උතුරේ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය ඊළාම් උගුලක් බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් සහ විද්වත්හු ප්‍රකාශ කරති.
දෙමළ ජාතික සන්ධානයේ අරමුණ උතුරු පළාත් සභා මැතිවරණය ජයගෙන ජාත්‍යන්තරය හරහා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම බව ඔවුහු පෙන්වා දෙති.
උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම, මූල්‍ය, බදු, දේශීය හා විදේශීය ණය ආධාර ලබාගැනීමේ බලතල ලබාදීම, දෙමළ ජනයාට ස්වයං පාලනයට ඇති අයිතිය පිළිගැනීම, උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ඓතිහාසික වාසභූමිය ලෙස සැලකීම, ෙµඩරල් ව්යqහය මත බලතල විමධ්‍යගත කිරීම, උතුරු හා නැගෙනහිර හමුදාකරණය වහා නතර කිරීම වැනි යෝජනා රැසක් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
යම් දිනක මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීමට එම සන්ධානයට අවස්ථාව උදාවුවහොත් එය ඉතාම භයානක හා රටේ අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වීමට පාර කැපීමක් බව දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් හා විද්වත්හු අවධාරණය කරති.
මේ තත්ත්වය මත එම ප්‍රතිපත්ති ප්‍රකාශය හා දෙමළ සන්ධානයේ ක්‍රියාකලාපයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ විද්වත්හු විරෝධය පළ කරති.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට අදහස් දක්වමින් මෙසේ පැවසීය.
දෙමළ ජාතික සන්ධානය උතුරේ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ගේ මෙම ප්‍රකාශය උග්‍ර ජාතිවාදී එකක්. මෙය ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරියොත් රට බෙදීම වැළැක්විය නොහැකියි.
මේ රටේ බලය බෙදීම සම්බන්ධව ජාත්‍යන්තරයට අවශ්‍ය විදිහට සිදුකරන්න අපි කිසි විටකත් ඉඩ දෙන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා - දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර තිබෙන යෝජනා බහුතරයක් අපිට පිළිගත නොහැකියි. එක්සත් ජාතික පක්ෂය එදත් අදත් ජාතික ප්රශ්නය සම්බන්ධව දැරුව ස්ථාවරය වෙනස් කර නැහැ. එදා අපි කියා සිටියේ ඒකීය රාමුව තුළ බලය බෙදිය යුතු බවයි.
නමුත් දෙමළ සන්ධානය උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කළ යුතු බවට ප්‍රකාශ කිරීම වැරැදියි. මේ රටේ සියලු ජාතීන් එකමුතුව එක රටක් ලෙස ඉදිරියට යා යුතුයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා - උතුරේ වෙනම රජයක් පිහිටුවීමේ යෝජනාවලිය දෙමළ සන්ධානය ප්‍රකාශයට පත්කර තිබෙන බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන ඕනෑම අයකුට පැහැදිලියි. එදා යුද්ධයෙන් කරගන්න බැරිවුණු දෙය ඔවුන් අද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා කරගන්න උත්සාහ කරනවා.
ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මෙම යෝජනාවලියට ජනමතය ලැබෙන බව ජාත්‍යන්තරයට පෙන්වීමයි. එයින් පසු ජාත්‍යන්තරය හරහා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ගමන අරඹනවා. එය වැළැක්විය නොහැකියි.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සම්බන්ධීකාරක නිශාන්ත වර්ණසිංහ මහතා - දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී අරමුණ තවමත් තිබෙන බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා සනාථ වී තිබෙනවා.
එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් පරාජයට පත්වුණත්, දේශපාලන සන්ධාන මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම රටේ සංහිදියාවට විශාල ප්‍රශ්නයක් වෙනවා. දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස බලන විට එය ඊළමට පාර කැපීමක් බව පැහැදිලියි. මෙය ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරීම තුළින් රට දෙකඩ වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා ජාතික හෙළ උරුමය රට බෙදන මෙම ප්‍රතිපත්තිය ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධව ක්‍රියා කරන බව කිවයුතුයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා - දෙමළ නිජබිම ගැන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කතා කරනවා. එවැන්නක් අපට අවශ්‍ය නෑ. එයට අපි විරුද්ධයි.
නමුත් මේ යෝජනාවලියේ හොඳ කරුණු තියෙනවා. ඒවා අපි පිළිගන්න බව කිවයුතුයි.
උතුරු පළාත් සභා මැතිවරණයට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
1985 පැවති තිම්පු සාකච්ඡාවල තිබූ දේවලටත් වඩා එහාට ගොස් රට බෙදන යෝජනාවලියක් අද දෙමළ සන්ධානය ඉදිරිපත් කර ඇති බවත් බෙදුම්වාදී ජාතිවාදී උවමනාව සංසිඳුවා ගැනීමට ඇති අවශ්‍යතාව මත ඉදිරිපත් කර ඇති එකක් විනා දෙමළ ජනතාව කිසිසේත්ම මේවා ඉල්ලා නැති බව ඒ මහතා කීය.
දෙමළ නිජභූමි සංකල්පය, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි ඉල්ලීම් වෙනම රාජ්‍යයකට ස්වාධිපත්‍යය බලය ලබාගැනීමට කළ එකක් යෑයි ද කීය.
දෙමළ සන්ධානයට මේවා ඉල්ලන්න පසුබිම හැදුවේ ආණ්ඩුව යෑයි ද යුද්ධය නිමා කිරීමෙන් පසුව රටේ ජාතික සමගිය ගොඩනගා සියලු ජනතාවට එකට ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම වෙනුවට ආණ්ඩුව දිගින් දිගටම පසුගිය කාලයේ කළ කී දැ නිසා මේ තත්ත්වය උදා වූ බව ද කීය.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අදහස් පළ කළ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි - යළිත් වරක් දකුණේ කලබලකාරී තත්ත්වයක් ඇතිකොට වාර්ගික කොටස් අතර ගැටුම්කාරී වාතාවරණයක් මගින් පළාත් සභා ඡන්දයේදී වාසි ලබාගැනීම සඳහා මෙම ලේඛනය සකස් කර ඇති බව ප්‍රකාශ කළේය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අරමුණ ෙµඩරල් ක්‍රමයක් උතුර හා නැගෙනහිර ස්ථාපිත කරගෙන ඒ ඔස්සේ ඊළාම් සිහිනය සැබෑකර ගැනීමයි. විග්නේශ්වරන් මහතා මගින් ඊට අවශ්‍ය නීතිමය පසුබිමක් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා හරහා දෙමළ ජන ඒකරාශීත්වයක් ඇති කරගැනීම ඔවුන්ගේ අරමුණ බව ද ගෝමින් දයාසිරි මහතා පවසයි. මෙම මැතිවරණ ප්‍රකාශය ජාතිකත්වය සම්පූර්ණයෙන්ම අමතක කර වාර්ගිකත්වයට මුල් තැන දී සැකසූ ලියෑවිල්ලක් බව ද ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පැවසීය.
පියසේන දිසානායක, පාලිත සේනානායක, රනිල්, සිරිමන්ත
http://www.divaina.com/2013/09/08/news01.html
සබැඳි ලිපි -
[
අප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස් - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්වයං පාලනයක් ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]
1 comments:
මෙතන අපිට දෙමල ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිවැරදිව කියවන්නෙ නැතුව අදහස් ප්‍රකාශ කරන්න බැහැ. සමහර විට ඔය කෑල්ල ඇත්තෙ වෙනමම රාමුවක වෙන්න පුලුවන්.
කොහොම වුනත් රටේ මූලික ව්‍යවස්ථාවෙන් ලැබන බලය අනුව තමයි පලාත් සභාව වැඩකරන්න ඕනි. දැනට ක්‍රියාත්මක පළාත්සභාවලට වුනත් ස්වයං තීරණ අයිතින් තිබෙන්නෙ ඉතා සුළුවෙන්. ඒනිසා මේ වගේ දේවල් ගැන හුඹස් බියක් ඇතිකරගන්න එක මෝඩ කමක්..
Post a Comment