විශේෂ කාර්ය බළකායෙන් වෙඩි කා පාතාලයේ කුඩු නායක මාමස්මී මිය ගිය පුවත අපි දැනගතිමු. "මාමා" ලෙසින් හඳුන්වන ලද මේ පුද්ගලයා කලක් මාලිගාවත්තේ ජීවත් වූ අතර පසු කාලයේදි අප නොදත් බොහෝ තැන්වල ජීවත් විය. මිනිහකුගේ මරණය ගැන සතුටුවීම යහපත් ප්‍ර‍්‍රවණතාවක් නොවේ. එහෙත්, කුඩුකාරයන්, ස්ත්‍රී දූෂකයන්, ළමුන් අපයෝජනය කරන්නන්, කප්පම් කාරයන් සහ දේශෙද්‍රdaහීන් මිය යැම ගැන සතුටුවීමේ ප්‍රවණතාවක් රට තුළ හටගෙන තිබෙන්නේ නම් අපි ඒ ගැන සතුටු විය යුත්තෙමු. එබඳු හැම මිනිහකුම මිය යන අවස්ථාවකදී එක කුණු ගොඩක් බැගින් අවසන් වෙයි. එවිට එම කුණු ගොඩෙන් නික්මෙන නිලමැස්සෝද ඉහඳ පණුවෝද වෙනත් විෂබීජද නවතී.
කොළඹ බ්ලූමැන්ඩල් පාරේ කුණු කන්දට යාබදව මෙයට කලකට පෙර මෙබඳුම කසල ගොඩක් ජීවත් විය. ඔහුගේ නම ප්‍රින්ස් කොලම්ය. පාතාල නායකයකු වූ ඔහු සහ ගෝලයන් විසින් බිලිගන්නා ලද මනාලියන්, තරුණ ගැහැනු දරුවන් සහ වැඩිවිය පත් නොවූ ගැහැනු දරුවන් ගැන විස්තර මෝදර පොලිසියේ පොලිස් පොත්වල තිබේ. කිසියම් නාඳුනන කණ්ඩායමක් විසින් ඔහු ඝාතනය කරන ලදී. ඒ සම්බන්ධයෙන් එම නාඳුනන කණ්ඩායමට පින් අනුමෝදන් විය යුතුය.
මාමස්මී සිය ජීවිත කාලය තුළදී උපරිම ලෙස බලය පතුරුවාගෙන සිටියේය. ඔහු සවස් කාලයේදී මාළිගාවත්තේ පිහිටි සිය උසාවි සංකීර්ණයේදී "නඩු" ඇසුවේය. ඒ මෙසේයá පළාතේ කෙනකුට මාමස්මීගේ මැරයකු අතින් හිරිහැරයක් වූයේ යෑයි සිතමු. ඔහු පොලිසියට ගිය විට මාමස්මී කරන්නේ එම පැමිණිල්ල භාර ගත් පොලිස් නිලධාරියාත් පැමිණිලිකරුත් තම මැරයාත් සිය පෞද්ගලික උසාවියට කැඳවීමය. එතැනදී පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස පැමිණිලිකරුට නියෝග කෙරෙන අතර පැමිණිලිකරුට වූ හානිය වෙනුවෙන් කිසියම් මුදලක් ගෙවිය යුතු නම් මාමස්මී එය ගෙව්වේය. මේ ආකාරයෙන් පූරණය කළ හැකි හානි තිබේ. එහෙත් ස්ත්‍රී දූෂකයන් එම ක්‍රමවේදය හරහා පූරණය කළ නොහැකිය. "මාමා" එම හානිද සුළු ගනුදෙනුවකින් පූරණය කිරීමට වග බලා ගත්තේය. මෙහිදී පොලිස් නිලධාරියා අසරණ විය. මාමාට අවනත නොවුණොත් තමාට බෝම්බ පහර කෑමට සිදුවන බව පොලිස් නිලධාරියා දැන සිටියේය. අනෙක පැමිණිලිකරු පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නේ නම් පොලිස් නිලධාරියාට කළ හැකි දෙයක් ද නැත. මාමාගේ උසාවිය යුක්තිය පසිඳලන ලද ආකාරය බැලීමට සිවිල් සමාජයටද අවස්ථාව ලැබිණි. නඩු අසනු බැලීමට එන අයටත් විත්තියටත් පැමිණිල්ලටත් තේ, කිරිකෝපි සහ කේක් පිළිගන්වන ලදී. මාමා උසාවිය අවසන් කරන්නේ තමා තවදුරටත් සුරක්ෂිත බව තහවුරු කර ගැනීමෙන් පසුය. මෙහිදී අපි නැවතත් පොලිසිය වෙනුවෙන් පෙනී සිටිමු. මාමාට උඩින් ගොස් බෝම්බ පහරකා මිය යැමට පොලිස් නිලධාරියාට සිදු වුවහොත් එහි පාඩුව ඔහුට සහ ඔහුගේ දරු පවුලටය. සමාජ ශෝධනය සඳහා දිවි පුදන්නට කැමැති පොලිස් නිලධාරීහු විරලය.
මාමාගේ මරණය නිසා බෑණාවරුන් විශාල පිරිසක් තනිවන බව අපි දනිමු. මාමාගේ කුඩු ව්‍යාපාර ජාලයේ සභාපති තනතුරට පත්වන මෙයින් එක් බෑණා කෙනෙක් මාමාගේ භූමිකාව නිරූපණය කරනවා ඇත. එවිට ආරක්ෂක අංශය කළ යුත්තේ ඔහුද මාමා ගිය ගමන් මගටම යොමු කිරීමය. මාමා මිය ගියේ විශේෂ කාර්ය බළකායේ රියෑදුරකුගේ බෙල්ල මිරිකීමට උත්සාහ කිරීමේදීය. මාමාගේ සියලු බෑණාවරුන්ටද එසේ ගෙල මිරිකීමේ අවස්ථා ලබා දෙන ලෙස විශේෂ කාර්ය බළකායෙන් ඉල්ලමු. එය ඔවුන් කරන පිංකමකි.
http://www.divaina.com/2013/07/06/editor.html
සබැඳි ලිපි
[
පොලිස් වෙඩි පහරින් පාතාල නායකයා මරුට | පොලීසියෙන් බේරීමට මුස්ලිම් කාන්තා වෙස් අරන්http://denethharinna.blogspot.com/2013/07/blog-post_2114.htmlමාමස්මි ඉවරයි! මිනී මැරුම් 20 යි, බිරියන් 3 යි, ළමයින් 12 යි!http://denethharinna.blogspot.com/2013/07/20-3-12.html
]

0 comments:
Post a Comment