පොදු රාජ්‍ය මණ්ඩලීය වැසියන් හතළිස් දහසක් කෲර ලෙස, රාජපක්ෂ විසින් මරණයට පත්කර තිබේ යන තේරුම සහිත වාක්‍ය ඉංගී්රසි බසින් ලියූ පුවරුවක් රැගත් පුද්ගලයකු එංගලන්තයේ කාඩිෆa ක්‍රීඩාංගනයේ තණතීරුව දෙසට හිටි හැටියේම කඩාපැන්නේය. ඒ මොහොතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය පැවැත්වෙමින් තිබුණි. පිටිය මැදට පනින ලද පුද්ගලයා බ්‍රිතාන්‍ය පොලිසිය විසින් කුදලාගෙන යන ලද්දේය.
මෙය දෙනෝදාහක් ක්‍රිකට් ලෝලීන් සජීව ලෙස දුටු දර්ශනයකි. මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ සිදුවූ මහා පරිමාණ අපරාධයක් පිළිබඳව හෝaඩුවාවකට මුල්වනු ඇතැයි ඒ මොහොතේ කිසිවකුට හැඟුණේ නැත.
හැටන් නැෂනල් බැංකුවේ ඒ. ටී. එම්. හෙවත් ස්වක්‍රීය මුදල් නිකුත් කිරීමේ යන්ත්‍ර විසි අටකට 2012 මැයි විසි වැනිදා නිනව්වක් නැති විය. පැය නවයක කාලයක් තුළදී එම යන්ත්‍ර මගින් රුපියල් තුන්කෝටි විසි අට ලක්ෂයකට අධික මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිබිණි. දෛනිකව මෙම යන්ත්‍ර මගින් නිකුත් කරන මුදල් ප්‍රමාණය දෙස බලන විට මෙම පැය නැවය තුළ සිදුවූ ක්‍රියාකාරකම මහා පරිමාණ තත්ත්වයක් වී තිබිණි. මේ පිළිබඳව බැංකුව විසින් සොයා බැලීමේදී පෙනී ගොස් තිබුණේ අදාළ මුදල් ලබාගෙන තිබුණේ වංචනික ලෙස සකසන ලද කාඩ්පතක් මගින් බවය. බැංකුව විසින් කරන ලද පරීක්ෂණයෙන් අනතුරුව මේ පිළිබඳව රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද්දේ, අදාළ බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකාර යූ. ඇන්. අයි. ඇලපාත විසිනි.
පැමිණිල්ලේ සඳහන් වූයේ කටාර් කොමර්ෂල් බැංකුව මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ධන කුවේරයෙක් වන එස්. එම්. සුල්තාන් ජෙන්මින් අල්තානි වෙත නිකුත් කර තිබූ බැංකු කාඩ්පතේ දත්ත සොරාගෙන, ඊට ගැලපෙන ව්‍යාජ කාඩ්පතක් සාදා, මෙම මුදල රැගෙන ඇති බවයි. රහස් පොලිස් නිලධාරීන් වෙත බැංකුව මගින් තවත් වටිනා දත්තයක් ද පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබුණි. ඒ අදාළ කාලය තුළ ඒ. ටී. එම්. යන්ත්‍ර මගින් ගනුදෙනු කරන ලද පුද්ගලයන්ගේ රූගත කරන ලද දර්ශනයන්ය.
රහස් පොලිසිය වැඩේට බසින්නේ ඒ දර්ශන සමඟය. පුද්ගලයන්ගේ දර්ශන තිබූ පමණින්ම ඔවුන් කොයි සිටින්නේ දැයි සොයාගත නොහැක. ගනුදෙනු හිමියන්ගේ ලැයිස්තුව ගත්තද සොයාගත හැක්කේ සාමාන්‍ය ගනුදෙනුකරුවන්ගේ විස්තර පමණි. මේ චෞර රැලකි. ඔවුන් ගනුදෙනු කර ඇත්තේ ද ව්‍යාජ කාඩ්පත් මඟිනි.
රහස් පොලිසිය එම වෙහෙස නොබලා කාර්යයේ නිමග්න විය. අතරතුර කාලයේදී තවත් මෙවැනිම පැමිණිල්ලක් රහස් පොලිසියට ඉදිරිපත් විය. හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් 85000 ක් මෙවැනිම ආකාරයෙන් ලබාගෙන ඇති බවත් තවත් රුපියල් තුන් ලක්ෂයකට මඳක් වැඩි මුදලක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවත් එයින් කියෑවිණි.
පැමිණිලිවල පොදු ස්වභාවය සලකමින් රහස් පොලිසිය තම මෙහෙයුම දියත් කළේය. ඒ අනුව ධර්මපුරම් හි පිරිමන්දනාරු හි පදිංචි ආනන්ද රූබන් කුලදීපන් හා කොටහේනේ පදිංචි බාල සුබ්‍රමනියම් උදයදාසන් යන දෙදෙනා අතට මාංචු කුට්ටම් වැටිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන මෙම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙහිද අවසර ලැබිණි.
චෝදනාව දරුණු ස්වරූපයක් ගෙන තිබිණි. ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා වූ අන්තර් ජාතික සම්මුතියේ ශ්‍රී ලංකාව ද අත්සන් තබා තිබේ. ඒ අනුව ත්රස්තවාදයට අවශ්‍ය ආකාරයෙන් මූල්‍ය වංචා සිදු කිරීම ද අන්තර් ජාතික වාණිජ සම්බන්ධතා පළුදු කිරීම සදහා චෝදනා සැකකරුවන්ට එල්ල විය.
බාලසුබ්රමනියම් උදයදාස්, කොටහේනේ පදිංචි වී සිටියේ තාවකාලිකවය. ඔහුගේ කාමරය පරීක්ෂා කිරීමේදී රහස් පොලිසිය විසින්, ලෝගේෂ්වරන් මනිමාරන් නමැත්තකුගේ ජාතික හැඳුනුම්පත හා ඔහුට අයත් කොටහේන කොමර්ෂල් බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුම් පොතක් ද සොයාගෙන තිබිණි.
ලොගේෂ්වරන් මනිමාරන් ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමට රහස් පොලිසිය යොමුවන්නේ ඒ අනුවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වචනයෙන් ද සනාථ වී තිබුණේ, වෙනත් පුද්ගලයන්ගේ බැංකු කාඩ්පත් දත්ත, තමන් වෙත ලබා දුන්නේ, ලෝගේෂ්වරන් මනිමාරන් හා රුමේනියානු ජාතික ඇන්ටනි විසින් බවය. මනිමාරන්ගේ දත්ත අනුව සොයා බැලුවත් ඔහුට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් ආගමන විගමන දෙපාර්තමේනත්වෙන් නිකුත් කර නොතිබිණි. සැකකරුවන්ගේ තොරතුරු අනුව මනිමාරන් විදේශයක සිටියා නම්, ඔහුට ගමන බලපත්‍රයක් නොමැති නම් ඔහු මෙරටින් පිටව ගොස් ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් බව රහස් පොලිසියට ඒත්තු ගියේය. එසේ නම් මනිමාරන් සරල හොරෙක් නොව ත්‍රස්තවාදය සඳහා මුදල් උපයා දෙන ශූර චෞරයකු බව පැහැදිලි විය. නමුත් ප්රශ්නය වූයේ මනිමාරන් සිටින්නේ කොහේද යන්නයි.
ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය එංගලන්තයේ කාඩිෆa ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතරවාරයේදී මනිමාරන් පිටිය මැදට පැන්නේ එම ප්‍රශ්නයට පිළිතුර ද රැගෙනය.
මනිමාරන්ගේ පිම්ම ලොව පුරා මාධ්‍යයට ප්‍රවෘත්තියක් වී තිබිණි. එම මාධ්‍යයන් නිකුත් කළ ඡායාරූප වලින් මනිමාරන් පැහැදිලිව පෙනුණු අතර ඔහුගේ අතේ තිබූ පච්චයද දැක ගැනීමට හැකි විය. රහස් පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටි සැකකරුවන් විසින් මනිමාරන් හඳුනා ගනු ලබන්නේ ඒ සලකුණ අනුවය.
ඒ තොරතුරු රැගෙන රහස් පොලිසිය, යළිත් අධිකරණයට පැමිණෙන්නේ මනිමාරන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයේ අවසරය අපේක්ෂාවෙනි. ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක් ඔහු විසින් භාවිත කරන බවත්, ඔහුගේ බැංකු ගිණුම විමර්ශනයට හා ඒවා තහනම් කිරීමට අවසර දෙන ලෙසත් රහස් පොලිසිය අධිකරණයේ අවසරය පැතුවේය.
මනිමාරන්ගේ දෙඅතට ද මාංචු යුගලයක් දැමීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමේ අවසරයක්ද අධිකරණයෙන් රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
මනිමාරන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය රතු නිවේදනය සහ විවෘත වරෙන්තුව ඉංගී්රසි භාෂාවෙන් නිකුත් කිරීමටත්, රහස් පොලිසියේ අනිකුත් ඉල්ලීම්වලටද අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඒ අනුව තීන්දු කරන ලදී.
ප්රභාකරන්ගේ උපන් ගම වූ වැල්වැටිතුරෙයිහි ඉපදුනු ලොකේෂ්වරන් මනිමාරන් හෙවත් මොහාන් රාඡ් හෙවත් ඇන්ටන්, දැන් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය සැකකරුවෙකි.
දැනට කතාව එපමණය.
මනිමාරන් අත්අඩංගුවට ගත් පසු ඔහුගේ නමින් තව විශාල කතාවක් එළිදකිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මනෝඡ් අබයදීර / හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/07/07/feature22.html
සබැඳි ලිපි
[
ක්‍රිකට් පිටියට වැදුණු කොටියාට එරෙහිව රතු නිවේදනය ළඟදීමhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8657.html
]

0 comments:
Post a Comment