Pages

Monday, September 9, 2013

ශ්‍රී ලංකාවේ 65% කට දියවැඩියා අවදානමක්‌

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 64% ක්‌ පමණ දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමක්‌ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

මෙරට ග්‍රාමීය ජනතාවගේ සියයට 10 ක්‌ද, නාගරික ජනතාවගෙන් සියයට 15 ක්‌ පමණද මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙති. 

පාසල් සිසුන්ගෙන් සියයට 15 ක්‌ පමණද දියවැඩියාවට ලක්‌වී සිටින බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

කෘත්‍රිම ආහාර සහ රසකාරක බහුලව ආහාරයට ගැනීමත් ආහාර ගැනීමේදී දක්‌වන නොසැලකිල්ල දියවැඩියාව රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක්‌ යෑයිද එම ප්‍රකාශකයා කීය.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2013/09/08/news04.html

2 comments:

Gossip kella said...

ow ithin dan kale kana kama wala hatiyata ehema nowunoth eka thamai news eka wenna oni :(

Amila Chathuranga said...

ව්‍යායාම අඩු වීමත් ආහාර ගැන සැලකිලිමත් නොවීමත් තමයි හේතුව.. සමහරු කියනවා ලංකාවෙ අයට කන්න බොන්න නැහැ කියලා.. නමුත් කේස් එක එතන නෙමෙයි.. කන බොන දේවල් වැඩිවලො තියෙන එක.. සහ කන දේවල් වලින් බාගයක් වස වෙච්චි එක..