Pages

Monday, September 2, 2013

පකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHU

පකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ තහනම් ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාව තුළට පැමිණෙන ප‍්‍රධාන මාර්ගය වී ඇත්තේ පකිස්ථාන ආනයන හා ඒ හා බැදුණු මුස්ලිම් ව්‍යාපාරික ජාලයන් බවය.

නිවේදනයේ මෙසේද දැකවේ

පසුගිය අගෝස්තු 30 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේදී ගී‍්‍රස් ටින් තුළ බහා ඉතා සූක්‍ෂම ලෙස මෙරටට ගෙන්වන ලද බ‍්‍රවුන්ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ 250 ට අධික ප‍්‍රමාණයක් අඩංගු කන්ටේනරයක් රේගු ආදායම් අධීක්‍ෂණ බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ ලොකුම හෙරොයින් තොගය මෙය බව වාර්තා වේ. ග‍්‍රීස් ටින් 17500 ක මනාව අසුරා මෙම හෙරොයින් තොගය පකිස්ථානයේ කරච්චියේ සිට මෙරටට ගෙන්වා ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරකයෙකු වන අතර, මෙම හෙරොයින් තොගය ලංකාවට එවා ඇත්තේ පකිස්ථාන ජාතිකයෙක් විසිනි. ශී‍්‍ර ලංකාවට එවා ඇති මෙම හෙරොයින් තොගය දෙස බැලීමේදී මෙය මුළු සමාජ දේහයම සලිත කරවන, තැති ගන්වන භයානක සිදුවීමකි. මීට පෙර අවස්ථා ගණනාවකදීම රට තුළට මත්කුඩු, මත්පෙති, වඳ බෙහෙත්, ගබ්සා පෙති තොගපිටින් හා කන්ටේනර්පිටින් රට තුළට ගලා ආවේ පකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට ආනයනය කරන භාණ්ඩ හරහාය. මේ පිළිබදව පසුගිය කාලය පුරාම අප නිරීක්‍ණය කර ඇති අතර, මෙම භාණ්ඩ ශී‍්‍ර ලංකාව තුළට පැමිණෙන ප‍්‍රධාන මාර්ගය වී ඇත්තේ පකිස්ථාන ආනයන හා ඒ හා බැදුණු මුස්ලිම් ව්‍යාපාරික ජාලයන්ය. අත්අඩංගුවට ගත් මේ මහා පරිමාණ හෙරොයින් තොගය තුළින් පෙනී යන්නේ තව කොතරම් ප‍්‍රමාණයක් මේ ආකාරයට රේගු අධීක්‍ෂණයට හොරෙන් රට තුළට ඇතුල් වනවා ඇත්ද යන්නයි. අද ශී‍්‍ර ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යමත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වල තිප්පොලක් හා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතුවා පමණක් නොව මත්ද්‍රව්‍ය බෙදාහරින තැනක් බවට පත්ව ඇත. මීට ප‍්‍රථම මේ ආකාරයෙන් ගෙන්වූ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්වලදී ඒ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව සෑබෑ ලෙස නීතිය කි‍්‍රයාත්මක කර දඩුවම් කළේද? මේ මත්ද්‍රව්‍ය සහ හොර ජාවාරම් පිළිබඳ බුද්ධි අංශවල, විශේෂ විමර්ශන ඒකකවල විශේෂ අවධානය යොමු වී තිබේද? මෙම මත්කුඩු රට තුළට ගෙන ආවේ රටේ තරුණයන්ට පෙවීමට මිස තරුණයන්ගේ ශරීර සෞඛ්‍ය නැංවීමට නොවේ.

මෙම ජාවාරම පිටුපස සිටින හාල්මැස්සන් ඇල්ලීමෙන් වැඩක් නැත. ඔවුන් සිරගත කිරීමද ප‍්‍රමාණවත් නැත. මේ පිටුපස සිටින තෝරුමෝරු සොයාගත යුතුය. රේගු අධීක්‍ෂණ බලධාරීන්ගේත්, ආරක්‍ෂක අංශයන්ගේත්, බුද්ධි අංශයන්ගේත් වගකීම එයයි. එබැවින් මේ පිළිබදව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, මෙහි අලගිය, මුලගිය තැන් හාල්මැස්සන් හා තෝරුමෝරු නීතියට හමුවට ගෙනවිත් දඩුවම් කිරීම බලධාරින්ගේ වගකීමකි. එමෙන්ම අප නැවත නැවත අවධාරණය කරන්නේ ශී‍්‍ර ලංකාවේ කුඩු ජාවාරම පිටුපස සිටින අනන්‍යතා ලකුණ කුමක්ද යන්න නැවත වතාවක් තහවුරු වී ඇති බවයි. විශේෂයෙන් අප ඉල්ලා සිටින්නේ පකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට ගෙන්වන අල, ළුෑණු, පරිප්පු කන්ටේනර් පමණක් නොව අනෙකුත් සියලූම භාණ්ඩ සහ විශේෂයෙන් ශී‍්‍ර ලංකාවට ගුවන් තොටුපලෙන් පැමිණෙන පකිස්ථාන ජාතිකයින් විශේෂ විමර්ෂණයකට ලක්කළ යුතු අතර, ඔවුන් ගෙන එන භාණ්ඩ පිළිබදව විමසිලිමත් විය යුතුය. තවද පකිස්ථානු හා ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ශී‍්‍ර ලංකාව තුළ පවත්වාගෙන යන ව්‍යාපාර හා ඔවුන් සමග සම්බන්ධ වී සිටින ව්‍යාපාරික ජාලයන් පිළිබදව නිරන්තර පසුවිපරමකින් හා සෝදිසියකින් සිටීමෙන් ශී‍්‍ර ලංකාව තුළට ගලා එන මත්කුඩු හා  හොර ජාවාරම් සැලකිය යුතු ලෙස මැඩලිය හැකි බව අපගේ නිරීක්‍ෂණය හා නිගමනයයි. ඒ සදහා බලධාරීන්ගේ අවධානය යොමු වෙතැයි අප බලාපොරොත්තු වෙමු.

September 2, 2013 at 1:03 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/100431/

සබැඳි ලිපි -
[
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
යළි සිංහ වංශයට පැමිණි රේගුවට ජයවේවා!http://denethharinna.blogspot.com/2013/09/blog-post_4029.html
]

0 comments: