ලබන වසරේ මාර්තු මාසය වනවිට දැනට කිලිනොච්චිය දක්වා නිමවා ඇති උතුරු දුම්රිය මාර්ගය යාපනය දක්වාද, මැයි මාසය වනවිට කන්කසන්තුරය දක්වාද දීර්ඝ කිරීමට කටයුතු සලසා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී පී.ඒ.පී ආරියරත්න මහතා පැවසීය.
වවුනියාව, ඕමන්තේ සිට කිලිනොච්චිය දක්වා දැනට නිමවා ඇති දුම්රිය මාර්ගයේ මගීන් සදහා ධාවන කටයුතු මේ මස 14 වෙනිදා සිට ආරම්භ කරන බවද සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය.
මාර්ගය විවෘත කිරීමත් සමග වසර 23කට පසු ‘යාල්දේවී’දුම්රිය සහ රාතී‍්‍ර තැපැල් දුම්රිය කිලිනොච්චිය බලා ධාවනය වන බව ඒ මහතා පැවසීය.
උතුරු මාර්ගයේ කන්කසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන ඉදිකිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන 29 ක් දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරන බවත්,මෙම දුම්රිය මාර්ගය පැයට කි.මී 120ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි පරිදි ඉන්දීය සමාගමක් විසින් ඉදිකර ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය.
උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ 1900 වර්ෂයේදීය. කොළඹ සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය 1905දී ආරම්භ වී තිබේ. 1956 දී උතුරට ‘යාල්දේවී’දුම්රිය හදුන්වා දී ඇති අතර,90 දශකයේ දුම්රිය ධාවනය ඇණ හිටීම දක්වාම ‘යාල්දේවී’ දුම්රිය උතුරට අඛණ්ඩව ධාවනය විය.
September 2, 2013 at 4:54 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/100438/

0 comments:
Post a Comment