13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා ආනුෂංගිකව බැඳුණු පළාත් සභා පනත මගින් ලංකාවේ පළාත් නවය සඳහා පළාත් සභා නවයක් ස්‌ථාපිත විය. එම පළාත් සභාවලට හිමි බලය 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ උපලේඛනගත කර ඇත. ඒ අනුව සංවෘත ලැයිස්‌තුවට අයත් විෂයන් රජය විසින්ද පළාත් සභා ලැයිස්‌තුවට අයත් විෂයන් පළාත් සභාව විසින්ද සමගාමී ලැයිස්‌තුවට අයත් වන විෂයන් අෙන්‍යාන්‍ය සහයෝගය මත එම ආයතන දෙකම විසින්ද ක්‍රියාත්මක වේ. මෙම සමගාමී ලැයිස්‌තුවේ ක්‍රියාකාරකම් බෙදීයැම අපැහැදිලි බැවින් එතැනම ගැටුමක් නිර්මාණය වේ. එසේම ඇතැම් විෂයන්හි යම් කොටසක් සංවෘත ලැයිස්‌තුවේද තවත් කොටසක් පළාත් සභා ලැයිස්‌තුවේද ඇතුළත් වී ඇත. එය ගැටුම්කාරී හා අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වීමට විශේෂ හේතුවක් වී ඇත. පොලිස් බලය හා ඉඩම් බලය පිළිබඳ ගැටලුවද මෙහි ප්‍රතිඵලයකි.
පළාත් සභා බලතල ප්‍රකාශිත 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ සමගාමී ලැයිස්‌තුවට අනුව රජය හා පළාත් සභාව යන දෙපාර්ශ්වය විසින්ම ක්‍රියාත්මක කරන විෂය ධාරාවන් තුළ සීමා මායිම් නිශ්චිත නොවීම බරපතල අර්බුදකාරී තත්ත්වයකි. ක්‍රම සම්පාදනය, උසස් අධ්‍යාපනය, ජාතික නිවාස හා ඉදිකිරීම්, සමාජ සේවා, කෘෂිකර්මාන්ත හා ගොවි ජන සේවා. සෞඛ්‍ය, පරිසර කටයුතු වැනි ප්‍රධාන විෂයන් ඇතුළු විෂයන් 36 ක් එම ලැයිස්‌තුවට අන්තර්ගත වී ඇත. එම විෂය සම්බන්ධව ක්‍රියා කිරීමේදී සංවෘත ලැයිස්‌තුවට අදාළ කර ඇති ජාතික කරුණුවලදී හැර අනෙකුත් සියලු අවස්‌ථාවන් හි පළාත් සභාවෙන් විමසා මිස ක්‍රියා කිරීමට රජයට අවකාශයක් නැත, පළාත් සභා හා රජය යන දෙපාර්ශ්වයම එම විෂයන්ට අදාළව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු දෙපාර්ශ්වයම පවත්වාගෙන යැම තුළින් අනවශ්‍ය මූල්‍ය බරක් දැරීමටද සිදු වී ඇත. රජය විසින් මෙම විෂය සම්බන්ධව යම් පනතක් හෝ නීතිමය විධිවිධානයක් පනවන්නේ නම් පළාත් සභාවල එකඟත්වය ලබාගත නොහැකි විට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර ඡන්දයක් ලැබිය යුතුය. එය රජයේ කාර්යයන් පවත්වාගෙන යැමේදී පැන නැගී ඇති බරපතල අර්බුදකාරි තත්ත්වයකි. එසේම එය රජයේ ස්‌වාධිපත්‍ය බලය හෑල්ලුවට පත්වීමකි.
සාමාන්‍යයෙන් රාජ්‍යයක පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සාධක තුනක් පවතී. එනම් සමස්‌ත රාජ්‍යයේ ආරක්‍ෂාව, සමස්‌ත රාජ්‍යයේ භූමි අයිතිය සහ සමස්‌ථ රාජ්‍යයේ මූල්‍ය පාලනය වේ. සමස්‌ත රාජ්‍යයේ ආරක්‍ෂාව හා භෞමික අයිතිය ගිලිහී ගිය විට මූල්‍ය පාලනය ද ඉබේම ගිලිහී යයි.
13 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ පරිශිෂ්ඨ 1 හි දක්‌වා ඇති පරිදි පළාත තුළ මහජන සාමය සඳහා අවශ්‍ය පොලිස් බලය පළාත් සභාවට හිමි වේ. ජාතික ආරක්‍ෂාව, ජාතික සුරක්‍ෂිතතාවය, සන්නද්ධ හමුදා හා සිවිල් බලතලවලට සහාය වන ආණ්‌ඩුවේ පාලනය යටතේ ඇති වෙනත් හමුදා හැර පොලිස් හමුදාවක් පිහිටුවා ගැනීමටද පළාත් සභාවලට අවකාශ ඇත. පොලිස්‌පති ශ්‍රී ලංකා පොලිස් හමුදාවේ ප්‍රධානියා වන අතර ඔහු යටතේ
(අ) ජාතික අංශයක්
(ආ) එක් එක් පළාත් සඳහා පළාත් අංශයක් බැගින් ස්‌ථාපිත කිරීමට නියමිතය.
පොලිස් අධිකාරි ධුරය දක්‌වා වන නිලධාරීන් එනම් පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පොලිස් අධිකාරී තනතුරුවල නිලධාරීන් ද්විතීයික පදනම මත රජය විසින් පළාත් පොලිස් ඒකකවලට මුදා හරින අතර, සහකාර පොලිස් අධිකාරි සිට ඉන් පහළ මට්‌ටම දක්‌වා වූ සෙසු නිලධාරීන් පළාත් සභාවේ සේවා නියුක්‌තිකයන් ලෙස පත්කරනු ඇත. එවිට දැනට පළාත් සභාවල සේවය කරන රාජ්‍ය සේවයේ වෙනත් අංශවල නිලධාරීන් මෙන් එම සියලු දෙනාද පළාත් පරිපාලනයට යටත් නිලධාරීන් වේ.
පළාතේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පත් කරනු ලබන්නේද දැනට පළාත් සභාවල ප්‍රධාන ලේකම් පත් කරන ක්‍රමවේදයේදී මෙන් ප්‍රධාන අමාත්‍යතුමාගේ එකඟත්වය ඇතිවය. ප්‍රතිවාදී මත දරන ප්‍රධාන අමාත්‍යවරයකු සිටින විට ඔහු නම් කරන පුද්ගලයා ගැන රජය එකඟ නොවේ නම් අර්බුදයක් නිර්මාණය වීම නොවැළැක්‌විය හැකිය. එසේම ප්‍රධාන අමාත්‍යවරයා නම් කරන අය තම පැවැත්ම සඳහා බොහෝ දුරට ප්‍රධාන අමාත්‍යවරයාගේ බලාධිකාරයට යටත්ව ක්‍රියා කරනු ඇත.
සහකාර පොලිස් අධිකාරි සිට සෙසු පහල නිලයන් සඳහා පත් කිරීම පළාතේ පොලිස් කොමිසමට අයත් කාර්යයක් වන අතර දැනට පළාත්වල සිටින එම පොලිස් නිලධාරීන් පළාත් සභාවලට අනිවාර්යයෙන්ම අනුයුක්‌ත කළ යුතුය යන අනිවාර්ය නියමයක් නැති හෙයින් ඒ සඳහා එකඟතාවයක් නොදක්‌වන පළාත්වල සිටින එබඳු නිලධාරීන්ද ඒ සඳහා ස්‌ව කැමැත්ත නොදක්‌වන නිලධාරීන්ද වෙනත් පලාත් වලට අනුයුක්‌ත කිරීමටත් ඒ අඩුව පළාත් තුලින් බඳවා ගැනීමට ඉඩ සැලසීමටත් සිදුවනු ඇත. සෙසු රාජ්‍ය සේවයන් සම්බන්ධයෙන්ද දැනටමත් ක්‍රියාත්මක වන්නේ එබඳු කාර්ය පටි පාටියකි. මේ පසුබිම යටතේ පළාත තුළින් බඳවා ගන්නා පොලිස් නිලධාරීන් ඊළාම්වාදීන් නොවන බවට වග බලා ගැනීමට රජයට නොහැකි වේ. එවිට රජයට එරෙහිව බිම් මට්‌ටමේ ඇති වන පෙළගැසීම් නොදුටු නොඇසූ සේ සිටීමටත්, ඊට අනුබල ලැබෙන සේ වසන් කිරීමටත් ක්‍රියා නොකරනු ඇතැයි රජයට වගබලා ගත හැකිද? වර්ධරාජා පෙරුමාල් වැනි ප්‍රධාන අමාත්‍යවරුන් නැවත බිහි වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය වඩාත් භයානක වන්නේ දැනට ජාත්‍යන්තර බලවේගවල ඉලක්‌කය වී ඇත්තේද ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් බිහි වීම සඳහා අවශ්‍ය මංපෙත් විවර කිරීම වන බැවිනි.
රජයේ පැවැත්මට බලපාන ඊළඟ ප්‍රධාන සාධකය වන්නේ භූමියයි. රාජ්‍ය පාලකයා භූපති ලෙස නම් කරන්නේ රජ්‍යත්වය සඳහා භුමියක් අවශ්‍ය වන නිසාත් එම භූමියේ පාලනය ඔහු වෙත පැවරෙන නිසාත්ය. 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවද රජයේ ඉඩම් ජන රජය සතුව පැවැතිය යුතු වුවද 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් එම මූලික පනතේ විධි විධාන ඛණ්‌ඩනය වන ස්‌වරූපයක් පැන නැගී ඇත. එහෙත් එයද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේම කොටසක් වන බැවින් එම වගන්තිද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටම අඩංගු වන්නක් ලෙස සැලකිය යුතු වේ. එනම්,
රජයේ ඉඩම්, සංවෘත හෝ සමගාමී කාර්යයක් සඳහා ආණ්‌ඩුවේ අවශ්‍යතාවයට අනුව ප්‍රයෝජනයට ගත හැකිය. ඒ සඳහා පළාත් සභාව විමසිය යුතුය. පළාත් අවශ්‍යතාවයන්ට පළාත් සභාව වෙත රජයේ ඉඩම් ආණ්‌ඩුව විසින් ලබාදිය යුතුය. පලාත් ඇතුළත රජයේ ඉඩම් පවරාදීම පළාත් සභා උපදේශය මත ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතුය.
මෙම වගන්ති මගින් ජනාධිපතිවරයාගේ ඉඩම් පිළිබඳ භූපති බලය සමච්චලයට ලක් වේ. රජයේ ඉඩමක් පවරා දීමේදී රාජ්‍යයේ විධායකය වන ජනාධිපතිවරයාට පලාත් සභාවක උපදෙස් ලබා ගැනීමට ව්‍යවස්‌ථානුකූල විධිවිධාන සැලසීම තුලින් ඉඩම් පිළිබඳව තීරණ ගැනීමේ බලයක් පළාත් සභාවට පවරා දීම මගින් රජය සතුව ඇති භූමියේ අයිතිය පිළිබඳ සාධකයද බිඳ වැටේ. පළාත් සභා වලට පැවරී ඇති මෙම බලය අනුව දැනටමත් ඇතැම් පළාත් ඉඩම් අමාත්‍යවරුන් සිය අභිමතානුසාරීව ක්‍රියා කරන අවස්‌ථා ඇත. රජයේ ඉඩම් අමාත්‍යවරයාටද ඒ සම්බන්ධව කළ හැකි දෙයක් නොමැත. එසේම ඉඩම් පිළිබඳව කිසියම් හෝ පනතක් නීතිමය විධිවිධානයක් පනවනු ලබන්නේ නම් එයට පළාත් සභාවල එකඟත්වය ලබාගත යුතු බවට ඇති නීතිමය නිගමනයන්ට අනුව ඉඩම් පනත් සම්බන්ධව සංශෝධිත පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මතයට යොමු කිරීම දිගින් දිගටම ප්‍රමාද වී ඇත්තේද මෙම තත්ත්වය හේතුවෙනි. රජයේ ඉඩම් සම්බන්ධව සෘජුව නීති රීති පැනවීමට හෝ පවත්නා නීති සංශෝධනයට නොහැකි තත්ත්වයකදී රාජ්‍ය නායකයාට හිමි භූපතීත්වයේ ඇති බලය කුමක්‌දැයි විමසිය යුතුව ඇත. පළාත් සභා පිහිටුවීමට පෙර, සාමාන්‍යයෙන් රාජ්‍ය අංශයේ සිදුවන සුළු අක්‍රමිකතා දූෂණ හැරුණුකොට මුළු දිවයින පුරාම ඒකීය ක්‍රමවේදයක් යටතේ ඉඩම් පිළිබඳ බලය දිසාපතිවරුන් හරහා ක්‍රියාත්මක විය. එහෙත් පළාත් සභා ක්‍රමය යටතේ ඉඩම් පිළිබඳ කාර්යන්හිදී ඇතැම් පළාත් සභා දැනටමත් බලතල පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය කර ඇත. ප්‍රතිමතවාදී පලාත් සභාවක ස්‌ථාපිත වුවහොත් මෙබඳු අර්බුධ ජාත්‍යන්තර මට්‌ටම දක්‌වා ගෙන යැමටත් ඒ තුලින් රජය අපහසුතාවයට පත් කිරීමටත් ක්‍රියා කරනු ඇත. භූමියේ අයිතිය පිළිබඳව ව්‍යවස්‌ථාපිත බලය ඌණ වීම යම් රජයක පැවැත්ම බිඳ වැටීමේ මූලාරම්භය වේ. පළාත් සභාවලට ඉඩම් පිළිබඳ බලයක් පවරා දීම තුළින් බෙදුම්වාදීන් ගේ නිජබිම් සංකල්පය යම් පමණකට හෝ නීතිගත කිරීම 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සිදු වී ඇත. එය සංශෝධනය නොකර එයට පැලැස්‌තර විසඳුම් මගින් අභියෝග කිරීම ජාත්‍යන්තර බෙදුම්වාදීන්ට අත වැනීමකි. පළාත් සභාවලට පත් කරනු ලබන රජයේ ආණ්‌ඩුකාරවරයාටද නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇති මෙබඳු කාරණා සඳහා මැදිහත් වීමට නීතිමය අවකාශයක් නැත. තමන්ගේ නිජබිම යෑයි කියා ගන්නා ප්‍රදේශයේ තමන්ගේ වරිගයා වෙනුවෙන් පක්‍ෂග්‍රාහීව ක්‍රියා කිරීමටත් සෙසු කොටස් නොසලකා හැරීමටත් අවකාශ සලසා දී ඇත්තේ නීතිය විසින්මය. එවිට රජයට සිදුවන්නේ තමන්ගෙන් ගිලිහෙන භූමිය දෙස බලා සිටීමට පමණි.
එසේ නම් පළාත් සභාවක් සතු පොලිස් හා ඉඩම් බලතල ඉවත් නොකළ යුත්තේ ඇයි?
1. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව සාමය ආරක්‍ෂා කිරීමේ බිම් මට්‌ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ණ පොලිස් බලතල පළාත් සභාවකට පැවරේ. යම් අවස්‌ථාවක මහජන ආරක්‍ෂාවට තර්ජනයක් වන විට ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසා ජාතික පොලිස් ඒකකයේ නිලධාරීන් යෙදවීමට අවකාශ ඇතත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකර ඇති අවස්‌ථාවකදී එය දින තුනක උපරිම කාලයකට යටත් වේ. ප්‍රතිවාදී ප්‍රධාන අමාත්‍යවරයෙකු කිසිවිටෙක මෙබඳු අවකාශයකට ඉඩ නොසලනු ඇත. ඉඩ සලසනු ලැබූවත් එම කාර්යයන් ඉටු කළ යුතු වන්නේ පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිගේ පාලනයට යටත්වය. මෙබඳු තත්ත්වයකදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර මැදිහත් වීමට රජයට අවකාශ ඇතත් එබඳු අවස්‌ථා වල සුළු ජාතීන්ට හිරිහැර කරන්නේය යන මතය ඔස්‌සේ ජාත්‍යන්තර මැදිහත්වීම් මගින් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට අවකාශ ඇත. ඒ අනුව එබඳු තත්ත්වයන් පුළුල් ජාත්‍යන්තර මැදිහත් වීමක් කරා ගෙන ගොස් ඊළම් සිහිනය සැබෑ කර ගැනීමේ මං පාදා ගැනීමට බෙදුම්වාදීන්ට අවකාශ ලබා දීම සඳහා පොලිස් බලතල ඉවත් නොකළ යුතු වේ.
2. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රජයේ අයිතිය තිබුණද පළාත තුළ ඉඩම් සම්බන්ධව ක්‍රියාත්මක බලතල පළාත් සභාවට පැවරී ඇත. මෙය අයිතිකරු පසෙක සිටියදී තවත් අයෙකු භුක්‌ති විඳීම වැනි ක්‍රියාවකි. රජය විසින් දැනටමත් භුක්‌ති විඳින රාජ්‍ය දෙපාර්තමේන්තු සතු ඉඩම් හමුදා කඳවුරු පවත්වාගෙන යන ඉඩම් ආදියෙහිද නීත්‍යානුකූල පවරා ගැනීම් සිදුකර නොමැති නම් එබඳු ඉඩම් පළාතේ අවශ්‍යතාවයන් සඳහා භාරදෙන ලෙසට ඉල්ලීමට අවකාශ ඇත. දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ ෂෂ පරිශිෂ්ඨයට අනුව පළාත් අවශ්‍යතාවයන්ට පළාත් සභාව වෙත රජයේ ඉඩම් ආණ්‌ඩුව විසින් ලබාදිය යුතුය. එය නිත්‍ය ප්‍රකාශයකි. එහි සඳහන් වන්නේ ලබාදිය හැකිය යනුවෙන් නොව ලබාදිය යුතුය යනුවෙනි. පළාත් සභාවලට පැවරී ඇති බලය අනුව පළාත තුළ රජයේ ඉඩම් පරිහරණය කිරීම පමණක් නොව සන්තකය පැවරීමටද බලය පැවරී ඇත. රජයට අවශ්‍ය විට පළාත් සභා ප්‍රදේශයක් තුළ ඇති රජයේ ඉඩමක් ලබා ගැනීමට පළාත් සභාවේ අවසරය ලබාගත යුතු වේ. එබඳු ඉල්ලීමකට යම් පළාත් සභාවක් එරෙහි වුවහොත් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගේ. මෙහිදී රජය සිය අභිමතය පරිදි ක්‍රියා කළහොත් එය ජාත්‍යන්තර මැදිහත් වීමක් දක්‌වා දුරදිග ගෙනයැමට ප්‍රතිමතවාදී පළාත් සභාවකට අවකාශ සැලසෙනු ඇත, නිජබිම් සංකල්පය මුවහත් කරවමින් රජය කෙරෙහි ප්‍රදේශයේ ජනතාව කුපිත කරවන ක්‍රියා මාර්ග කරාද යොමු විය හැකිය.
ජයලත් ර. වි. දිසානායක
http://www.divaina.com/2013/07/06/feature01.html
ප.ලි.
මුළු ලාංකීය මුහුදු තීරයෙන් 2/3 ක්ද, ගොඩබිමෙන් 1/3 ක්ද උතුරු සහ නැගෙනහිර පළාත් වලට අයිතිය.

0 comments:
Post a Comment