යෝජිත පළාත් සභා සංශෝධන යෝජනා කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමේ අවදානම හේතුවෙන් කෙටුම්පත සම්මත කර ගැනීම තවදුරටත් කල් තැබීමට ආණ්‌ඩුවේ අවධානය යොමු වී ඇත.
ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, කොමියුනිස්‌ට් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා තවත් පක්‍ෂ කිහිපයක් යෝජනාවට විරුද්ධ වීමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම මන්ත්‍රීවරුන් කිsහිපදෙනකු විරෝධය පළකිරීම නිසාත් කෙටුම්පතට විරුද්ධව ආණ්‌ඩුවේම මන්ත්‍රීවරුන් 20 දෙනකුට ආසන්න ප්‍රමාණයකගේ ඡන්ද නොලැබෙනු ඇතැයි වාර්තා වී තිබේ.
මේ නිසා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම කල් තැබීමට ආණ්‌ඩුවේ අදහසක් ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.
ආණ්‌ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 167 ක් හිමිව ඇති අතර තුනෙන් දෙකක බහුතරය ලබාගැනීමට ඡන්ද 150 ක් ලබාගත යුතු වෙයි.
පනත් කෙටුම්පත සම්මත කිරීම කල් තැබුවද උතුරු පළාත් සභා මැතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය ලබන 05 වැනිදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/06/30/news08.html

0 comments:
Post a Comment