Pages

Thursday, November 6, 2014

ආහාර හා රසකැවිලි සඳහා රසකාරක ද්‍රව්‍යයන් 19 ක්‌ භාවිත කිරීම තහනම්

මෙරට නිෂ්පාදනය කරනු ලබන ආහාර වර්ග හා රසකැවිලි සඳහා රසකාරක ද්‍රව්‍යයන් 19 ක්‌ භාවිත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් තහනම් කර තිබේ.

තවත් රසකාරකයන් 3 ක්‌ වයස අවුරුදු 3 ට අඩු ළදරුවන් හා ළමුන් සඳහා නිෂ්පාදනය කරනු ලබන ආහාර වර්ග සඳහා යොදා ගැනීම තහනම් කර තිබේ.

මෙම වසරේ ජුලි මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙරට ආහාර නිෂ්පාදනයේ දී යොදා ගැනීම තහනම් කර ඇති රසකාරකයන් 19 වනුයේ ඇලොයින්, බර්බරින්, බීටා-ඇසරෝන්, ඇන්ඩ් ක්‌ලිනමයිල්, ඇන්ත්‍රසිලේට්‌, සිනමයිල් ඇන්ත්‍රක්‌ සිලේට්‌, තේඩ් ඔයිල්, කැලමස්‌ ඔයිල්, කොකේන්, කුමරන්, ඩයිඑතිලීන් ග්ලයිකෝල්, මොනොඊතයිල් ඊතර්, එස්‌ටුගොල් ඉයුජිනයිල් මීතයිල් ඊතර්, හයිපර්සින්, නයිට්‍රොබෙන්සින්, පයිරොලිජිනස්‌ ඇසිඩ්, සැෆරෝල් සහ අයිසොසැෆරොල්, සැන්ටොනින්, සසාෆස්‌ ඔයිල්, තුජෝන් අයිසෝතුජොන් (ඇල්ෆ ඒ - බීටා බී තුජොන්), ටොන්කාබින් (ඩිප්ට්‍රයිල් ඇඩොරට්‌) වේ.

ළදරු හා ළමා ආහාරවලට යෙදීම තහනම් කර ඇති රසකාරකයන් තුන වනුයේ මොනොසෝඩියම් ග්ලුටමේට්‌, ඩයිසෝඩියම් 5" ගුවනයිලේට්‌, ඩයිසෝඩියම් 5" ඉනොසිනේට්‌ ය. වැඩිහිටියන් සඳහා වන ආහාර වර්ග සඳහා මෙම රසකාරකයන් භාවිත කරන්නේ නම් ඒ බව ආහාර වර්ගවල ලේබලයෙහි සඳහන් කිරීම අනිවාර්යය කර තිබේ.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/11/05/news22.html

Pic Source

කතෲ සටහන - මොනොසෝඩියම් ග්ලුටමේට්‌ යනු අජිනමොටෝ වල රසායනික නාමයයි. මෙය පිළිකා කාරක රසකාරකයකි.

0 comments: