Pages

Wednesday, July 10, 2013

බුද්ධගයාව බේරාගනිව්

පහසුම තැන්වලට සොරෙන්ම බෝම්බ තැබීම, නිරායුධ අහිංසක මිනිසුන් දිගට හරහට ඝාතනය කිරීම වැනි ජඩ ව්‍රතයන් නිසා අද දින ත්‍රස්‌තවාදය හ\qන්වනු ලබන්නේ උමතු කැනහිළුන්ගේ ක්‍රියාවක්‌ වශයෙනි. 18 වන ශත වර්ෂයේ අගභාගය තරමේ ත්‍රස්‌තවාදය ලොවට හඳුන්වාදුන් අරාජකවාදීන් ත්‍රස්‌තවාදයෙන් බලාපොරොත්තු වූ, සමාජය සංත්‍රාස ගැන්වීමට අමතරව වර්තමාන ත්‍රස්‌තවාදියෝ තම ක්‍රියාවන් මගින් මහත් ජඩකමක්‌ සහ පිළිකුලක්‌ද නිෂ්පාදනය කරන්නෝය. මුළු ලෝකයම වෙලාගත් මුස්‌ලිම් මූලධර්මවාදී ත්‍රස්‌තවාදයන් ඊට එක්‌ නිදසුනක්‌ පමණි. අනෙක්‌ ප්‍රධානතම නිදර්ශනය සපයන්නේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය විසින් වේ.

සමස්‌ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම පූජනීයත්වයටද, ගෞරව - ආදරයටද පාත්‍ර වූ ඉන්දියාවේ බුද්ධගයා මහා විහාරයට බෝම්බ ගැසූවන් මුජහඩීන්වරුන් යෑයි කියෑවෙයි. මුජහඩීන්වරුන් යනු ඇµaගනිස්‌ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවන් විනාශ කළ තලේබාන්වරුන්ගේම බාප්පලාගේ පුතාලාය. මහජන සන්නිපාතයක්‌ද සමඟ නිව්යෝර්ක්‌ නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය බිමට සමතලා කළ අල්කයිදා ත්‍රස්‌තවාදීන්ගේ මාමලාගේ පුතාලාය. මුම්බායි නුවරට පැන අහිංසක මිනිසුන් සිය ගණනක්‌ ඝාතනය කළ ලක්‌ෂා ඊ තායිබාවරුන් ගේ මස්‌සිනාලාය. කවර නම්වලින් හඳුන්වනු ලැබූවද, කවර ඇඳුම්වලින් සරසනු ලැබූවද අන්තිම පාහරම වර්ගයේ ත්‍රස්‌තවාදීන් වන මොවුන් සියල්ලන්ගේම අරමුණ ශිෂ්ටාචාරය විනාශ කිරීමය. ඉන්පසු උන් කැමැති විදිහේ අශිෂ්ටාචාරයක්‌ ගොඩනැඟීමය.

අප මෙන් ත්‍රස්‌තවාදයක්‌ මුළුමනින්ම විනාශ කරනු නොහැකි වුවද ඉන්දියාව වූ කලී ත්‍රස්‌තවාදයනට විරුද්ධ රාජ්‍යයකි. (තමිල්නාඩුව වැනි ප්‍රාන්තයකට මේ යහ සඳහන අදාළ නැත.) එමෙන්ම එය ත්‍රස්‌තවාදයන් ගණනාවක්‌ විසින්ම බැටකනු ලබන ද රාජ්‍යයකි. එහි හිටපු රාජ්‍ය නායිකාවකවූ ඉන්දිරා ගාන්ධි මැතිනියද එතුමියගේ පුත්‍රරත්නය වූ රජීව් ගාන්ධි මහතා ද අමු අමුවේ ඝාතනය කරන ල්දදේ ත්‍රස්‌තවාදය විසින් මැ වේ.

ත්‍රස්‌තවාදය සමඟ ඉන්දියාව කරන නොනවතින අරගලය සත්‍යයක්‌ මුත් එය ව්‍යාකූල වූයේ වරක්‌ එය විසින් ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ තෝරාගෙන එයට උදව් කරන්නට යැමෙනි. සර්පයනට කිරි පොවන්නට යන්නෝ සර්පයන් ගේ ආදර දෂ්ටයද බලාපොරොත්තු විය යුත්තෝය යන්න සනාථ කරමින් එල්. ටී. ටී. ඊ. සර්පයා රජීව් ගාන්ධි මහතාගේ හිසටම දෂ්ට කළ ආකාරය දැන් ඉන්දියාවට ද අමතකව ඇතත් අපට නම් අමතක නැත. අල්කයිදාවට මුලින්ම ආධාර කළේත් එයට අනුප්‍රාණය සැපයුවේත් ඇමරිකා එක්‌සත් ජනපදය විසින්ම බව දැන් එයටද අමතකව ඇතත් අපට නම් අමතකව නැත.

ත්‍රස්‌තවාදය ලෝකය වෙලාගත් පිළිලයකි. කොතැන කවර ස්‌වරූපයෙන් තිබුණත් ත්‍රස්‌තවාදය ත්‍රස්‌තවාදයම බව අද නෝර්වේ රාජ්‍යය සහ කැනඩා රාජ්‍යය හැර ලෝකයේ සියලුම රටවල් විසින් පිළිගනු ලබන මතයයි. ලෝකයේ රාජ්‍ය නායකයන් හොඳටම පමාවී පැමිණි මෙම ස්‌ථාවරය එහි පරිසමාප්ත අර්ථයෙන්ම තවම වුව ක්‍රියාත්මක වන්නේ නැත. අතිශය දියුණු යුද තාක්‍ෂණයක්‌, අතිශය දියුණු ඔත්තු සේවා ජාලයක්‌ සහිත පළමුවන ලෝකයේ රටවල් වුවද තවමත් අනපේක්‍ෂිත බෝම්බ ප්‍රහාරයකින් "බුදු අම්මෝ" කියා දිවයන්නේ ඒ නිසාය.

බුද්ධගයාවට ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ එල්ල විය හැකි බවට තොරතුරු ඉන්දීය බුද්ධ අංශ විසින් එයට මීට පෙර සපයා නොතිබුණේද? අප විසින් ඒ අනතුරු ඇඟවීම කරන ලද්දේ 2012 ඔක්‌තෝබර් 21 දාය. (බලන්න 2012 ඔක්‌. 21 දිවයින ඉරිදා සංග්‍රහය, දියත අතිරේකය) අල්ලපු රටේ ජනමාධ්‍යවලටත් දැනෙන ඉව ඉන්දියානු ආරක්‍ෂක බලධාරීන්ට නැතිවීම පිළිබඳව අපට දුකය.

මේ ලෝකයේ තිබෙන සියලුම රටවල් අතරින් ඉන්දියාවට ඉතාම ලෙන්ගතු රට ශ්‍රී ලංකාව ය. කිසිදා වෙනස්‌ කළ නොහැකි හේතු කීපයක්‌ ඒ සඳහා තිබේ. ඉන්දියාව වූ කලී බුද්ධකාරක භූමිය බව රටේ බහුතර බෞද්ධ ජනතාවගේ විශ්වාසය ය. බුදුන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය පැලපදියම් වන්නේ ශ්‍රී ලංකාවේ මුත්a බුදුවරයකු පහළ වන්නේ ඉන්දියාවේ බව නොඅදහන පොඩි දරුවෙක්‌ වත් ශ්‍රී ලංකාවේ නැත. වෙන කවර මතිමතාන්තර ඇති නමුත් මේ රටේ මුතුන් මිත්තන් මේ රටට පැමිණියේද උතුරු ඉන්දියාවෙන් ය යන්න තවමත් රටේ වැඩිදෙනාගේ පිළිගැනීමය.

එහෙයින්, කවර ත්‍රස්‌තවාදයකින්වත් ඉන්දියාව විනාශ වනු දැකීම, ඉන්දියාව දෙකඩ වනු දැකීම ඓතිහාසික වශයෙන්ම නොරිසි රට ශ්‍රී ලංකාවය. එහෙයින් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය, ඒකීයභාවය ස්‌වතන්ත්‍රභාවය අවසාන විග්‍රහයේදී යහපත් බවට පත්වන්නේ ඉන්දියාවටම ය.

බුද්ධගයාවට එල්ල වූ ම්ලේච්ඡ සහ තුච්ඡ ප්‍රහාරයෙන් ඔබ සේම වේදනාවට පත්ව සිටින ශ්‍රී ලංකාව බුද්ධගයාව නමැති විශිෂ්ට මානව උරුම භූමිය දැඩි වගකීමකින් යුතුව රැකදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින අතරම සියලුම ත්‍රස්‌තවාදයනට එකම හැන්දකින් බෙදන ලෙස ද උදක්‌ම ඉල්ලා සිටින්නේය.

http://www.divaina.com/2013/07/09/editor.html

සබැඳි ලිපි
[

ඉන්දීය බෞද්ධයෝ සත්‍යග්‍රහයකhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_2158.htmlබුද්ධගයා ප්‍රහාරයට ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරිකයා දැලේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_9.htmlමහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3798.html
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
'ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට හානියක්‌ නෑ' - දොඩම්ගොඩ රේවත හිමිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7180.htmlඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

1 comments:

dutugemunu said...

ලොවේ බොහෝ රටවල මේ තත්වයන් ඇති වී ඇත්තේ දේසපාලුවන් තම බලය වෙනුවෙන් ආගම දඩමීම කර ඇති නිසාය