Pages

Wednesday, July 3, 2013

මුස්‌ලිම් කොංග්‍රස්‌ විරෝධයෙන් ආණ්‌ඩුව අසීරුතාවක

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ විරෝධය නිසා පළාත් සභා බලතල සංශෝධනය කිරීමේ යෝජනාව නැගෙනහිර පළාත් සභාවේ සම්මත කර ගැනීමට අසීරුවීම හේතුවෙන් ආණ්‌ඩුව දැඩි අසීරුතාවකට පත්ව ඇත.

මේ වන විට මෙම යෝජනාවට දකුණ, වයඹ, ඌව, සබරගමුව, උතුරු මැද යන පළාත් සභාවල අනුමැතිය හිමි වී ඇත.

ඉදිරි දිනවලදී බස්‌නාහිර, මධ්‍යම හා නැගෙනහිර පළාත් සභාවල අනුමැතිය ලබාගැනීමටත් උතුරු පළාත් සභාව වෙනුවෙන් එහි ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය ලබාගැනීමටත් ආණ්‌ඩුව සැලසුම් කර ඇත.

එහෙත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පළාත් සභා බලතල සංශෝධනය නොවිය යුතු බවට දැඩි මතයක එළඹ සිටීම නිසා නැගෙනහිර පළාත් සභාවේදී මෙම යෝජනාව පරාජයට පත්වීමේ ඉඩක්‌ පවතින බවට ආණ්‌ඩුවට දැනගන්නට ලැබී තිබේ.

නැගෙනහිර පළාත් එජනිසයට මන්ත්‍රී ධුර 15 ක්‌ හා මුස්‌ලිම් කොංග්‍රසයට 07 ක්‌ හිමිය. එහෙත් විපක්‍ෂය වන දෙමළ ජාතික සංධානයට හා එජාපයට මන්ත්‍රී ධුර 17 ක්‌ හිමිය. එජනිසයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 15 දෙනාගෙන් ද සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඇතුළු දෙමළ හා මුස්‌ලිම් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු යෝජනාවට විරුද්ධත්වය පළ කර ඇති බැවින් පළාත් සභාවේ යෝජනාව පරාජය වීමේ දැඩි අර්බුදයකට ආණ්‌ඩුව මුහුණපා තිබේ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/06/30/news07.html

0 comments: