දෙමළ හා මුස්‌ලිම් සාමාන්‍ය ජනතාවට වුවමනා නිදහසේ මේ මාතෘ භූමිය තළ සියළු ජන කොටස් සමග සහජීවනයෙන් ජීවත් වන්නටයි. එහෙත් ඔවුන් මෙහෙයවීමට ඇතැම් බලලෝභී අන්තවාදී දේශපාලකයන් ප්‍රයත්න දරන්නට පුළුවන. පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දුන්නොත් පැහැදිලිව උතුර හා නැගෙනහිර සිංහලයන්ට මෙන්ම සියළු ජනකොටස් වලටද අවදානම් තත්ත්වයක් අනාගතයේ මතුවනු නියතය.
උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල දීම ගැන මහ නාහිමිවරුන්ගේ හා බෞද්ධ සංවිධානවල විරෝධය මේ වන විට ඉදිරිපත් කර ඇත. එය නොසලකා කටයුතු කිරීම රජයට දේශපාලන වශයෙන් හිතකර නැත. රජය ඉහත කී කණ්‌ඩායම්වලට නැඹුරු වනවාද? නැතිනම් සිවිල් සමාජයේ බලය උසුලන කණ්‌ඩායම්වල මතයට අවනත වනවා ද? යන්න තීරණය කළ යුතුය. පළාත් සභා වෙනුවට ඒකාබද්ධ වීමේ බලයක් නොමැති දිස්‌ත්‍රික් සභා පිහිටුවීමෙන් දේශපාලන බලය බෙදිය යුතුය. එමෙන්ම බලය බෙදීම ජනවර්ග පදනමින් ක්‍රියාත්මක නොවිය යුතු ය යන්න එදත්, අදත් මහ නාහිමිවරුන්ගේ මතයයි.
තිස් වසරක් තිස්‌සේ අපේ මාතෘ භූමිය තුළ අවි බලයෙන් දියත් කළ බෙදුම්වාදය මර්දනය කිරීම පිළිබඳව ලක්‌වැසි සැමගේ ප්‍රණාමය වත්මන් රජයට හිsමිවිය යුතු බවට කිසිදු විවාදයක් නොමැත. රට ඇතුළත පැවැති ත්‍රස්‌තවාදී සටන නිමා කිරීමට වත්මන් රජයට හැකි වුවත්, ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක බෙදුම්වාදී යුද්ධය නිමා කිරීමට තවමත් හැකියාව ලැබී නැත. නොයෙකුත් ව්‍යාපෘති ඔස්‌සේ කොටි ත්‍රස්‌තවාදයට අනුබල දුන් රටවල් අවනත කර ගැනීමට අපේ ආණ්‌ඩුව සමත් වී නැත. විදෙස්‌ගත දෙමළ බෙදුම්වාදීන්ට හා රට තුළ සිටින දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයන්ට ක්‍රියාකාරී ශක්‌තිය ලබා දෙනු ලබන්aනේ එම රටවල් විසිනි. ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්‌කෘතික ආක්‍රමණයක නිරතව සිටින ධනවාදී රටවල් එසේ කරන්නේ තමන්ගේ අරමුණු කිසිසේත් අත් නොහරින බැවිනි.
සාමය ගැන මතුපිටින් කතා කළත්, ආක්‍රමණකාරී එම රටවල් අපේ රට තුළ සාමයක් බලාපොරොත්තු වන්නේ නැත. සාමයේ මුවාවෙන් කරන්නේ රට තුළ යුද ගිනි ඇවිලවීමයි. ත්‍රස්‌තවාදය නිමා වුවත් දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකර දීමට හා උතුරු පළාත් සභාව පිහිටුවීම සඳහා අපේ ආණ්‌ඩුවට දැඩි බලපෑම් කරන්නේ එම අරමුණ ඇතිවයි. සිංහල, දෙමළ, මුස්‌ලිම් හා බර්ගර් වශයෙන් සියලු දෙනාම එකට බැඳ තබන ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කරන අතර, දෙමළ හා මුස්‌ලිම් ජනයාට ජනවාර්ගික වශයෙන් වෙන්ව කටයුතු කිරීමට හැකි නීති රීති, නිජභූමි හා ස්‌වයං පාලන අයිතියක් ලබා දීමේ සටන බටහිර රටවල් නොකඩවා ක්‍රියාත්මක කරගෙන යයි. ජාත්‍යන්තරයේ වුවමනාවන් හමුවේ හිස නොනමන ලෙස භික්‍ෂූන් හා දේශප්‍රේමී සිංහල ජනයා රජයට බල කරන්නේ මෙම තත්ත්වය තේරුම් ගත් නිසයි.
මෙතෙක් පැවැති ආණ්‌ඩුවලට වඩා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජය රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් යම් තරමකට රටේ බහුතරයේ හඬට අවනත බවක් දක්‌නට ඇත. එහෙත් එම ස්‌ථාවරය දිගටම තබා ගැනීමට හැකිවේද යන්න කිව නොහැක. එයට ප්‍රධාන හේතු කීපයක් ඇත. පළමුවන කාරණය රටේ ආර්ථිකය විදේශාධාර හා ණය මත ර¹ පැවැතීමයි. දෙවැන්න කොටි ත්‍රස්‌තවාදය පැවැති සමයේ ජාත්‍යන්තර එන්.ජී.ඕ. සල්ලිවලට ඊනියා සාම පා ගමන් ගිය, කොටින්ට පක්‍ෂපාත කම් දැක්‌වූ නරුම දේශපාලකයන් හා ජන බලයක් නොමැති වාමාංශිකයන් පිsරිසක් රජය තුළ සිටිමින් ජනාධිපතිවරයා ප්‍රධාන රජයට බලපෑම් එල්ල කිරීමයි. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් මෙහෙයවන විට එය දිරිමත් කළ සිංහල ජනතාවට අන්තවාදී, ජාතිවාදී ලේබලය ඇලවූ එකී කණ්‌ඩායම සටන ජය ගත් පසු යුද මානුෂීය ජයග්‍රහණයේ කොටස්‌කරුවන් ලෙස පෙනී සිටියහ. ඉදිරියේදී 13 වැනි ව්‍යවස්‌ථාව අනුව උතුරු පළාත් සභාව පිහිටුවීමේදී ඉඩම් හා පොලිස් බලතල ලබාදීම නිසා මතුවන අර්බුද ගැන කතා කරන භික්‍ෂූන්, දේශ හිතෛෂී පිරිස් හා මධ්‍යස්‌ථ මතධාරී විද්වතුන් ජාතිවාදීන් හා අන්තවාදීන් ලෙස හංවඩු ගසන්නට නැවතත් ඔවුහු ඉදිරිපත්ව සිටිති.
රටට සාමය උදා කර ගැනීම සඳහා අවධානය යොමුකළ යුතු කාරණා සිංහල හා බෞද්ධ සමාජයේ වගකීම් දරන භික්‍ෂූන් විසින් ත්‍රස්‌තවාදී ගැටුම් පැවති සමයේ සිටම වරින් වර පෙන්වා දෙනු ලැබිණ. රටට හානිකර දෙයක් වෙයි නම්, භික්‍ෂූන් ඇතුළු රටවැසියන් එයට එරෙහි වීම රජයකට හෝ ජනවර්ගයකට දක්‌වන විරෝධයක් නොව, මාතෘභූමියේ ආරක්‍ෂාව සඳහා ගන්නා පියවරකි. එය කිසියම් ජන වර්ගයකට එරෙහිව සිදුකරන්නක් ලෙස අර්ථ ගැන්වීම ෙද්‍රdaහී ක්‍රියාවකි. රටේ ඒකීයත්වය සඳහා භික්‍ෂූන් ප්‍රමුඛ සිංහලයන් නඟන හඬ නොසලකා හරින ස්‌වරූපයක් පසුගිය කාල පරිච්ඡේදය පුරා අපේ පාලකයන් තුළ දකින්නට ලැබිණි. එය යම් පමණකට වෙනස් වුණේ වර්තමාන පාලනය යටතේ ය.
ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ රජය 1984 වසරේ වටමේස සාකච්ඡාව ඇරඹුවේ ද්‍රවිඩ සංවිධාන පහක් පමණක් සම්බන්ධ කරගෙනය. සිංහල සංවිධානවලට හා අපේ මහ නාහිමිවරුන්ට එයට සහභාගි වීමට අවස්‌ථාව ලැබුණේ සිංහල ජනයා කොන් කිරීම අසාධාරණයක් බව පෙන්වා දීමෙන් අනතුරුවයි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේ හිතුවක්‌කාර අයුරිනි. ඒ නිසා එය විශාල විනාශයකට තුඩු දුනි. බාහිර බලවේග තමන්ගේ වුවමනාවන් අනුව අපේ රටේ අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීරණවලට මධ්‍යස්‌ථ මතධාරී සිංහල, දෙමළ, මුස්‌ලිම් යන කුමන කණ්‌ඩායමක්‌වත් කැමැති වන්නේ නැත. එයට කැමැති වන්නේ බලලෝභී පටු අරමුණු ඇති පිරිස් පමණි. ඉතිහාසය පුරාම සිදුවූයේ එයයි.
1995 අගෝස්‌තු 03 වැනි දින එවක ජනාධිපතිතුමිය විසින් බලය බෙදාහැරීම පිළිබඳ යෝජනාවලිය ඉදිරිපත් කරන ලද්දේ මහා සංඝරත්නයේ අදහස් නොසලකා හරිමිනි. අස්‌ගිරි මහ නාහිමියන් ඒ ගැන පැවසුවේ සිංහලයන් වහලුන් නොකරන්න, අනාගත පරම්පරාවට ද ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතීමට අවශ්‍ය පියවර ගන්න යනුවෙනි. ශ්‍රී ලංකාවේ පෞරාණික, විශිෂ්ටත්වය, සිංහල බෞද්ධ ජනතාවගේ උරුමය, ජ්‍යෙෂ්ඨත්වය හා අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් අන්‍ය සියලු ලාංකිකයන්ට සාධාරණත්වය ඉටුවන ලෙස සමගි සම්පන්න දේශයක් ගොඩනගන්න යනු මල්වතු මහ නාහිමියන්ගේ ඉල්ලීමයි. (දිවයින 1995 පෙබරවාරි 04) දේශපාලන යෝජනාවලිය ඉදිරිපත් කරන්නට පෙර 1995 ජුලි 25 දින විශේෂ අවධානය යොමු කළ යුතු හා 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වෙනස් නොකළ යුතු කාරණා පිළිබඳව සඳහන් කර මහ නාහිමිවරුන් හිටපු ජනාධිපතිනියට ලිපියක් යවා ඇත. 1 රජය, 2 ඒකීය රාජ්‍යය 3 ජනතාවගේ පරමාධිපත්‍යය, 4 පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම, 5 ජනරජයට අයත් දේශය, 6 ජාතික කොඩිය, 7 ජාතික ගීය, 8 ජාතික දිනය සම්බන්ධයෙන් අහිතකර බලපෑම් ඇති කරන තීරණ නොගන්න යනු එහි දැක්‌වේ.
හිටපු ජනාධිපතිතුමිය ඒ ඉල්ලීම් ගැන සැලකිල්ලක් නොදක්‌වා කුමන බාධක ආවත් දේශපාලන විසඳුමක් දෙන බව කියමින් කටයුතු කළාය. එම යෝජනාවලිය අසාර්ථක වුණි. අතිගරු මහ නාහිමිවරුන්ගේ අදහස් නොවිමසා 2000 අගෝස්‌තු මස එතුමිය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් ඉදිරිපත් කරමින් නැවතත් මුල් වැරැද්ද ම කළාය. ව්‍යවස්‌ථාව පරදවන්නට පාරේ මැරී වැටෙන තුරු විරෝධය පානවා යෑයි අතිගරු මල්වතු මහනාහිමියෝ පැවසූහ. එම ව්‍යවස්‌ථාවේ මුල් පිටපතේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමේ වගන්තිය ද ගිලිහී තිබිණි. භික්‍ෂූන්ට නිෂේධ බලයක් නැතැයි ඇතැම් ඇමැතිවරුන් එදා පාරම්බෑවත් භික්‍ෂූන්ගේ විරෝධය මැද යෝජිත ව්‍යවස්‌ථාව අකුලා ගන්නට සිදුවිය. මුලින් එයට එකඟව සිටි එක්‌සත් ජාතික පක්‍ෂය අවස්‌ථානුකූලව භික්‍ෂූන්ගේ මතයට එකඟව පාර්ලිමේන්තුවේදී ව්‍යවස්‌ථාව ගිනි තැබුවේය. මෙයින් තහවුරු වන්නේ රටේ ඒකීයත්වය හා සාමය සම්බන්ධ කාරණාවලදී භික්‍ෂූන්ගේ මතයට ඇහුම්කන් දිය යුතු බවයි.
1984 වටමේස සාකච්ඡාවේදී දමිළයන්ගේ පමණක් නොව සියලුම ජාතීන්ගේ දුක් ගැනවිලි විසඳිය යුතුය. යනුවෙන් සඳහන් කිරීම ගැන ඒ. අමිර්තලිංගම් මහතා තදින්ම විරුද්ධ විය. අතිගරු පලිපාන ශ්‍රී චන්දානන්ද නාහිමි, මඩිහේ පCඳ්C¹සීහ නාහිමි, වල්පොල රාහුල හිමි ඇතුළු නාහිමිවරු සිංහලයන්ට සිදු වී ඇති අසාධාරණකම් පෙන්වමින් ඔවුන්ගේ දුක්‌ගැනවිලි ඉදිරිපත් කළහ. මුඩුබිම් පනත යටතේ කඳුකරයේ සිංහලයන්ට අතීතයේ සිදු වූ අසාධාරණකම් ද පෙන්වා දුන්හ. දකුණේ තරුණයන් දෙවතාවක් ම නැඟී සිටියේ තමන්ට සිදුවන අසාධාරණකම් නිසාය. එය ඉදිරියට නැවතත් සිදුවන්නට බැරි නැත. සාමය සඳහා විසඳුම් සෙවීමේදී දෙමළ ජනවර්ගය ගැන පමණක් සිතීම වැරදි ය. ලෝකයේ අනිත් නිදහස් ස්‌වාධීන ජනරජවලට මෙන් අපටත් ආත්ම ගෞරවයක්, උදාරත්වයක් තිබේ. මොනම විදේශ බලයකටවත් අප බිය ගැන්විය නොහැක. ආත්ම ගෞරවයෙන් යුක්‌තව මිය යැමට අපිත් සූදානම් ය. පරාධීනව ජීවත්වනවාට වඩා යුද්ධයෙහිදී මියයැම උතුම් යෑයි නාහිමිවරු පෙන්වා දුන්හ. එවිට අමිර්තලිංගම් මහතා මේ නාකි මහණුන් කියන්නේ මොනවා ද? දෙමළ අයගේ ප්‍රශ්න ගැන පමණක් මෙතැන කතා කිරීම ප්‍රමාණවත් යෑයි දැඩි කෝපයෙන් අතිගරු මහනාහිමියන්ට බැණ වැදුණි. එයට විරෝධය පළ කරමින් දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ඊරියගොල්ල මහතා ඇතුළු බෞද්ධ නියෝජිතයෝ වටමේසයෙන් පිටවූහ.
දිස්‌ත්‍රික් සංවර්ධන සභාවලට රාජ්‍ය සභා යන නම යොදා කැමැති නම් එක්‌වීමේ බලය සහිතව බලය බෙදීමට එක්‌සත් ජාතික පක්‍ෂය වටමේස සාකච්ඡාවේදී යෝජනා කර ඇත. රාජ්‍ය සභා යන නම බරපතළ වැඩියි. ඒ නිසා ජාතික මට්‌ටමෙන් වෙන් කිරීම සඳහා උප රාජ්‍ය සභා යන වචනය යොදා දිස්‌ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යටතේ බලය බෙදන්න. ඒවාට දෙන බලතල සාකච්ඡාවට භාජන විය යුතුය. යනු අතිගරු මහනාහිමිවරුන් විසින් ඒ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවයි. ඒකීය රාජ්‍යයෙන් බිම් අඟලක්‌වත් බෙදා වෙන්කර ස්‌වයං පාලනය සඳහා කිසියම් පිරිසකට දෙනවාට අප කැමැති නැතැයි අතිගරු මහනාහිමිවරුන් දැඩි ලෙස අවධාරණය කර ඇත. මහ නාහිමිවරුන් ඇතුළු බහුතර ජනයා අදත් දරන මතය එයයි.
රටේ ආන්දෝලනයක් ඇතිවීම වැළැක්‌වීම සඳහා රාජ්‍ය නායකයෝ වරින් වර අතිගරු මහ නාහිමිවරුන් බැහැදැක රටේ තත්ත්වය හා ඉදිරි සැලසුම් පැහැදිලි කරති. එහෙත් උන්වහන්සේලා ඒ අවස්‌ථාවලදී පවසන අදහස් නිසි ලෙස ජනතාව අතරට යන්නේ නැත. සුනාමි ඒකාබද්ධ යාන්ත්‍රණය යන නමින් පළමුවෙන් හඳුන්වා එහි ගොරහැඬි බව අඩු කරමින් පසුව සුනාමි සහන මණ්‌ඩලය යන මටසිළුටු නමකින් සැකසුණ ලියවිල්ල මගින් අපේ මව්බිමේ උතුරු හා නැගෙනහිර පළාතෙන් කිලෝ මීටර් දෙකක තීරුවක් වෙන්කර දුන්නේ භික්‍ෂූන් ඇතුළු බහුතර ජනතාවගේ විරෝධය නොතකමිනි. රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් උතුරු හා නැගෙනහිර මුහුදු තීරයේ වැදගත්කම, සුනාමියෙන් විපතට පත් වූ ප්‍රදේශයේ ජනවාර්ගික සංයුතිය, බෙදුම්වාදීන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි භූමි ප්‍රමාණය සහ සංවර්ධනය සඳහා ඔවුන්ට පවරා දුන් භූමි ප්‍රමාණය හා බලතල ආදිය ගැන සලකා බලන විට මුළු රටම රවටමින් සුනාමි සහන මණ්‌ඩලය නමැති සටකපට රහස් ලියවිල්ල මගින් හිටපු ජනාධිපතිනිය අපේ මවුබිමෙන් කොටසක් ත්‍රස්‌තවාදීන්ට පාවාදුන් බව අප අමතක නොකළ යුතුය. බලලෝභී වාචාල දේශපාලකයන් කට මැත දෙඩුවත් රටට ජාතියට හා බුදුදහමට හානියක් වනු දැක භික්‍ෂූන් ඇතුළු සිංහල ජනයා එයට එරෙහිව නැඟී සිටියේ මතු සිදුවන විනාශය දැකීමෙනි.
1987 ඉන්දු - ලංකා ගිවිසුම මගින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් දෙමළ හා මුස්‌ලිම් ජනයා අතර ද භේද ඇතිවිණි. ජීවිත බේරා ගැනීමට පලා යන මුස්‌ලිම්වරුන්ගේ ඉඩම් ත්‍රස්‌තවාදීන් අත්පත් කර ගැනීමත්, ඔවුන්ගේ කුඹුරු සඳහා ත්‍රස්‌තවාදීන් කප්පම් ගැනීමත් නිසා මුස්‌ලිම්වරු කෝප වූහ. උතුර - නැගෙනහිර දෙමළ වාසභූමි ගැන පමණක් සඳහන් කිරීම මුස්‌ලිම්වරුන් සැලකුවේ තමන්ට සිදුකළ අසාධාරණයක් වශයෙනි. උතුරු හා නැගෙනහිර පුනරුත්ථාපන කටයුතු භාරගත් මුස්‌ලිම් දේශපාලකයන් තමන්ගේ පිරිසට පමණක් අනුග්‍රහ දැක්‌වීම දෙමළ ජනයාගේ නොසතුටට හේතුවුණි. මේ අමනාපකම් නැතිකර ගන්නට සිතූ කොටි සංවිධානය 1988 මුස්‌ලිම් එක්‌සත් විමුක්‌ති පෙරමුණ සමඟ සාකච්ඡාවක් පවත්වා ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුමේ වගන්ති සකස්‌කර ඇත්තේ අන්තගාමී අයිතිවාසිකම් පිළිගනිමිනි.
ඇතැම් අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයන් එදා බොහෝ විට උත්සාහ කළේ උතුර - නැගෙනහිර පළාත්වල ජනතාව කුපිත කොට ඡන්ද පදනමක් සකස් කර ගැනීමටයි. දෙමළ හා මුස්‌ලිම් සාමාන්‍ය ජනතාවට වුවමනා නිදහසේ මේ මාතෘ භූමිය තළ සියළු ජන කොටස් සමග සහජීවනයෙන් ජීවත් වන්නටයි. එහෙත් ඔවුන් මෙහෙයවීමට ඇතැම් බලලෝභී දේශපාලකයන් ප්‍රයත්න දරන්නට පුළුවන. පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දුන්නොත් පැහැදිලිව උතුර හා නැගෙනහිර සිංහලයන්ට අවදානම් තත්ත්වයක් අනාගතයේ මතුවනු නියතය. ඊනියා සාම ගිවිසුම යටතේ උතුරේÊසංචාරය කළ ජනතාවගෙන් බදු අය කළ හැටි මතක ඇත. අවසරයකින් තොරව ඒ ප්‍රදේශවලට ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත. වෙනම රාජ්‍යයකට පාර කැපෙන අර්බුදකාරී තත්ත්වයන්ට සාමය කැමැති කවුරුත් එරෙහි විය යුතුය.
උතුරේ පළාත් සභාව පිහිටුවීමේ ක්‍රියාදාමය දැන් දියත් වී ඇත. පළාත් සභා යටතේ ඉඩම් හා පොලිස් බලතල දීමෙන් සිදුවන හානිය පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයන් මේ වන විට ඉදිරිපත් වී තිබේ. රට පුරා කළු කොඩි ඔසවා අරගල කරද්දී, බලහත්කාරයෙන් අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමෙන් අද ඉතිරිව තිබෙන්නේ 13 වන ව්‍යවස්‌ථාවේ සඳහන් පළාත් සභා පමණි.
උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල දීම ගැන මහ නාහිමිවරුන්ගේ හා බෞද්ධ සංවිධානවල විරෝධය මේ වන විට ඉදිරිපත් කර ඇත. එය නොසලකා කටයුතු කිරීම රජයට දේශපාලන වශයෙන් හිතකර නැත. රජය ඉහත කී කණ්‌ඩායම්වලට නැඹුරු වනවාද? නැතිනම් සිවිල් සමාජයේ බලය උසුලන කණ්‌ඩායම්වල මතයට අවනත වනවා ද? යන්න තීරණය කළ යුතුය. පළාත් සභා වෙනුවට ඒකාබද්ධ වීමේ බලයක් නොමැති දිස්‌ත්‍රික් සභා පිහිටුවීමෙන් දේශපාලන බලය බෙදිය යුතුය. එමෙන්ම බලය බෙදීම ජනවර්ග පදනමින් ක්‍රියාත්මක නොවිය යුතු ය යන්න එදත්, අදත් මහ නාහිමිවරුන්ගේ මතයයි. මුලදීම විරුද්ධ වූ පළාත් පළාත් සභා ක්‍රමය වෙනුවට ග්‍රාම රාජ්‍ය හෝ ඉන්දියානු පංචායත් ක්‍රමය යටතේ බලය බෙදීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුය.
මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
http://www.divaina.com/2013/07/09/feature01.html

0 comments:
Post a Comment