඹබැsජද වේ විද්‍යාත්මක ප්‍රමිතීන් දක්‌වා ඇත. නමුත් පිටකොටුවේ බෝධියත්a, ජයශ්‍රී මා බෝධියත් එක හා සමානව සලකන චින්තනයේ බලයෙන් රටට ජාතියට වහසි බස් දොඩවන පිංගුත්තර කෝටිපති දේශපාලඥයන්ට ඹබැsජද වේ ප්‍රමිතීන් පිළිබඳ ඇගයීමක් නැත.
නූතන පාලකයන්ගේ දේශපාලන භූමිකාව වී තිබෙණුයේ ජාතික අභිමානය ඉතිහාසයේ ප්‍රෙෘඪත්වය බෞද්ධ ආගමේ සතර බ්‍රහ්ම විහරණයේ වටිනාකම් දේශපාලන වේදිකාවල දිනපතා විකුණමින් ජාතියේ සාරය උරාගෙන රට, ජාතිය, ආගම විනාශය කරා ගමන් කරවීමය.
අනාගත පරපුර පිළිබඳ දිනපතා සාරයක් නොමැති කථා පවත්වන නූතන පාලකයන් බෞද්ධ ආගමේ ගෝලීය ජීවමාන සංකේතය වන ජීවමාන ජයශ්‍රී මා බෝධීන් වහන්සේට තර්ජිත වන අයුරින් තම දේශපාලන බලය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව උක්‌ත කාරණයෙන් ඉතා පැහැදිලි වේ.
දකුණු ආසියාවේ පාරිසරික වායු දූෂණය වීමෙන් වාර්ෂිකව මියයන මිනිසුන් සංඛ්‍යාව 71,200 ඉක්‌මවන බව පාරිසරික වායු දූෂණ වාර්තාවේ සඳහන් වේ.
කැලිෙµdaනියානු විශ්වවිද්‍යාලයේ ලෝක පාරිසරික පිළිබඳ මහාචාර්ය කික්.ආර්.ස්‌මිත්(නසරනගRගීපසඑය-ඵචය,චයා) නව්‍ය තාක්‍ෂණය උපයෝගි කරගෙන ඉතා ක්‍රමානුකූලව ගෘහස්‌ථ වායු දූෂණය පිළිබඳව කළ සමීක්‍ෂණයකින් හෙළිදරව් වී ඇත්තේ ලෝකය පුරාම ඉවුම් පිහුම් සඳහා භාවිත කරන නොයෙක් ඉන්ධන ද්‍රව්‍ය නිසා ගෘහස්‌ථ වායුව දූෂණයට ලක්‌වීමෙන් වසරකට ගෘහනිsයන් ලක්‍ෂ 40ක් මිය යන බවයි.
කැලිෙµdaනියාවේ Sඒබදෙරා විශ්වවිද්‍යාලයේ මානව ශාස්‌ත්‍ර පීඨයේ විද්‍යාඥයන් විසින් නාගරික වායුව දූෂණය වීම පිළිබඳව ලොව ජනාකීර්ණ නගර සම්බන්ධව කරන ලද සමීක්‍ෂණ වාර්තාවේ සඳහන් වන්නේ නාගරික වායුව දූෂණය වීම මිනිස් සංහතියේ ප්‍රගමනයට මෙන්ම පාරිසරික තිරසාර බවටද බලවත් තර්ජනයක් වී ඇති බවයි.
ලොව පුරා නොයෙක් ප්‍රදේශවල විවිධ විද්වතුන් විසින් සිදුකර ඇති පර්යේෂණ දහස් ගණනකි. මක් නිසා ද යත් ලෝකයේ පාරසරික තුල්‍යතාව යටතේ මිනිස් සංහතියේ පැවැත්මටත් වායු දූෂණය අතිශය තර්ජනාත්මක බව ඔවුන් ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවිනි.
සැබැවින්ම පෘථිවියත් මිනිස් සංහතියත් ආරක්‍ෂා වීමට නම් දූෂිත වායු විමෝචනය පිළිබඳ සියලු අවධානය යොමුවිය යුතුය. මේ වන විට ලෝකයේ සියලු ප්‍රමුඛතා ලැයිස්‌තුවල තිබෙණුයේ විෂ වායු විමෝචනය අවම කර ගැනීමෙන් පෘතුවිය විනාශ වීමෙන් වළක්‌වා ගැනීමට ඕසෝන් ස්‌ථරය ආරක්‍ෂා කර ගැනීම මෙන්ම එමගින් මිනිස් ශිෂ්ටාචාරය ආරක්‍ෂා කර ගැනීමයි.
නමුත් කනගාටුවට කරුණක් වන්නේ ලංකාවේ දේශපාලඥයන් මෙම කිසිදු විද්‍යාත්මක නිරීක්‍ෂණයක් නොසලකා ජීවමාන ජය ශ්‍රී මා බෝධීන් වහන්සේ පෙනෙන තෙක් මානයේ දිනකට විෂ වායු ටොන් ගණනාවක් විමෝචනය සිදු කරන රථ ගාලක් ඉදිකර ජය ශ්‍රී මා බෝධීන් වහන්සේට හානිs කිරීමයි.
විෂ වායු විමෝචනය පිළිබඳව එක්‌සත් ජාතීන් මැදිහත් වී 1987 මොන්ටි්‍රයල් නුවරදී ද 1997 දී කියෝටෝ නුවරදී ද එක් රැස් වී ඇති කර ගන්නා ලද සම්මුතීන් වර්තමාන පාලකයන් අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත හෙළා ඇත.
මෙසේ සියලු ලෝක සාධක මධ්‍යයේ 1982 වසරේදී පූජනීය අනුරාධපුර නගරය ලෝක උරුමයක් වශයෙන් නම් කරන ලදි. ඹබැsජද ව යම් ස්‌ථානයක් එසේ නම් කිරීමට පෙර සංස්‌කෘතික නිර්ණායකයන් හා ස්‌වභාවික නිර්ණායකයන් කරුණු 10 ක් යටතේ ඉතා සියුම්ව විශ්ලේෂණය කරනු ලබයි. සංස්‌කෘතික හා පාරිසරික නිර්ණායකයන් යටතේ පූජනීය අනුරාධපුර නගරයේ ඉහත සඳහන් කරන ලද කරුණු යටතේ විශ්වීය වටිනාකම් උපයා ගෙන ඇති බව යුනෙස්‌කෝව පිළිගෙන ඇති නිසා පූජනීය අනුරාධපුර නගරය ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇත.
අනුරාධපුර නගරයේ සහ රජරට හා එජාපය අතර ඇත්තේ ඓතිහාසික සබඳතාවකි. 1911 ජනවාරි 27 දින අනුරාධපුර හා මිහින්තලාව මුඩු බිම් පනත යටතේ යටත් විජිත පාලකයන් ඔවුන්ගේ යටතට පවරා ගන්නා ලදි. 1933 දී ඩී. එස්. සේනානායක කෘෂිකර්ම ඇමැතිවරයා ඓතිහාසික නිර්භය තීන්දුවක් ගෙන මුඩු බිම් පනත අහෝසි කර අනුරාධපුර හා මිහින්තලාව නැවත මහා සංඝ රත්නයට පවරා දෙන ලදි. අද පවතින තත්ත්වයට මෙම ස්‌ථානය පත් වූයේ ඉන් පසුවය. 2300 අනුබුදු ජයන්තිය නිමිති කොට ගෙන එවකට පැවති එජාප රජය මිහින්තලා පුද බිමද පූජාභූමියක් බවට පත් කරනු ලැබූ බව මා මෙහිදී සඳහන් කළ යුතුය. එසේ නම් අනුරාධපුර නගරය අද පවතින තත්වයට නිර්මාණය කළේ එජාපය විසිනි. ඒ අවස්‌ථාවේදී අන්‍යාගමික සිද්ධස්‌ථාන රාශියක් සාකච්ඡා මාර්ගයෙන් ඉවත් කර පූජා නගරය ස්‌ථාපිත කිරීමට තරම් එජාපය විනය ගරුක විය.
මහාමාන්‍යය ඩී. එස්a. සේනානායක මැතිතුමාගේ රජය විසින් එංගලන්තයේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඇල්µaඩ් ක්‌ලිපර්ඩ් හොලිඩේ(Aකෙeරා ජකසදෛරා යදකකසාaහ) එම අවස්‌ථාව වන විට ලංකාවට කැඳවා තිබුණේ ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සැකසීම පිළිබඳව සාකච්ඡාවකටය. ඒ අවස්‌ථාවේදීම අනුරාධපුර පූජානගරයේ සැකැස්‌ම ද මේ නගර ශිල්පියා ම`ගින් ඩී. එස්. සේනානායක මහතා ක්‍රියාත්මක කරන ලදී.
ඒ අඩි පාරේම යමින් එජාපය තීරණය කර තිබුණේ ආසියානු මහා මාර්ගයට සමගාමීව අනුරාධපුර පූජනීය නගරය නිර්මාණය කර ථෙරවාදී බුදු දහමේ ගෝලීය නගරය බවට සංවර්ධනය කිරීමය. ආසියානු මහා මාර්ගය ආසියාව පුරා රටවල් 32 ක් හරහා කිලෝමීටර් 140,749 ක් ගෙවා ඉන්දියාවේ අග්‍රා නගරයේ සිට හයිඩ්‍රාබාත්, බැංගලෝර්, ඌටි නැතහොත් රමේශ්වරම් හරහා ක්‍රියාත්මක වන මෙම අධිවේගී මාර්ගය හරහා තලෙයි මන්නාරම, මන්නාරම, අනුරාධපුර, දඹුල්ල, කුරුණෑගල, නුවර, ගාල්ල, මාතර දක්‌වා මෙකී මාර්ගය ඉදිකිරීමේදී අනුරාධපුරය එම ආසියානු හයිවේ මාර්ගයේ සුවිශේෂ සන්ධිස්‌ථානයක් බවට පත්කිරීමටත් එවකට පැවතුණ එ.ජා.ප. රජය සැලසුම් කර තිබිණි. එමගින් ලෝක උරුමයක් වන අනුරාධපුර නගරය ලෝකයේ ථෙරවාදී බුදු දහමේ අගනගරය බවට සංවර්ධනය කිරීමට එජාපය තීරණය කර තිබිණි. 21 වැනි සියවසේ අවශ්‍යතා හා දියුණු ශිල්පීය මූලධර්ම භාවිත කරමින් වෙසක්, පොසොන් හා අනෙකුත් පොහොය දින ප්‍රමුඛ දිනවලදී අනුරාධපුර නගරයට පැමිණෙන විශාල ජනතාවගේ සියලු අවශ්‍යතා ඉදිරියටත් වසර 100 කට සරිලන අයුරින් සංවර්ධනය කරවීම එජාපයේ අභිලාශය වී තිබිණි.
2002 දී එජාප රජය විසින් සැකසූ භෞතික යටිතල පහසුකම් සංවර්ධන සැලැස්‌මේ මහා පරිමාණ ව්‍යාපෘති 64 ට අනුරාධපුර පූජා භූමි ව්‍යාපෘතිය ද ඇතුළත් විය. ලොව පුරා නාගරික ප්‍රදේශ සංවර්ධන සංකල්පය යටතේ ජනාකීර්ණ නගර රාශියක් මේ වනවිට ප්‍රති නිර්මාණය කර ඇත. යුරෝපයේ, ආසියාවේ, ඉන්දියාවේ අමෙරිකාවේ මේ සංකල්පයට අනුව නාගරික බල ප්‍රදේශ සංවර්ධනය කර ඇත්තේ සියලු පාරිසරික අභියෝග තිරසාරව විසඳා ගෙනය.
යුරෝපයේ ඊකමැ ඊaබ්බ් පැට් දෙකසිය නාගරික සංකල්පයට අනුව ලිවර්µQල්, මැන්චෙස්‌ටර්, ලීඩ්ස්, නගරය ද ඨදකාeබ ඊaබ්බ් දෙකසිය යටතේ මොනාකෝ රාජ්‍යයේ භසජැ නාගරික හා ප්‍රංශය හා ඉතාලියේ නාගරික බල ප්‍රදේශ ක්‍රමානුකූලව හා පාරිසරික තිරසර බැවින් යුතුව කරන ලද සංවර්ධනයේ අත්දැකීම් උකහාගෙන අනුරාධපුර ලෝක උරුම නගරයද ථෙරවාදී බුදු දහමේ ලෝකවාසී නගරය මෙන්ම තිරසරව සියලු පාරිසරික ප්‍රශ්න විස¹ සංවර්ධනය කිරීමට එජාපය සැලසුම් කර තිබිණි. කවදත් ලෝක මට්‌ටමේ විද්‍යාත්මක දැනුමෙන් සංවර්ධනය වූ එජාපයේ අදහස වී තිබුණේ රටේ ස්‌වභාවික බහුතර බලය වන එජාපාක්‍ෂිකයන් සම`ග එකතුවී දැනට ඉදිකිරීම් අවසන් වෙමින් පවතින පෘතුවි මහද්වීප පහක් හරහා ඉදිවන ගෝලීය ගොඩබිම් මහා මාර්ගය (ඔර්බි ටකදඉaක යසටයආහ) හරහා ආසියානු මහා මාර්ගයේ පැමිණෙන ලෝක සංචාරක ප්‍රජාවට බෞද්ධ හැකියාව. සභ්‍යත්වය, සංස්‌කෘතිය ප්‍රෙෘඪ ඉතිහාසය මෙන්ම ජාතීන් අතර සහයෝගිතාව මානව සහ මිනිස් අයිතිවාසිකම්වල වටිනාකම් හා පුරා විද්‍යාත්මක වටිනාකම් අත්විඳීමට ඉඩ සලසා දීමටය.
නමුත් අද වන විට දූෂිත නූතන පිංගුත්තර පාලකයන් රට පුරා නගර සංවර්ධනය කරනුයේ ඉඩම් කොල්ලකෑමට හා එම ඉඩම් තුට්‌ටු දෙකට විදේශකයන්ට විකුණා ගැනීමට මෙන්ම මැතිවරණ ඉලක්‌ක කර ගනිමිනි. නමුත් නාගරික සංවර්ධනය යනු වසර 10 ක් පමණ ඉදිරියට තිරසර සංවර්ධනය මෙන්ම අනාගත පරපුරට ද ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාත්මක කළයුතු තීරණාත්මක අවශ්‍යතාවකි.
නාගරික සංවර්ධනයේදී,
1) වායු දූෂණය.
2) ආලෝක දූෂණය.
3) ශබ්ද දූෂණය.
4) දෘෂ්ටි දූෂණය.
5) ජල දූෂණය.
6) කැළි කසළ දූෂණය.
7) විකිරණ දූෂණය.
8) ගොඩනැඟිලි ව්‍යාධිය
9) තාප දූෂණ.
ආදී කරුණු පිළිබඳ සියුම්ව අවධානය යොමු කළ යුතුය. එසේ නොමැතිනම් සැලසුම් නොමැති නාගරික දූෂණ හේතුවෙන් ජනතාව නොයෙක් ශාරීරික හා මානසික ව්‍යාධීන්ට මුහුණ දී ඔවුන්ගේ පරමායුෂ භුක්‌ති නොවිඳ අකාලයේ මිය යන්නේ එයට හේතුව පවා නොදැනය.
එම නිසා ගහේ කොළයට ගහ නොදන්නක් සේ, ක්‍රියා කිරීම තවදුරටත් රට ජාතිය අනතුරට ලක් කිරීමකි.
කරුණාකර මීට ඉහත විස්‌තර කර ඇති සියලු කරුණු පිළිබඳ අවධානය යොමුකර ඉහත විස්‌තර කරන්නට යෙදුන රථ ගාල පිළිබඳව නිවැරදිව සොයා බලා එය එතැනින් ඉවත් කිරීමට නිවැරදි තීරණයක් ගන්නා ලෙස සිහිපත් කරනුයේ බලවත් කනගාටුවෙනි.
එසේ නැතහොත් රටපුරා සදාචාර විරෝධී නීති විරෝධී ක්‍රියා මැඬලීම සඳහා නැගී එන පොදු ජන බල වේගය සමග භගවත් ගීතාවේ සඳහන් වන අයුරින් විෂ්ණු දෙවියන් ද ඉදිරිපත් වනු ඇත. මම එය මෙහි උපුටා දක්‌වමි.
"යම් කලෙක ධර්මය ගිලන් වේද, අධර්මය නැගී සිටියදී මම එකල මා විසින්ම පහළ වෙමි. යහපත් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමට ද මම යුගයෙන් යුගය පහළ වෙමි."
පෘතුවිය ආරක්‍ෂා කරන මහා විෂ්ණු දෙවියන් අපේ රටත් බෞද්ධාගමත් ජය ශ්‍රී මා බෝධියත් සියලු ජාතීනුත් අධාර්මිකයන්ගෙන් ගලවා ගැනීමට මෙහි පහළ වනු මැනවි.
ස්‌තූතියි.
ජී.ඩී. චන්දිම ගමගේ
විපක්‍ෂ ප්‍රධාන සංවිධායක, උතුරු මැද පළාත් සභාව

0 comments:
Post a Comment