තමාට මව්බස මැනවින් නොදන්නා බව හෝ මව්බසට වඩා ඉංග්‍රීසි බස දන්නා බවක් පළ කරන්නටත් කෙනෙක් වෑයම් කරති. ඒ වෙසෙස් උනන්දුව ඇත්තේ ඉංග්‍රිසි බසට පමණි. දෙමළ, පාලි හෝ සකු බසට නොවේ.
අම්මාගේ කිරි මඬල බදාගෙන කිරිත් සමග උරාගත් සිංහලකම අමතක කිරීම වැදූ මවට කරන බලවත් අරියාදුවකි. අම්මා සහ තාත්තා විසින් තම හුරතල් කරන්නට යොදාගත් බස කෙනෙකුට අමතක වන්නේ නගරයේ තාර පාර පෑගෙන්නට පටන්ගත්දා සිටය. ගමේ අඩිපාරේ, නියර දිගේ, ඒදණ්‌ඩේ ගමන් කරමින් ජීවිතයට රුවාගත් ගැමිකම නගරයේ තාර පාර පෑගෙන විට අමතක වේ. හැම කෙනෙකුම ඉංග්‍රීසි භාෂාවත්, තවත් භාෂා දෙක තුනකුත් හැදෑරීමට උනන්දු විය යුතුය. එවිට ලෝකයට සමීප වීමේ ශක්‌තිය කෙනෙකුට ලැබේ. එහෙත් මව්බස ප්‍රමුඛ කිරීම ජාතියට නමස්‌කාර කිරීමක් වෙයි.
හැම මිනිසකුගේම ජීවිතය පොතක් හා සමානය. බොහෝ විට එක පොතක් තවත් පොතකට අසමානය. ඒ අරුතින්, රසයෙන්, දර්ශනයෙන් ආදී වශයෙන් වන වෙනසයි.
මිනිස් ජීවිතයත් එසේය. හැම ජීවිතයකම චරිතය එකිනෙකට වෙනස්‌ය. පියවි ඇසට නොපෙනෙන එහෙත් තුන්වැනි ඇසට පමණක් පෙනෙන විවිධත්වයක් මිනිස් චරිත කෙරෙහි වෙයි.
සමාජයේ වැඩි දෙනෙක් ටිකක් ඉහළින් පිම්බී සිටීමට ආශාවක් දක්‌වති. නැති උගත්කමක් ඇති සේ පෙන්වීමටත්, නැති ධනවත්කමක් ඇති සේ පෙන්වීමටත් සමහර විට රටේ ඉහළම බලවතකුට නෑකමක් හෝ සමීප හිතවත්කමක් ඇති සේ පෙන්වීමටත් උනන්දු වෙති. එහෙත් එම චරිතය තුළ ඇත්තේ එක්‌තරා මෝඩ තකතීරු චරිතයක් බව බුද්ධිමතකුගේ තුන්වැනි ඇසට පෙනෙයි.

චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහමක් දේශනා කරන්නට බුදුන් වහන්සේ යොදා ගත්තේ ඉංග්‍රීසිය නොවේ. ක්‍රිස්‌තුස් වහන්සේද ඉංග්‍රිසි භාෂාව භාවිතා කළේ නැත. එසේම කොම්පියුසියස්‌තුමා තම ධර්මය දේශනා කළේ චීන භාෂාවෙනි. කාල්මාක්‌ස් සිය ගැඹුරු දේශපාලන චින්තනය දේශනා කළේත් ඉංග්‍රීසියෙන් නොවේ. එසේ නම් ඉංග්‍රීසියට පමණක් මේ සා ගැතිකමක් ඇයි? ඉංග්‍රීසියට පමණක් නොව සුද්දාගේ හැම පැවැත්මක්‌ම අපේ කළු සුද්දෝ අකුරට අනුකරණය කරති. තාත්තාට යවන ලිපියේත් ලිපිනය මව් බසින් ලිවීමට පසුබානා තරමට වැඩි දෙනෙක් පරගැත්තෝව සිටිති. යටත් පිරිසෙයින් සිංහල අකුරින් තම අත්සන යෙදීම මදිකමක් සේ සළකති.
බිඳ වැටුණු ශිෂ්ටාචාරයක් ගැන ඉතිහාසයේ සඳහන් වේ. වත්මන් සිංහලය සිය සිංහලකම අමතක කොට මෙසේ පරගැති වීම තවදුරටත් කරගෙන යතොත් නුදුරු අනාගතයේදී සිංහලකමද ගරාවැටුණු ශිෂ්ටාචාරයක් සේ වැළලීයනු නියතය. එසේම ගීතවත් බසක් කතාකළ සිංහල නම්වූ ජාතියක් වූහ" යි ඉතිහාස පොතේ වැකියක් ලියෑවෙනු ඇත. ඔබේ ජාතිය මළවුන්ගේ ලේඛනයේ සටහන් වනු දැකීමට ඔබ කැමැතිද?
වැදූ මවට කරන බරපතළම අරියාදුව තවත් සිංහලයකු සමග පර බසින් දෙඩීමය. සිංහල බසින් කතා නොකර පර බසින් කතා කරන සිංහලයාට ශිෂ්ටාචාරයක් ගැන කතා කිරීමට අයිතියක් නැත. ද්‍රවිඩ, පරංගි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන් සමග මිශ්‍රවීමේ පල විපාකය මෙය දැයි විටෙක සිතේ. ජාතිවාදය භයානක බව මමද පිළිගනිමි. එහෙත් ජාති වාත්සල්‍යය වන්දනාවට සුදුසු උදාර ගුණයක් ලෙස මම අදහමි.
මේ රටේ ජාතිවාදී අරගලයක් විය. අනාගතයටද ජාතිවාදී අරගලවල සෙවණැලි දක්‌නට ලැබෙන බවත් සිතෙයි. මෙවන් යුගයක සිංහල බසට, සිංහලකමට පිටුපානා සිංහලයා තරම් ජාති ෙද්‍රdaහියෙක් තවත් නැත. සිංහලයාම සිංහලයාගේ පරම හතුරා වී ඇති බවට නිදසුන් අපමණය. වඩාත් ආරක්‌ෂා විය යුත්තේ සිය වර්ගයේ සතුරාගෙනි.
සිංහලය පොහොසත් බසකි. ඕනැම අදහසක් නිරවුල්ව ඉදිරිපත් කළ හැකි තරම් නිරවුල් පොහොසත් බසකි. ඔබ අමාවතුර හෝ බුත්සරණ කියවා ඇත්නම්. රජකු විසින් පබඳන ලද කව්සිළුමිණ කියවා ඇත්නම් ඒ බව ඔබටම වැටහේවි. අමාවතුර වැනි පොතක්, බුත්සරණ වැනි පොතක් කිසිම කෙනකුට ඉංග්‍රිසි බසට පෙරළිය හැකි නොවේ යෑයි මම සිතමි. එහෙයින් ඒ සා හොඳ උච්චාරණය සහිතව කතා කිරීමේ යුතුකමක් හා හිතවාදී කමක් ඔබ තුළ විය යුතුය. ඔබට ඉංග්‍රිසියෙන් කතා කළ යුතු අවස්‌ථා දෙකක් වෙයි. ඒ සිංහලය මැනවින් නොදන්නා කෙනකු සමගය. නැතොත් ඔබ කතා කරන රහස දෙවැන්නකුට නොවැටහෙන ලෙස කතා කළ යුතු අවස්‌ථාවය.
ඔබට ඉංග්‍රිසියෙන් කතා කිරීමට විවෘත නිදහසක් ඇත. එහෙත් එය දන්නා බව හැඟවීම පිණිස හෝ කැපී පෙනෙන ලෙස හෝ සිංහලය හොඳින් බැරි බව ඇඟවීම පිණිස හෝ නොවිය යුතුය. ඒ බව අඟවන්නට පර බසින් දොඩන්නේ නම් ඔබ පල් හොරෙකි. ජාත්‍යාලය නැති පුස්‌සෙකි.
ඉංග්‍රිසි වචන 800 ක් පමණ දන්නා කාටත් ඉංග්‍රිසියෙන් අදහසක් ගනුදෙනු කරගත හැකිය. ඒ නිසා පරගැති බවක් පළවෙයි නම් ඔබ එතැනදී පරිස්‌සම් විය යුතුය.
ඉංග්‍රිසිය මැනවින් දැන සිටියත් තමා භාරගත් නඩුවක් සඳහා සිංහල බස පමණක් භාවිතා කළ නීතිඥවරයකු ගැන මම දනිමි. හෙතෙම බොහෝ විට අනෙක් නීතිඥයන්ගේ සමච්චලයට ලක්‌වූ අවස්‌ථාද බෙහෙවි. හෙතෙම ඉංග්‍රිසිය නොදන්නෙකැයි ඇතැමෙක් සිතූහ. ඒත් ඔහුගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔවුන්ට පෙන්විය යුතු යෑයි සිතූ මේ නීතිඥයා වරක් ඉංග්‍රිසියෙන් පෙනය විදහා දැක්‌විය. ඉංග්‍රීසිය අපේ ඇවැස්‌ස නෑදෑයාය. නැත්නම් ඇවැස්‌ස මස්‌සිනා ය. සිංහල, අපේ ලේ නෑයා ය. ලේ නෑකම බිඳෙන අයුරින් ඇවැස්‌ස නෑකම මතුකළ යුතු නැත. මංගල කටයුත්තක් සඳහා බුලත් දීමේදී පළමුව ලේ නෑයාටත් දෙවනුව ඇවැස්‌ස නෑයාටත් දීමේ සම්ප්‍රදායක් අප අතර වෙයි. ඒ ක්‍රමය භාෂාවටද සාධාරණය.
ශිෂ්‍යයකුට පමණක් මෙහිදී විශේෂ බවක් වෙයි. ඉගෙනීම සඳහා වරදමින් හෝ හෙතෙම ඉංග්‍රීසිය ඉගෙනීම සඳහා ඒ බසින් කතාකළ යුතුය. එහෙත් බසින් පොහොසත් වූ පසුව මව්බස කුස්‌සියට තල්ලු කිරීමට තරම් සැහැසි නොවිය යුතුය. මෙම ලිපියට අකමැත්තෙන් වුවද ඇතුළු කළ යුතු වැකියක් වෙයි. සිංහල වැඩි දෙනකුට සිංහල හොඳින් බැරිය" යනු ඒ වැකියයි. ඒ වැකිය කටුකය.
තත්සම පද වැඩිකර කතා කරන සිරිතක් වැඩි දෙනෙකු අතර වෙයි. ඒ පුරුද්ද අශෝභනය. සිංහල පදය නිවැරැදිව යෙදිය හැකි තැනදීත් එසේ නොකර ඒ වෙනුවට පර බසක වචනයක් ඒ තුළට රුවා ගැනීමට තරම් අප දීන විය යුතු නැත. "අපි හෙට හවස හමුවෙමු" යි කියන්නට ටුමොරො ඊවිනිං අපි මීට් වෙමු" යි කියන්නට තරම් අප පරගැති විය යුතුද ඒ වුකලී තනිකරම පර බසින් දෙසීමට වඩා ෙද්‍රdaහීකමකි.
වැඩි දෙනකු සිංහල වදන් අතරට ඉංග්‍රීසි පද යොදා කතා කරන්නේ සිංහල බැරිකමට නොවේ. තමා ජීවත් වන පරිසරය උසස් බව පළකිරීමටය. එහෙත් බුද්ධිමතා ඔහු වැටී සිටින ප්‍රපාතය හොඳින් තේරුම් ගනී.
ඔබ මේ ජාතියේත්, සංස්‌කෘතියේත් කොටස්‌කරුවෙකි. එහෙයින් ජාතිය පෝෂණය කිරීමේ යුතුකමක් හා වගකීමක් ඔබට වෙයි. ඒ සඳහා ඔබ ශබ්දකෝෂ පළ කළ යුතු නැත. භාෂාවට හා සංස්‌කෘතියට අහිතවත් නොවීම වුවද ඔබට කළ හැකි විශිෂ්ට පරිත්‍යාගයකි. ඔබ මව්බස හොඳින් ඉගෙනගත යුතුය. භාෂාවේ ව්‍යංගාර්ථ වෙයි. වක්‍රෝක්‌ති වෙයි. පිරුළු වැකි වෙයි. ආප්ත්‍යාත වෙයි. උපචාර වෙයි. ඒවා තේරුම් ගැනීමට භාෂාවේ අහු මුලු විමැසිය යුතුය.
ගැමියා බොහෝ විට කතා කරන්නේ සම්ප්‍රදායානුකූල භාෂා මාධ්‍යයකින් උපමා භාවිතයෙනි. එමගින් හෙතෙම තම මව්බසට ඉහළින්ම උපහාර දක්‌වයි. මේ මිනිහාගේ වැඩ හරියට කේවට්‌ටයාගේ අශ්වයා වගේ යෑයි ගැමියකු කී විට එහි අරුත තේරුම් ගැනීමට නාගරිකයා යළිත් (සරසවියට නොව) ගමේ පාසලට ඇතුළු විය යුතුය. එහෙත් නාගරිකයාගේ බස තේරුම් ගැනීමට එසේ කළ යුතු නැත. ජීව භාෂා ශක්‌තියෙන් නූගත් ගැමියා ඉදිරියේ නාගරික උගතා ද ආධුනිකයෙකි. ඉංග්‍රිසි භාෂාව ප්‍රදර්ශන භාණ්‌ඩයක් නොවේ. දැනුම් සාධකයක් පමණි.
මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න මහතා හමුවන්නට වරක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් පැමිණියේය. තමා පැමිණියේ ඇයි දැයි මහාචාර්යතුමා සිසුවාගෙන් ඇසුවේය.
සර්, මම සර්ට ඉන්වයිට් කරන්නයි ආවේ. ඇයි ඒ කුමක් සඳහා දැයි මහාචාර්යතුමා ප්‍රශ්න කළේය.
"සර්, මගේ සිස්‌ටර්ගෙ එන්ගේඡ්මන්ට් එක නෙක්‌ස්‌ට් ටුවැන්ටියත්· පෝරුවෙ සෙරමනි ටුවෙන්ටි µස්‌ට් ටෙන් අ ක්‌ලොක්...·" ශිෂ්‍යයා පිළිතුරු දුන්නේය.
මේ ශිෂ්‍යයා සිංහලට වඩා මැනවින් දන්නේ ඉංග්‍රිසිය විය යුතු යෑයි සිතූ මහාචාර්යවරයා එතැන සිට ඉංග්‍රීසි බසින් කතා කළේය.
ශිෂ්‍යයාට ඒ ඉංග්‍රිසි බස වැටහුණේ නැත. එහෙයින් නිරුත්තරව බලා සිටියේය.
තවත් දවසක ශිෂ්‍යාවක් පැමිණ එතුමාට මෙසේ කීවාය. "සර්Êලෙක්‌චර් හෝල් නම්බර්Êවන් එකේ එකෝන්...·"
"වෙයාර්ස් ලෙක්‌චර්Êහෝල් නම්බර් වන්...?" ඒ ප්‍රශ්නයට ඉංග්‍රිසියෙන් ම පිළිතුරු දීමට ශිෂ්‍යාව අපොහොසත් වූවාය.
මේ සිද්ධිය එක්‌තරා අවස්‌ථාවකදී මහාචාර්යතුමා මා සමග කියමින් දිරායන සිංහලය ගැන සඳහන් කළේය.
අපට පෝෂණය වන සිංහලයක් අවශ්‍යය හෙවත් වාග් ව්‍යවහාරයේදී ද සිංහලය පෝෂණය විය යුතුය. එසේ වීමට නම් මේ වියත් බස භාවිතයෙහි යෙදිය යුතුය. මෙයට හොඳම තෝතැන්න පාසලයි.
පාසලේ දී ළමයා ජීව භාෂාව ඉගෙන ගන්නේ ගුරුවරයා ගේ කථාවෙනි. දක්‌ෂ ගුරුවරයා ශිෂ්‍යයාගේ පන්ති මට්‌ටම අනුව සිය බසද වෙනස් කරයි.
සිංහල භාෂාව පන්සලේ ඇබිත්තයාගේ භාෂාව ලෙස සලකා පහත්කොට සැලකූ යුගයක් විය. අප වහල් ජාතියක්‌ව සිටීම එයට හේතුව විය හැකියි. ඒත් අපි අද වහල්ලු නොවෙමු.
ආචාර්ය පියසේන රතුවිතාන
http://www.divaina.com/2013/07/02/feature03.html

0 comments:
Post a Comment