Pages

Thursday, November 6, 2014

බෞද්ධයන්ගේ සිත් සතන් පුබුදුවන ඉල්මහ පුන්පොහොය

මනෝ පුබ්බංගමා ධම්මා - සියලූ ධර්මයන් සිත පෙරටුකොට ගෙන ඇත්තේය.

බෞද්ධ දර්ශන "සිත" මූලික කරගෙන සියලූ කටයුතු සිදුවෙන බව, ඉතාම තීක්‍ෂණ ආකාරයට පෙන්වා දෙන යහපත් දර්ශනයකි. මිනිසුන් වන අප ජීවත්වන්නේ පෘථිවිය නම් වු ග්‍රහ වස්‌තුවක බව භෞතික විද්‍යාවෙන් දැනුවත් වූ අයගේ විග්‍රහය වන්නේය. නමුත් බෞද්ධ දර්ශනයේ ලෝකය කියන්නේ එය නොවේ. තාරකා විද්‍යාඥයෙකුගේ විග්‍රහයෙන් පෙනීයන්නේ, චක්‍රාවාටයක්‌ වූ ග්‍රහ වස්‌තූන් සමූහයක්‌ බවත් සූර්යයා වටා එම ග්‍රහවස්‌තූන් භ්‍රමණය වෙමින් පවතින බවය.

ජ්‍යෝතිෂය අනුව විග්‍රහ කිරීමේදී එම ග්‍රහ වස්‌තූන් නවග්‍රහයන් වේ. සූර්යා වටා භ්‍රමණය වෙමින් පවතින ග්‍රහවස්‌තූන්වල පෘථිවියට ඇති ආකර්ක්‍ෂණය අනුව පෘථිවියේ ජීවත් වන මිනිස්‌ වර්ගයාගේ ජීවිතය ගැන තොරතුරු දැක්‌වීමට බොහෝ ජ්‍යෝතිෂඥයන් කටයුතු කරයි.

බෞද්ධ දර්ශනය අනුව මෙලොව උපදින මනුෂ්‍යයාගේ හැසිරීම් රටාව අනුව ඔහුට හෝ ඇයට දිව්‍ය ලෝකය බ්‍රහ්ම ලෝකය සතර අපාය ආදී තැන්වල මරණින් පසුව ඉපදිය හැක.

එසේ වූ මිනිසාගේ අධ්‍යාත්මික විනාශය ගැන විග්‍රහ කිරීමේදී, එය පවතින ලෝකය හෙවත් පෘථිවිය විනාශ වීමයෑයි තේරුම් ගත් ඇතැම් අය ලෝක විනාශයක්‌ ඇතිවන බවට පසුගිය කාලයේදී බොහෝ මත පළ කළේය.

එසේ ලෝක විනාශයක්‌ ඇති බව දින දක්‌වමින් ඉදිරිපත් කළ මත නිවැරදි නොවූ අදහස්‌ බවට එම දිනය උදාවීමත් සමග පසක්‌ විය.

ලංකාව පුරාම ආරාම හා පන්සල් දස දහසකට වඩා දැනට ඇත. එම සියලු බෞද්ධාගමික ස්‌ථාන මීට පසලොස්‌වක පොහොය දෙකකට පෙර වස්‌ විසීම ආරම්භ විය. 

නමුත් බාහිරයන්ගේ දින දර්ශනය අනුව නොවැම්බර් වශයෙන් මේ මාසය භාවිතා වූවත් සිංහල දින දර්ශනය අනුව ඉල් මාසයයි.

බෞද්ධ දර්ශනය පිළිපැදීමෙන් මිනිසාගේ අවසන් අරමුණ වනුයේ, මැරී මැරී ඉපැද ඉපැදී ගමන් කරනා සංසාර භව ගමනෙන් මිදීමය. එනම් උතුම් වු නිවන් සැපත ලබා ගැනීමය. නොඑසේ නම් නැවත ඉපැදීමකින් තොරව පිරිනිවන් පෑමය.

බෞද්ධ දර්ශනය මැනවින් අධ්‍යයනයක නිරත වන අයෙකුහට තමාගේ ශරීරය වූ මෙම පංචස්‌කන්ධය රැකගැනීමට, තණ්‌හා ආශා පොදි බඳින බවය. එනිසාවෙන්, මිනිස්‌ භවය ලද මේ ආත්ම භවයේදී, කරනා හොඳ නරක මත, මිය යැමෙන් පසු නැවත ඉපැදීම සිදුවන බව වැටහෙන්නේය. බුදු දහමේ පැහැදිලිව පෙන්වා දෙන්නේ "සිත" මුල් කරගෙන සියලු දේ සිදුවෙන බවයි.

වැසිකාලය උදාවීමත් සමග සංඝයාවහන්සේලාට බුද්ධනියමයෙන් පැවැති, පිඩුසිඟායැම කළ නොහැකි නිසා, මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙත, දේවානම්පියතිස්‌ස මහරජතුමාගේ නියමයෙන්, අනුරාධපුර පොලොන්නරු භූමියෙහි පවතින්නාවූ සුවිසල් ගල්ගෙවල් මහා සංඝරත්නයට වස්‌විසීම සඳහා ආරම්භ වූ බව ලංකා ඉතිහාසය පෙන්වා දෙයි.

එසේ වැඩවාසය කරන්නා වූ මහා සංඝයාවහන්සේලාට, සිවුපසයෙන් උවටැන් කරමින් වැසී මාස අවසන් වන තෙක්‌ මාස 3 ක්‌ දායක දායිකාවන් විසින් සංඝයාවහන්සේලාට කළ ආරාධානව අනුව වස්‌ විසීමත්, ඉන් අනතුරුව, අද වැනි ඉල් පුන් පෝයදිනකදී වස්‌ විසීම අවසන් කිරීමේ පින්කම් මාලාව, කඨින චීවර පූජාවකින් නිමා වෙයි.

ගත වූ මාස 3 ක්‌ පුරා, ලබාගත් ධර්මාබෝධ ඥානයෙන්, සැදැහැති, ජනී ජනයා, වසරකට එක්‌වරක්‌ පමණක්‌ සිදු කළ හැකි වූ කඨින චීවර පූජාවෙන් සැදැහැසිත් පුබුදුවා ගනී.

මානව තිලක වර්ෂහැන්නැදිගේ
http://www.divaina.com/2014/11/06/feature01.html

Pic Source

0 comments: