Pages

Monday, September 9, 2013

කන්ටේනර් තුළ එන හෙරොයින් නවත්වන්න වැඩපිළිවෙළක්‌ නෑ

කන්ටේනර් පෙට්‌ටිවල සඟවා ශ්‍රී ලංකාවට හෙරොයින් තොග පිටින් රැගෙන ඒම නතර කිරීමට මේ වනතුරු විධිමත් ක්‍රියාමාර්ගයක්‌ නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇති බව පොලිස්‌ ආරංචිමාර්ග පවසයි. 

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය, ශ්‍රී ලංකා රේගුව සහ බුද්ධි අංශ මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කරන ප්‍රධානම මාර්ගය කන්ටේනර් පෙට්‌ටිවල අසුරා එවීම බවයි.

වෙනත් භාණ්‌ඩ අතර ඉතාම රහසිගතව සුරක්‍ෂිත අන්දමින් හසුරා හෙරොයින් ආනයනය කිරීම බහුල වශයෙන් සිදුවුවත් එය නතර කිරීමට මේ වනතුරු නිවැරැදි ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවද පොලිසිය පවසයි. 

ශ්‍රී ලංකාවට හෙරොයින් රැගෙන එන ප්‍රධානම මාර්ගය අවහිර නොකර රටේ මත් උවදුර තුරන් කිරීම කිසිසේත්ම කළ නොහැකි ක්‍රියාවක්‌ බව ආරක්‍ෂක අංශ පෙන්වා දෙයි.

මෙරටට රැගෙන එන කන්ටේනර් පෙට්‌ටි පරීක්‍ෂා කරද්දී මත් ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු කළ පොලිස්‌ සුනඛයන් යෙදවීම, ස්‌කෑන් යන්ත්‍ර යෙදීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් කන්ටේනර්වල සඟවා රැගෙන එන හෙරොයින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ආරක්‍ෂක අංශ පවසයි.

හේමන්ත රන්දුණු 
http://www.divaina.com/2013/09/08/news03.html

1 comments:

Amila Chathuranga said...

ඒ වගේම බුද්ධි තොරතුරු ජාලයත් ශක්තිමත් වෙන්න ඕනි.. මේ ග්‍රීස් ටින් වල ආපු ඒවා නම් ස්කෑනර් සහ බල්ලන්ගේ ඉව මගින් හොයන්න අමාරු ඇති.
එක පාරක් කුඩු වලට අහු වෙන අයට නිදහස් වෙන්න නොදීමත් හොද විසදුමක්.
තව ඉතිං එකපාර ලැම්බොගිනි, ලොකු ගෙවල් ආදිය බස්සන ක්ෂණික ධනවතුන් ගැනත් හොඳට විපරම් කරනවා නම් කුඩු වෙළඳාමෙ පහල ස්ථර නෙමෙයි ඉහලම ස්ථර හොයාගන්න පුලුවන් වේවි..