13 වන සංශෝධනය දැන් ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත්ව තිබේ. මේ ප්‍රශ්නය මගහැර හෝ එයට උඩින් පැන හෝ යැමට රජයට නොහැකි වී තිබේ. රජය ඒ පිළිබඳව තේරීම් කාරක සභාවක්‌ද පත් කර තිබේ. එහි කාර්ය වී ඇත්තේ 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමය.
කෙසේ හෝ මෙම 13 වන සංශෝධනය පිළිබඳ ආණ්‌ඩුව ඇතුළේ මෙන්ම ආණ්‌ඩුවෙන් පිටතද මත දෙකක් තිබෙන බව කව්රුත් දනිති. ජාතික නිදහස් පෙරමුණත්, හෙළ උරුමයත් මෙයට ඉඳුරා විරුද්ධය. ඒ පක්‍ෂවල ප්‍රමුඛයන් මෙන්ම රජයේ ඇමතිවරුන් ලෙසද සිටින විමල් වීරවංශ හා පාඨලී චම්පික යන මහත්වරු මේ සංශෝධනයට දැඩි විරෝධය පළ කරති. එසේම ඒවා අහෝසි නොකර උතුරේ ඡන්දය පැවැත්වීම අනුමත නොකරන බවද කියති.
මේ අතර ආණ්‌ඩුවේම ඇමැති ධුර උසුලන පැරැණි වමේ නායකයන් වන වාසුදේව, ඩිව් ගුණසේකර, තිස්‌ස විතාරණ මෙන්ම රෙජිනෝල්ඩ් හා රාජිත සේනාරත්න යන ඇමැතිවරු 13 රැකගැනීමට ප්‍රසිද්ධියේ පෙනී සිටින්නෝය. මේ අය කවදත් දැරූ දේශපාලන ස්‌ථාවරය වූයේද බලය බෙදීමය. එනිසා ඔවුන්ගේ ප්‍රතිපත්තිය අලුත් දෙයක්‌ද නොවේ.
කෙසේ හෝ 13 වන සංශෝධනය මෙන්ම ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම මගින් ඇති කරන ලද පළාත් සභා ක්‍රමය පිළිබඳව සාධනීය ලක්‍ෂණවලට වඩා එහි ඇත්තේ නිසරු සංකල්පයක් බව බහුතර මතයයි. මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ ක්‍රියාදාමය ඉතා මැනවින් විස්‌තර කරන ඡේ. එන්. ඩික්‌සිත්ගේ කොළඹ භූමිකාව නිවී සැනසිල්ලේ කියවා බලන කවරකුට වුවද ඉන්දියාව ගැන විවිධ අදහස් මතුවීම ස්‌වාභාවිකය.
ජනාධිපති ජයවර්ධන පාලන සමයේදී උතුරේ ප්‍රශ්නයට නොවරදින බෙහෙත ලෙස ඉදිරිපත් වූ මෙම පළාත් සභා ක්‍රමයට ඡේ. ආර්. අවනත කරවා ගැනීමට දරන ලද ප්‍රයත්නයද එම ග්‍රන්ථයෙන් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්‌වරයා ලෙස ක්‍රියා කරමින් ඉන්දියානු ආධිපත්‍යHයට ශ්‍රී ලංකාව යට කර ගැනීමට ඔහු කැප වූ බවට අදත් චෝදනා නැගෙයි.
ඉන්දියාවට යාපනයේ දෙමළ ජනතාව පිළිබඳ සැබෑ කැක්‌කුමක් තිබුණේද යන්නත් එම ප්‍රශ්නයට ඉන්දියාවේ සංවේදිතාව කෙබඳුද යන්නත් පිළිබඳව අප බොහෝ දෙනකුට තිබෙන්නේ යහපත් අදහසක් නොවේ. ඇත්ත වශයෙන්ම ඉන්දියාවට මෙම ක්‍රියාදාමයේදී මෙහි මූලික පාර්ශ්වකරුවා වූ ප්‍රභාකරන්ව අවනත කර ගැනීමටවත් නොහැකි විය. ඉන්දියාවේ ක්‍රමවේදය වූයේ ප්‍රභාකරන් හුදකලා කරවා ඔහු දුබල කිරීම බවද පෙනුණි. එහෙත් ප්‍රභාකරන්ගේ මුරණ්‌ඩුකම පාලනය කිරීමට රජීව් ගාන්ධිගේ ශක්‌තිය හෝ බුද්ධිය ප්‍රමාණවත් වූයේද නැත.
ඉන්දියාව ඉදිරිපත් කළ යෝජනා අඩංගු ගිවිසුමට
ඡේ. ආර්ගේ අත්සන ලබා ගෙන ඇත්තේ ඔහුගේ අත අඹරවා කරකවා බව මේ පිළිබඳව පළ වූ ප්‍රබලම අදහස විය. සත්තකින්ම එහි අර්ථයක් තිබේ. මන්ද යත්, මෙම ගිවිසුම අත්සන් කළහොත් ඡේ. ආර්. ට ජනාධිපති ධුරයත් අහිමි වී ඔහු සතු බලයද නැති වන බවට සැකයක් ඡේ. ආර්. ජයවර්ධන මහත්මිය තුළ ද තිබී ඇත. එබඳු බියක් ඇති කර ගත යුතු නැති බවට ඉන්දියාව වෙනුවෙන් ඩික්‌සිත් මහතා සහතික වී ඇත.
ඉන්දියාව යාපනයේ සිටි ප්‍රභාකරන් පමණක් නොව එකල තමිල්නාඩුවේ මහ ඇමැතිව සිටි ඇම්. ජී. රාමචන්ද්‍රන් පවා දිල්ලියට කැඳවා සාකච්ඡා කර ඇත. එහෙත් ප්‍රභාකරන් එම ගිවිසුම පිළිගැනීමට බැරි බව සෘජුවම කියා තිබිණි. එහෙත් රජීව් ගාන්ධි ප්‍රභාකරන්ට බලකර සිටියේ ගිවිසුම පිළිගන්නේ නැති වුවත් අවි බිම තබා සටන් විරාමය තහවුරු කරන ලෙසය.
ඇත්ත වශයෙන්ම ඉන්දියාව නිතරම එල්. ටී. ටී. ඊ. සංවිධානයට පක්‍ෂපාතී වී ඇත. කෙසේ හෝ ඒ අතට මේ අතට දෝලනය වෙමින් තිබුණු ගිවිසුම අත්සන් කර ගැනීමට ඉන්දියාව උපක්‍රමශීලි විය. එමතු නොව ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර ඒකාබද්ධ කරවීමටත් දෙමළ වාසභූමි ලෙස ඒ ප්‍රදේශ පිළිගැනීමටත් යෝජනා කරන ලද්දේත් ඉන්දියාව විසින්මය. ප්‍රභාකරන්ගේ ස්‌ථාවරය වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ නියෝජනය තමන්ට පමණක් තිබිය යුතු බවය.
මෙම සාකච්ඡා අවසන් වන්නටත් පෙර ඉන්දියාව ප්‍රභාකරන්ට රුපියල් කෝටි තුනත් පහත් අතර ප්‍රමාණයක් ගෙවා ඇති බවද කියති. ඉන්දීය රජයේ අදාළ ආයතන ඔස්‌සේ එම මුදල් ලබා දී ඇති බවද ඩික්‌සිත් කියා ඇත. මේ ගනුදෙනුව පසුව ඉන්දීය ජනමාධ්‍යවලද විවේචනයට ලක්‌ව තිබේ. එපමණක් නොව ඉන්දියාව තම අභිමතය පරිදි උතුරට ගුවන් මගින් වියළි ආහාර හෙළීමද බරපතළ සිද්ධියක් විය.
ඉන්දියාවේ ක්‍රියාදාමය පිළිබඳ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මැනවින් වටහා ගෙන තිබුණු බව පෙනුණි. ඇය ගාන්ධි හා ඡේ. ආර් ගේ වැඩපිළිවෙළට විරුද්ධ වූ අතර ඡේ. ආර්ගේ අරමුණ නොකඩවාම එජාප රජයක් පවත්වාගෙන යැම බවද කියා සිටියාය. පළාත් සභා මැතිවරණයටද ඇය එකඟ නොවූවාය.
කෙසේ හෝ ඉන්දු - ලංකා ගිවිසුම මගින් බලහත්කාරයෙන් මේ රටට පැට වූ පළාත් සභා ක්‍රමය ප්‍රායෝගික නොවූ අද කියන ආකාරයටම "සුදු අලියෙකි. අපට මේ සුදු අලියාට මෙන්ම එල්. ටී. ටී. ඊ. නායකයාටද ප්‍රසිද්ධියේ එරෙහි වී නැගී සිටීමට එදාත් ශක්‌තියක් තිබුණි. අද දේශපාලනයේ සිටින සමහර අයද එදා අපට ජාතිවාදී හංවඩුව ගැසූහ.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරාජය කර මේ රට එකට තබා ගැනීම උදෙසා දිවයින හා අයිලන්ඩ් පුවත්පත් විසින් කරන ලද මෙහෙවර ඉතිහාසයේ සටහන්ව තිබේ. ප්‍රභාකරන් වනසා දැමීමට මේ රටේ ජනතාව නැංවූ හඬ සමාජගත කරමින් ඒ කාර්ය සඳහා මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ රාජපක්‍ෂවරුන්ද ඒ රජයද යොමු වීම අපි එදාත් අගය කළෙමු. අදත් අගයමු.
මහින්ද රාජපක්‍ෂ යනු දෙවන ජාතික නිදහස දිනා දුන් වීරයා බව අපි එකහෙලා කියන්නෙමු. අද රාජපක්‍ෂවරුන් දඬුකඳේ ගසන්නට බටහිරට වුවමනාවී තිබෙන්නේ ද ප්‍රභාකරන් වැනසූ වාඩුව ගැනීම සඳහාය. රාජපක්‍ෂවරුන්ගේ ඓතිහාසික විජයග්‍රහණය සමග යළි මුළුගැන්වුණු විජාතික හා ජාතික දුෂ්ට බලවේග හිස ඔසවන්නට වූ අයුරුද අපි දනිමු.
දැන් ඉන්දු ලංකා ගිවිසුමේ මැවුම්කරුවෝද නොවෙති. රජීව් ගාන්ධිට ප්‍රභාකරන් දැක්‌වූ ගෞරවය ඉන්දියාවට පාඩමකි. ප්‍රභාකරන් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ බලවත් චරිත කීපයක්‌ම විනාශ කළ වගද අප සිහිපත් කළ යුතුය. එවක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාට ජීවිතය බේරා ගත හැකි වූයේද නූලෙන්ය. මේ සියල්ල එකම දුෂ්ට ක්‍රිsයාදාමයක සිදුවීම් පෙළකි.අප 13 දෙස බැලිය යුත්තේ ඒ පසුබිම තුළ සිටය. පළාත් සභාවලට පොලිස් බලතල හා ඉඩම් බලතල ලබාදීමෙන් හිමිවන සුවිශේෂත්වය කුමක්‌ද? ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෑතකදී ජනමාධ්‍ය ප්‍රධානීන් අමතා කියා සිටියේ එබඳු පොලිස් බලතල පළාත් සභාවලට තිබුණි නම් තමන්ට කොළඹින් පිටතට යැමද ප්‍රශ්නයක් විය හැකි බවය. ඒ කතාව සහතික ඇත්තය.
ඉතා සරලව කිවහොත් බස්‌නාහිරට වෙනම පොලිසියක් ලබාදීම ප්‍රායෝගික නොවේ. දකුණ, වයඹ ඇතුළු අනෙක් පළාත් සභාවලටද එබඳු බලයක් නැතිව වැඩ කිරීමට බාධාවක්‌ද වී නැත. එහෙත් උතුරට නැගෙනහිරටත් බලයම ඉල්ලා සිටිති. කාටද? කා වෙනුවෙන්ද? උතුරේ දෙමළ ජනතාවට අද වුවමනා එයද?
උතුරට පළාත් සභා ලබා ගත් වර්ධරාජා පෙරුමාල් කළ නරක විහිලුව සාර්ථක වූවානම් සිදුවන්නේ කුමක්‌ද? අපි යළිත් අත්හදා බලමුද? ඒ වළේ යළිත් නොවැටෙන ලෙස ඉතිහාසය අපට කියා සිටියි. න්‍යාය හා භාවිතය වෙන වෙනම තේරුම් ගත යුත්තකි. ජ. වි. පෙ. නිර්මාතෘ රෝහණ විඡේවීර කීවේද න්‍යාය හොන්ඩරයකට වඩා භාවිතය අවුන්සයක් වැදගත් බවය.
තතු මෙසේ හෙයින් මේ සංකීර්ණ අර්බුදය අවස්‌ථාවාදීන්ට හෝ න්‍යායවාදීන්ට ඉල්ලමක් කර ගැනීමට ඉඩ නොදිය යුතුය. සිංහල දෙමළ මෙන්ම මුස්‌ලිම් අද සියලු කොටස්‌වලට බියෙන් තොරවද ස්‌වීය අනන්‍යතාව රැක ගනිමින්ද ජීවත්වීමට සුදුසු පතිරූප දේශපාලන දේශයක් නිර්මාණය කර දීම අද තිබෙන ජාතික වගකීම බව සියල්ලෝම තේරුම් ගත යුතු වෙති. ඒ සඳහා ප්‍රඥව පහළ වේවා! ඊළාම් හොල්මන් දූරීභූත වී යේවා. රටට සාමය, සමගිය චිර ජීවනය උදාවේවා!
http://www.divaina.com/2013/06/30/editorial.html

0 comments:
Post a Comment