Pages

Monday, September 9, 2013

බොදු උරුමය හැමතැනම වැනසෙනවා - දයාරතන හිමි | සිංහලයා වඳවන ජාතියක් වෙලා - මැඬිල්ලේ හිමි

සිංහලයාට ශ්‍රී ලංකාව හැර ලෝකයේ වෙනත් රටක්‌ නැහැ. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජනතාව වුවත් අද සිංහල ජාතිය සුළු ජාතිය බවට පත්වෙලා. ලෝකයේ වඳවීගෙන යන ජාතීන් අතරින් සිංහල ජාතියත් වඳ වී ගෙන යන ජාතියක්‌ බවට පත්වෙලා. ඊට විවිධ හේතු සාධක තිබෙන්නේ යෑයි සිංහල රාවයේ ජාතික සංවිධායක මෑවිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මග්ගොන නගරයේදී පැවැති ගිහි පැවිදි හමුවකදී පැවසූහ.

"සිංහල රාවය" පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එහි ශාඛාවක්‌ මග්ගොන පිහිටුවීම නිමිත්තෙන් මෙම ගිහි පැවිදි හමුව පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෑවිල්ලේ පඤ්ඤාලෝක හිමිපාණෝ- ඉන්දියන් සාගරයේ මුතු ඇටය සේ බබලන මේ රට ලෝකයා හඳුන්වන්නේ දහම් දිවයින ලෙසයි. මේ රටේ ජනතාව එකිනෙකාට ආමන්ත්‍රණය කරන්නේ "බුදු සරණයි", තෙරුවන් සරණයි" යනු වෙනුයි. දවස ඇරඹෙන්නේ පන්සිල් සෙත් පිරිත් වලින්, එහෙව් රටේ දවසකට ගවයන් 5,000 ක්‌ මස්‌ පිණිස මරනවා.

බුදුරාජාණන් වහන්සේට තුන් පාරක්‌ පූජා කරන ලද මේ පින්බිම දිනපතා ගවයන් 5,000 කගේ ලෙයින් තෙත්වීම මවුකිරි උරා බිව් කිසිවකුට හෝ ඉවසිය හැකිද? සිංහලයන් වූ බෞද්ධයන් වූ අපට තවත් මේ පුණ්‍ය භූමිය ගව ලෙයින් තෙත්වීමට ඉඩදිය හැකිද යන්න සිතිය යුතුයි. 

සිංහල රාවයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්‌මීමන දයාරත්න හිමිපාණන් වහන්සේ - 

මේක අපේ සිංහල බෞද්ධ රට. මේ රටේ කොතැනක කැණීම් කළත් හමුවන්නෙ බෞද්ධ පුරාවස්‌තු. 

සිංහල බෞද්ධ අයිතිය අපේ උරුමය ගැන කතා කරන අපි ජාතිවාදියෝ, ආගම්වාදියෝ වශයෙන් හඳුන්වනවා. බෞද්ධ පුරාවස්‌තු ආදිය විනාශ කරන අය පැය 24 ක්‌ තුළදී අත්අඩංගුවට ගැනීමට නීති සකසා තියෙනවා. ඒ වුණත් අපේ බෞද්ධ උරුමයන් පැහැරගෙන තියෙනවා. කූරගල සමතලා කරලා පල්ලියක්‌ හදලා. මුහුදු විහාරය, දීඝවාපිය, සෝමාවතිය වැනි අපේ උරුමයන් විවිධ බලවේගයන් විසින් ආක්‍රමණය කරලා. මේවා ගැන කතා කිරීම ජාතිවාදීද?

බෞද්ධ පුරාවස්‌තු රකින්න, සංරක්‌ෂණය කරන්න අපි නීතියෙන් කටයුතු කරනවා. අන්තවාදය වපුරුවන්නේ අපි නොවෙයි. ඒ අයයි. අපි කතා කරන්නේ සිංහල බෞද්ධ අපේ අයිතිය අපේ උරුමය ගැනයි. ඒවා ආරක්‌ෂා කර ගැනීම සඳහායි. ඒවා ගැන කතා කරන්න අපට කාගේවත් අවසර ගන්න ඕනෑ නැහැ.

පුලියද්දේ සුධම්ම, මාගල්කන්දේ ධම්ම කිත්ති, මාගල්කන්දේ සුදන්ත, පස්‌යොදුන් රට උප ප්‍රධාන සංඝනායක කඹුරුපිටියේ සීවක යන හිමියන් වහන්සේලා මෙහිදී අදහස්‌ දැක්‌වූහ.
"සිංහල රාවය" ජාතික සංවිධායක මෑවිල්ලේ පඤ්Æලෝක හිමි

අළුත්ගම - හෙන්රි 
http://www.divaina.com/2013/09/07/news30.html

1 comments:

Amila Chathuranga said...

ඉතිං හාමුදුරුවනේ බුදු හාමුදුරුවොත් කියල තියෙන්න සියල්ල නැසෙන සුලුයි කියල නේද?
එහෙව් එකේ සිංහල ජාතිය විතරක් ලෝකෙ විනාස වෙනකල් ඉතිරි වෙයිද?