පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබාදුන් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඇතිකරලා දැන් අවුරුදු 26 ක්. අවුරුදු 26 ක්‌ම ක්‍රියාත්මක නොවුණු මේ බලතල ඉවත් කිරීම පිළිබඳ දැන් මතුවී ඇති විරෝධතාව දකින්නේ කොහොමද ?
කිසියම් පළාත් සභාවක් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පළාත් සභාවලට හිමි වී තිබෙන ඉඩම් හා පොලිස් බලතල ලබාගන්නට නම් ඒ පළාත් සභාව විසින් ඊට අදාළව ප්‍රඥප්තියක් අනුමත කරගන්නට ඕන. නමුත් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක බස්‌නාහිර මහ ඇමැතිනියව සිටි කාලයේ හැර අන්කිසිවෙක් පළාත් සභාවලට මේ බලතල ලබාගන්න උත්සාහයක් අරගෙන නෑ. මා හිතන විදිහට උතුරු නැගෙනහිර වර්ධරාජා පෙරුමාල්ගේ පළාත් සභාව වත් මේ බලතල ගන්න උත්සාහයක් ගත්තේ නෑ. දැන් අවුරුදු 26 කට පස්‌සේ මේ බලතල පිළිබඳ ප්‍රශ්නය මතුකිරීම යම් ආකාරයකට ගැටලුවක්.
පළාත් සභා ක්‍රමය අපේ රටේ පිහිටෙව්වේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් යෑයි බලාපොරොත්තුවෙන් මිස රටේ අනෙක් පළාත්වලට බල හවුල් කාරත්වයක් දීමට නෙමෙයි. ඒක අද යම් ප්‍රමාණයකට වෙලා තිබුණත් ඉලක්‌කය ඒක නෙමෙයි. මේ ව්‍යවස්‌ථා සංශෝධනයේ නියම ප්‍රතිඵල ඇතිවෙන්නෙ උතුරු නැගෙනහිර පළාත් සභාවක් පිහිටුවීමෙනුයි.
මේ පිහිටුවන උතුර හා නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතුද?
ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යවලට යම් ප්‍රමාණයක ඉඩම් හා පොලිස් බලතල ලබාදී තිබෙනවා. මෙහිදී මූලිකවම පොලිසිය කියන්නේ මොකක්‌ද යන්න අපි විග්‍රහ කරගන්න ඕන. අපේ රටේ මේ ජනවාර්ගික යුද්ධය උග්‍රවන්නට පෙර පොලිසිය ස්‌වදේශ අමාත්‍යාංශය යටතේ පැවති ආයතනයක්. එකල පොලිසිය සිවිල් බළකායක්. ඉන්දියාව ප්‍රාන්ත රාජ්‍යවලට පොලිස් බලතල ලබාදී තිබෙන්නෙ පොලිසිය සිවිල් බළකායක්‌ය යන අරුතෙන්. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අපේ රටේ පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුන්නත් මේ ප්‍රශ්නය සංකීර්ණ වෙන්නේ අපේ රටේ පොලිසිය රාජ්‍ය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතට ගෙනැවිත් එය තවත් බළ හමුදාවක් බවට පත් කිරීමත් එක්‌ක. එම නිසා මේ ප්‍රශ්නය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව විස¹ගත හැක්‌කේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වෙනස් කිරීමෙන් නොවෙයි. අපේ පොලිසිය නැවතත් සිවිල් බළකායක් බවට පත් කිරීමෙනුයි. පොලිසිය මහජන සිවිල් කටයුතු හසුරුවන ආයතනයක් බවට පත්වෙන්නෙ එය සිවිල් බළකායක් බවට පත්වුණොත් පමණයි. පොලිසිය සිවිල් බළකායක් ලෙස මහජනයාගේ සිවිල් කටයුතු හසුරුවන විට වෙනත් ප්‍රශ්න මතුවුවහොත් ඒ සඳහා වෙනත් හමුදාවක් යොදවන්න පුළුවන්.
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හදනවිට ඉන්දියාවේ ව්‍යවස්‌ථාවේ බලපෑම තිබුණා. දෙමළ ජනවාර්ගික කොටස් පවා ඒ අයගේ ඉල්ලීම් ඉදිරිපත් කළේ ඉන්දියානු ආකෘතිය බලලයි. ඉන්දියාව ප්‍රාන්තවලට පොලිස් බලතල දීල තියෙන්නෙ ඉන්දියානු පොලිසිය සිවිල් බළකායක් හින්ද. ඒ නිසා අප කළ යුත්තේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වෙනස් කිරීම නෙමෙයි. අපේ පොලිසිය නැවත සිවිල් බළකායක් බවට පත් කිරීමයි.
පළාත් සභාවලට ලබාදිය යුතු පොලිස් හෝ ඉඩම් බලතල පිළිබඳව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ පැහැදිලි කිරීමක් තිබෙනවද?
විශේෂ පැහැදිලි කිරීමක් නෑ. ආයුධ පිළිබඳ ප්‍රශ්නය ඉතාම සීමිත ලෙසයි 13 වැනි ව්‍යවස්‌ථාවේ සඳහන් වී තිබෙන්නෙ. අපේ රටේ ඉඩම් පිළිබඳවත් ජාතික ප්‍රතිපත්ති තිබෙන්න පුළුවන්. රටේම තියෙන ඉඩම් රජය සතුව ඇති දෙයක් කියලා අදහසක් තියෙනවා. මුළුÊරටේම ඉඩම් සම්බන්ධව මධ්‍යම ආණ්‌ඩුවට බලයක් තියෙනවා. මම හිතන්නේ අපේ රටේ ඉඩම් ප්‍රශ්නය පළාත් සභාවලටත් පහළ මට්‌ටම් දක්‌වාත් බෙදී යා යුතු විෂයයක්. අපේ රටේ ඉඩම් හා ඉඩම් සම්බන්ධව ප්‍රශ්න නිරන්තරව තිබෙන දෙයක්. බොහෝ විට මේ නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ මධ්‍යම ආණ්‌ඩුව සමග නෙමෙයි. ඒ ඒ පළාත්වල තිබෙන විවිධ අධිකාරි සමගයි. එම නිසා අපේ රටේ ඉඩම් ප්‍රශ්නය බිම්මට්‌ටම දක්‌වාම ගමන් කර විසඳිය යුතු එකක්. එම නිසා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ අද මතුවී තිබෙන මේ ගැටලුවලට හොඳම විසඳුම පොලිසිය සම්බන්ධයෙන් සිදුකළ යුතු ප්‍රතිශෝධනයත් සමග ඉඩම් පිළිබඳ බලතලත් වඩාත් පහළ තලයකට මාරු කිරීමයි.
නමුත් අද ආණ්‌ඩුව තුළම මේ ගැන පැහැදිලි මත දෙකක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පළාත් සභාවලට මේ බලතල දුන්නොත් රට බෙදෙන බව එක මතයක්. නුදුන්නොත් රට බෙදෙන බව අනෙක් මතයයි. ඒකීය ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම විසඳෙන්නේ මේ මත දෙකෙන් කොයි මතයට අනුවද?
මේ මත දෙකම විවාදයකට සුදුසු වුණාට මේ ප්‍රශ්නය විසඳන්න ඔය මත දෙකටම බෑ. බලය බෙදීමත් සමග රට බෙදීමට තිබෙන ඉඩ ප්‍රස්‌ථා පිළිබඳවත් ඓතිහාසික සමකාලීන අත්දැකීම් ලෝකෙ ඕනතරම් තියෙනවා. ඒ වගේම බලය බෙදීම නිසා රටක ඒකාබද්ධතාවය වඩාත් ශක්‌තිමත් වීම පිළිබඳවත් උදාහරණත් තියෙනවා. ඒ නිසා අනාගත ශ්‍රී ලංකාව තුළ සිදුවිය හැක්‌කේ කුමක්‌ද කියා තීරණය කළ හැක්‌කේ ඔය විවාදෙන් නෙමෙයි. ඔය විවාදය මේ ප්‍රශ්නය විසඳිය නොහැකි නිස්‌සාර එකක්. ඔය විවාදෙන් එළඹෙන තීන්දුවක් මත රටේ ව්‍යවස්‌ථාව හදන්න පුළුවන් කමක් නෑ.
රටක ව්‍යවස්‌ථා සම්පාදනය කියන්නෙ එකවරම සිදුකළ හැකි දෙයක් නෙමෙයි. එය ක්‍රියාදාමයක්. අපේ රටේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාදාමය සිදු වෙමින් තිබෙන වේලාවක මෙවැනි විවාද පැවැත්වීම හොඳයි. නමුත් විවාදයෙන් එන තීරණයට මේ ප්‍රශ්නය විසඳන්න බෑ.
මේ රට බෙදීම සඳහා කිසියම් පාර්ශ්වයවක් උත්සාහ ගන්නේ නම් එම උත්සාහය යුදමය වශයෙන් පරාජය කරන්න ශ්‍රී ලංකා රාජ්‍යයට හැකි බව ඔප්පු කරල තියෙනවා. රට බෙදනවද නැද්ද කියන ප්‍රශ්නය දේශපාලන තලයෙන් ඔබ්බට ගියහම කවුරු කැමැති වුණත් අකමැති වුණත් අවසාන වශයෙන් රට බෙදෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ මිලිටරි තලයෙන්.
අපේ රටේ යුද්ධය ඇතිවුණේ බලය බෙදන තත්ත්වයේ තිබෙන විට නෙමෙයි. රටේ බලය නොබෙදුණු තත්ත්වයේ තිබුණු විටයි. බලය නොබෙදුණු තත්ත්වයේදී රටේ ඇතිවුණු යුද්ධය මිලිටරිමය වශයෙන් පරාජය කරන්න හැකිවීම තුළින් රටේ බලය බෙදීම රට වෙන්වීමට හේතුවක් නොවන බවට තර්කයක් මතු කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ යුද්ධයක් ඇති වුණේ බලය බෙදීම සඳහා ගෙන ආ ධනාත්මක යෝජනා ගණනාවක් ප්‍රතික්‍ෂේප වීමෙන් පසුව බවත් අමතක කළ යුතු නෑ. ඒ නිසා අපේ රට ආ ගමන් මග දෙස විමර්ශනය කර බලනවිට බලය බෙදීම කිසිසේත් මේ රටේ මධ්‍යම ආණ්‌ඩුව දුර්වල කිරීමට හෝ රට බෙදීමට හේතු නොවේ කියන මතයට එන්න පුළුවන්. නමුත් ඒ මතය වරදින්නත් ඉඩ තියෙනවා. යමක් පිළිබඳ පුරෝකථන කළ හැක්‌කේ නියත විචලනයන් දෙස බලල ඒ අනුව ක්‍රියාත්මක වන ගතිකත්වයට අනුව ගන්නා නිගමනය තුළින් පමණයි.
බෙදුම්වාදයට කැමති පිරිසක් උතුරු නැගෙනහිර පළාත් සභාවේ බලය ලබාගත්තොත් මේ තියෙන ඉඩම් හා පොලිස් බලතල අනුව රට බෙදීයැමේ අනතුරක් ඇතිවෙන්න බැරිද?
සිවිල් බළකායක් ලෙස ක්‍රියාත්මක වන පොලිසියක් යටතේ උතුරු නැගෙනහිර පළාත් සභාවල බලය කවුරු අතට ගියත් රට බෙදී යැමේ අනතුරක් නෑ. අද තියෙන මේ පොලිස් හමුදාව මහජන සිවිල් කටයුතු හසුරුවන ආයතනයක් බවට පත් කළ යුතු බවට මා යෝජනා කරන්නේ එනිසයි. කවුරු බලයට පත්වුවත් පළාත් සභා ක්‍රියාත්මක විය යුත්තේ එයට අයත් ව්‍යවස්‌ථාව තුළයි. බෙදුම්වාදයකට යැමට පළාත් සභා තුළ ව්‍යවස්‌ථාමය වශයෙන් තිබෙන ඉඩකඩ නම් ඉතාම අඩුයි.
නමුත් මේ ඉඩම් හා පොලිස් බලතලත් තිබෙනවිට එල්. ටී. ටී. ඊ.ය වැනි ආයුධ සන්නද්ධ බෙදුම්වාදී සංවිධානයක් යළි බිහිවුණොත් එය රටේ ඒකීය භාවයට බලවත් තර්ජනයක් නෙවෙයි ද?
එහෙම වෙන්න පුළුවන්. රටක ආයුධ සන්නද්ධ ත්‍රස්‌තවාදී සංවිධාන බිහිවෙන්නෙ බෙදුම්වාදය නිසාම නෙමෙයි. 1971 දී, 88 දි, 89 දී අපේ රටෙත් විවිධ හේතු මත ප්‍රශ්න මතුවුණා. හැම ප්‍රශ්නයක්‌ම ව්‍යවස්‌ථාවෙන්ම විසඳන්න බෑ. ඉල්ලීම්වල සාධාරණත්වය බලල ඒ ඉල්ලීම් ලබාදීම තුළිනුත් විසඳිය හැකි ප්‍රශ්න තිබෙනවා. මිලිටරි ක්‍රියාදාමයක් තුළිනුත් විසඳිය යුතු ප්‍රශ්න තිබෙනවා.
ඉන්දියාවෙ උත්තරකාන්ත් ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නායයැම් හා ජලගැලීම් නිසා විපතට පත් ජනතාව බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යෑවීමට මධ්‍යම රජයට ප්‍රාන්ත මහ ඇමැතිගේ අවසරය ලබා ගැනීමට සිදුවුණා. පළාත් සභාවලටත් මෙබඳු බලතල ලබාදීම නිසා අපේ රටේ මධ්‍යම රජයටත් එබඳු අසීරුතාවලට මුහුණ පාන්නට සිදුවිය හැකියි නේද?
ඉන්දියාවේ මධ්‍යම රජය තම ප්‍රාන්ත සිවිල් කටයුතුවලට මැදිහත් වීමේදී එබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළත් යුදමය ක්‍රියාදාමයකදී එබඳු අවසර ගැනීමක් සිදුවන්නේ නෑ. ඊට හොඳම උදාහරණය ජම්මුකාශ්මීරයට හමුදා යෑවීම, ඉන්දීය මධ්‍යම රජය උත්තර කාන්ත් ප්‍රාන්තයේ සිවිල් කටයුතුවලට මැදිහත් වීමට ප්‍රාන්ත මහ ඇමැතිගෙන් අවසර ගත්තට ජම්මුකාශ්මීරයට හමුදා යවන්න මහ ඇමැතිගෙන් අවසර ගත්තේ නෑ.
රට තුළ ආරක්‍ෂාව පිළිබඳ මතුවන ප්‍රශ්නයකදී ඊට මැදිහත් වෙන්න ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව ප්‍රාන්ත මහ ඇමැතිගෙන් හෝ ශ්‍රී ලංකාවේ මධ්‍යම ආණ්‌ඩුව පළාත් මහ ඇමතිගෙන් හෝ අවසර ගන්නෙ නෑ. මේක තමයි යථාර්ථය. ඇමරිකාව පාකිස්‌ථානයේ හිටපු ඔසාමා බින්ලාදන් තම හමුදා යවල ඝාතනය කළේ පාකිස්‌ථානයෙන් වත් අවසර ගන්නේ නැතිවයි.
රටක ව්‍යවස්‌ථාවක් සකස් කරන්නෙ විශේෂ තත්ත්වයන් සලකා බලල නෙමෙයි. වඩාත්ම සාමාන්‍යයෙන් පැවතිය හැකි තත්ත්වයන් මතයි. මිලිටරි බලය කියන්නේ වෙනම එකක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ වෙනම තලයක. එතැනදී ඔය ව්‍යවස්‌ථාවේ සීමාවන් කියන දේවල් වෙනස් වෙනවා.
උතුරු නැගෙනහිර විශේෂයෙන් කිලිනොච්චිය, වව්නියාව වැනි පළාත්වල ජීවත්වන දෙමළ ජනතාවට වඩා වැඩි දෙමළ ජනතාවක් නුවර බදුල්ල වැනි පළාත්වල ජීවත් වෙනවා. උතුරු නැගෙනහිරට මෙබඳු පළාත් සභාවක් දීමෙන් රටේ අනෙක් පළාත්වල ජීවත්වෙන දෙමළ හා මුස්‌ලිම් ජනතාවට තම ප්‍රශ්න විස¹ ගන්න ලැබෙන ප්‍රයෝජනය කුමක්‌ද?
මුස්‌ලිම් සහ දෙමළ ජනතාව පමණක් නොවෙයි බර්ගර්, මැලේ, චෙට්‌ටි වැනි රට තුළ විසිරුණු අයගේ ප්‍රශ්නත් විසඳිය හැකි වැඩපිළිවෙළක් මධ්‍යම ආණ්‌ඩුවේ ව්‍යවස්‌ථාව තුළ තිබෙන්න ඕන. ඔබ මතුකළේ පළාත් ආණ්‌ඩු හැදීමෙන් පමණක් විසඳිය නොහැකි ව්‍යවස්‌ථාමය ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නය අපේ රටේ වැදි ජනතාවටත් තියෙනවා. අද ඉඩම් අයිතිය වැදි ජනතාව මතු කරන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නවලට අපි ව්‍යවස්‌ථාවෙන් විසඳුම් හදාගන්න ඕන.
13 සංශෝධනය කළොත් අපේ රටට ජාත්‍යන්තර වශයෙන් කෙබඳු බලපෑමක් ඇතිවෙයිද?
13 සංශෝධනය කරනවද නැද්ද කියලා අද මේ කරන විවාදෙදි කතා කරන්නේ මේ ප්‍රශ්නෙ ජාතික පැත්තෙන් විතරයි. රටක් ස්‌වාධීන රටක් ලෙස ජාත්‍යන්තරය කොයිතරම් දුරට පිළිගන්නවද කියන එක රටක ස්‌වාධිපත්‍යය පිළිබඳ මූලික කාරණයක්.
උතුරු නැගෙනහිර ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් වුණාට ඒක ඉන්දියාවටත් බලපාන ප්‍රශ්නයක්. 13 ට එහා ගිය විසඳුමක් අපි දෙනව කියල ඉන්දියාවට කිව්වෙ ඒ නිසයි. 13 ප්ලස් කියලා කිව්වේ අපි මේ ප්‍රශ්නෙට දෙන දේශපාලන විසඳුම. 13 ප්ලස් කියන එක මොකක්‌ද කියලා අපි හරියට නොකිව්වට දැන් තියෙන 13 සමග සෙනෙට් සභාවක් ලෙස එය හැඳින්වුවා. මේ ව්‍යවස්‌ථාවටම තව කෑල්ලක් එකතු කිරීමයි ඒකෙන් අදහස් කළේ. ඒ පොරොන්දුව කඩවුණොත් මම හිතනවා ඉන්දියාවට ජිනීවාවලදී ඇමරිකාවත් එක්‌ක එකතුවෙලා අපට විරුද්ධවෙන්න අපි තවත් අවස්‌ථාවක් හදලා දෙනව කියලා.
ඉඩම් පොලිස් බලතල පළාත් සභාවලට අහිමි වන විදිහට 13 සංශෝධනය කළොත් දේශපාලන විසඳුමක් දීම විදිහට අපි කරලා තියෙන්නේ. දුන්නුදේත් ආපහු ගැනීම නේද කියලා අනිත් රටවලුත් කල්පනා කරන්න ඉඩ තියෙනවා. එය මීළඟ ජිනීවා සමුළුවේදී අපේ රටට වාසිදායක තත්ත්වයක් නෙමෙයි.
විද්වත් හමුව - සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2013/07/07/politics05.html

0 comments:
Post a Comment