උතුරට පොලිස් බලතල දුන්නොත් ශ්‍රී ලංකාවේ දණ්‌ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥපනත් වෙනුවට බෙදුම්වාදයට සහය වන තම ආඥ පනත් සම්මත කර ගැනීමට උතුරු පළාත් සභාව ක්‍රියා කිරීමෙන් බරපතල තත්ත්වයක් උදාවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා නීති විශාරදයන් පිරිසක් රජය වෙත අනතුරු අඟවා ඇත.
උතුරේ ත්‍රස්‌තවාදය යළි හිස ඔසවනු ලැබුවහොත් උතුරු පළාත් සභාවේ මහ ඇමැතිගේ අවසරය රහිතව උතුරට යැමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකි බව ද ඔවුහු තවදුරටත් දන්වා තිබේ.
පොලිස්‌පති නලින් ඉලංගකෝන් මහතා ද උතුරට පොලිස් බලතල දීමේ විපාක ජාතික ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීම හමුවේ ඉදිරිපත් කර ඇත.
ද්‍රවිඩ සංධානය විසින් උතුරේ මහ ඇමැති ලෙස නම් කර ඇත්තේ බෙදුම්වාදී ආකල්පය තවදුරටත් ගෙන යන මාවයි සේනාධිරාජා යෑයි පෙන්නුම් කරන එම නිලධාරීහු ඔහු අනතුරුදායක අයකු බව ද කියා සිටී.
එසේම පොලිස් බලතල දීමෙන් ජාතිවාදී පොලිසියක් උතුරේ ඇතිවන බවට ද එම පිරිස සඳහන් කර ඇත. 13 වැනි සංශෝධනය මත පොලිස් බලතල දුන්නොත් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට උතුරේදී නිල ඇඳුම් ඇඳීම තහනම් වන අතර හිටපු කොටි ත්‍රස්‌තවාදීනට යළි මතුවීමට ඉඩ ලැබෙන බවද ඔවුහු තවදුරටත් දන්වා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/07/news11.html

0 comments:
Post a Comment