Pages

Sunday, November 9, 2014

රුසියාව හා චීනය අතර තවත් ගෑස් නළයක්

රුසියාව සහ චීනය අතර තවත් ගෑස් නළ මාර්ගයක් ඉදිකිරීමේ බොහෝ පැතිකඩයන්හි එක`ගතාවයන්ට පැමිණ ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් පවසා තිබේ.

මෙම නළ මාර්ගය බටහිර මාවත ලෙස නම් කර ඇති අතර ඩොලර් බිලියන 400ක් වටිනා නැගෙනහිර මාවත ගෑස් නළ මාර්ගය ඉදිකිරීම සඳහා පසුගිය මැයි මස ගිවිසුම් අත්සන් කරන ලදී.

නොවැම්බර් 9-11 අතර බෙයිජිං නගරයේදී පැවැත්වෙන ආසියා පැසිපික් ආර්ථික සහයෝගිතා සංවිධානයේ සමුළුව සඳහා සහභාගී වීමට රුසියානු ජනාධිපතිවරයා චීනය බලා ගොස් ඇත.

ඔහු පවසා ඇත්තේ මේ වන විටත් බටහිර මාවත ව්‍යාපෘතියේ අවසන් එකගතාවයන් සඳහා ශක්තිමත් පදනමක් සැකසී ඇති බවයි.

මේ වන විට වැඩකටයුතු අරඹා ඇති නැගෙනහිර මාවත හෙවත් සයිබීරියානු බලය නළ මාර්ගය මගින් වාර්ෂිකව රුසියාවේ කොව්යාට්කා සහ චයින්ඩා ගෑස් බිම් වල සිට චීනය දක්වා ස්වභාවික ගෑස් ඝන මීටර් බිලියන 38ක් ගෙන යාමට නියමිතය.

අල්ටායි හෙවත් බටහිර මාවත හරහා රුසියාවේ සිට බටහිර චීනය දක්වා තවත් ගෑස් ඝන මීටර් බිලියන 30ක් ගෙන යනු ඇත.

ඒ අනුව නළ මාර්ග 2 සම්පූර්ණ වූ පසු රුසියාවේ විශාලතම ගෑස් පාරිභෝගිකයා බවට ලොව දෙවන විශාලතම ආර්ථීකය හිමි චීනය පත්වනු ඇති අතර මේ වන විට රුසියාවෙන් වැඩියෙන්ම ගෑස් මිලදී ගන්නේ ජර්මනියයි.

http://lankacnews.com/sinhala/foreign-news/124634/

0 comments: