Pages

Tuesday, November 25, 2014

පෘතුගීසීන් කොළඹ පැමිණ අදට වසර 509 කි! ගෙරිසමක ප්‍රමාණය යටත් විජිතයක්‌ වූ හැටි...


ලංකා ඉතිහාසයේ පුරාණ කාලපරිච්ඡේදයේ පැවැති මහිමය ක්‍රි.ව. 1500 වන විට අවසන් විය. කෝට්‌ටේ සමයෙහිදී හයවැනි පරාක්‍රමබාහු රජු කල දක්‌නා ලද්දේ එම පුරාණ සිංහල කීර්තිs ප්‍රදීපයේ අවසාන සිළු පමණි. මේ රජුගේ කාලයේදී ලංකාව යළිත් වරක්‌ එක්‌සත් රාජ්‍යයක්‌ විය. එම කාලයෙහිදී ලංකාව නා නා අයුරින් අසල්වැසි ජාතීන්ගේ සම්මානයට ද පාත්‍ර විය. එහෙත් හයවැනි පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් උදා වූයේ අභාග්‍ය දසාවකි.


අති පුරාණයෙහි පටන් අරාබි වෙළෙඳ ජනයාගේ මාර්ගයෙන් ලක්‌දිවින් රතු මුහුද අසබඩ ප්‍රදේශවලට කුරුඳු ගෙන යනු ලැබූ නමුත් ඒවා කිනම් රටක හටගනු ලබන්නේදැයි පෘතුගීසීහු නොදැන සිටියහ. දේශාන්තරචාරී මාර්කෝ පෝලෝ විසින් විදේශ සංචාරයකදී ලක්‌දිවට පැමිණ තම ගමන් විස්‌තරයේදී ලංකාව ගැන මෙසේ සටහන් තැබීය. ලක්‌වැසි ජනයා සහල්, කිරි ප්‍රධාන ආහාර වශයෙන් ගනු ලබන බවත් රතු කැට, නිල් පුෂ්පරාග ආදී මැණික්‌ වර්ග එහි තිබෙන බවත් ගිනි සිලක්‌ මෙන් දීප්තිමත්ව බැබලෙන අතිශෝභන රක්‌ත මාණික්‍යයක්‌ ලක්‌රජු වෙත තිබෙන බවත් එහි සඳහන් විය. මෙහි උපදනා රතු මැණික්‌ ආදී අනර්ඝ වස්‌තූන් පමණක්‌ නොව කුරුඳු වැවිල්ල සහ ඒවා පිළියෙල කරන අන්දම ද ඇතුන් ගැන ද කරුණු පෘතුගීසීන්ට දැනගැනීමට ලැබිණි.

යුරෝපයේ සිට අප්‍රිකා මහාද්වීපය වටේ ගොස්‌ ඉන්දියාවට ළඟාවන මාර්ගය පහළොස්‌වැනි ශත වර්ෂය වනතුරු කවරෙක්‌වත් නොදැන සිටියහ. නමුත් මේ කාලයේදී ලක්‌දිව වෙළ¹ම අතින් අති ප්‍රසිද්ධියට පත් වී තිබිණි. අරාබි, මුස්‌ලිම්, පර්සි යන වෙළඳ ජනයා චීන දේශයෙන් පටපිළි ද පර්සියාවෙන් අශ්වයෝ ද ඉන්දියාවෙන් කුළු ද්‍රව්‍ය කපු පිළි සහ වෙනත් භාණ්‌ඩ ද මෙහි ගෙනෙනු ලැබුවාහුය. එමෙන්ම ලංකාවේ උපදනා මුතු මැණික්‌, ඇතුන්, ඇත්දත්, කුරුඳු ආදිය රතු මුහුදුබඩ සල්පිල් කරා ගෙන යනු ලැබීය. යුරෝපීය වෙළෙඳුන් එම වෙළෙඳ භාණ්‌ඩ සිය දේශයන්හි විකිණීම පිණිස ගෙන යන ලදී.

මුස්‌ලිම්වරුන්ගේ වෙළෙ¹ම පිළිබඳව ඇති සුරවීරභාවය දුටු පෘතුගීසීහු වෙළ¹ම තමන් අතට පත්කර ගැනීමේ ලෝභය උපදවා ඔවුන් හා නිතර නිතර කලහ කළහ. ක්‍රි.ව. 1498 මැයි මස 20 වැනි දින ඉන්දියාවේ මුහුදුබඩ පිහිටි කැලිකට්‌ නම් නගරයට ගොඩවැදුණු වස්‌කෝදගාමා නම් නැව්පතියා එරටින් බොහෝ අගනා භාණ්‌ඩ රැගෙන සිය රටට ගොස්‌ පෘතුගාලයේ රජුට සියලු පුවත් සැල කළහ. එවක්‌ පටන් පෘතුගාලයට අයත් නැව් ඉන්දියාවට යැම අනවසරයෙන් කරන්නට විය. මඳකලක්‌ ගතවීමෙන් පසුව ඉන්දියාවේ මුහුදුබඩ පෙදෙස්‌ කීපයක්‌ම පෘතුගීසීන් විසින් යටත් කොට වෙළඳ ගබඩා සහ බලකොටු ද තනා ගෝව නම් පළාත මුල් ස්‌ථානයේ තබා වෙළඳ භාණ්‌ඩ යුරෝපයට ගෙන යන ලදී.

පෘතුගීසී රජු ද මේ කාරණය ලක්‌ රජය තමන් සතුවීමේ ප්‍රමුඛ ලක්‍ෂණයකැයි මෙනෙහි කොට අතිශයින් සතුටට පත්ව පෘතුගාලයේ අගනුවර වූ ලිස්‌බන් රාජ මන්දිරයේදී අත්‍යාලංකාරයෙන් උත්සවයක්‌ පවත්වා රන් රූපයට දොන් ජුවන් යන නාමය ප්‍රදානය කොට ඔටුනු පළඳවන ලදී. මෙය වනාහි නොයෙක්‌ අතින් අති මහත් පලවිපාක ගෙන දුන් ක්‍රියාවකි. රූකඩ ධර්මපාල රජු යුරෝපීයයන් හා මිත්‍රව ඔවුන්ගේ ආගම ද වැළඳ ගත්තේය.

රූකඩ ධර්මපාල රජුගේ මෙම ක්‍රියා පිළිබඳ අතිශය කලකිරීමට පත් සියලුම බෞද්ධයෝ සීතාවක පළමුවන රාජසිංහ රජුගේ පිහිට සෙවීය. පළමුවන රාජසිංහ රජුගේ ප්‍රමුඛත්වයෙන් කෝට්‌ටේ බලය බොහෝදුරට බිඳහෙළන ලදී. පෘතුගීසීන් නගරය බේරාගනු සඳහා සටන් කළ නමුදු විශාල ගොඩබිම් හමුදාවක්‌ ඔවුනට නොවූයෙන් පෘතුගීසීහු කෝට්‌ටේ විනාශ කර දමා අභාග්‍යසම්පන්න ධර්මපාල රජු කැටුව කොළඹට ගියේය. ස්‌වකීය ස්‌වාමීන්ගෙන් නන් අයුරු නින්දා අපහාස විඳිමින් කොළඹ වාසය කළ ධර්මපාල රජු 1597 දී මියගියේය.

ධර්මපාල රජ ස්‌වකීය රාජ්‍යය පෘතුගාලයේ රජුට පවරා දී මළේය. ධර්මපාල රජු තමා ජීවත්ව සිටියදීම පෘතුගාල රජුට මෙම තෑගි ඔප්පුව ලියා තැබූහ. කෝට්‌ටේ රජ දරුවන්ට මුළු ලක්‌දිවම අයිති බව ද එබැවින් පෘතුගාලයේ රජු කෝට්‌ටේ රජුගේ උරුමක්‌කාරයා වූ විට ඔහුට මුළු දිවයින කෙරෙහි ආධිපත්‍යයට හිමිකම් කියන්නට බලය ඇතැයි ද මේ තෑගි ඔප්පුවෙන් ප්‍රකාශ කරන ලද්දේය. පෘතුගාලයේ රජු කෝට්‌ටේ රාජශ්‍රීයට පැමිණි බව කොළඹ නගරය තුළ ගරු ගාම්භීර උත්සවශ්‍රීයෙන් ප්‍රකාශ කරන ලදුව රජවාසල නිලධාරීහු රාජපාක්‍ෂික බවට දිවුරුම් දුන්නේය. රටේ අධිපතීන් ද මේ බවට දිව්රවා ගැනීම අවශ්‍ය වූයෙන් 1598 දී පෘතුගීසී ආණ්‌ඩුකාරයා මල්වානේදී මහා සම්මේලනයක්‌ පවත්වා පෘතුගාලයේ රජවරුන් කෝට්‌ටේ රාජ්‍යයට උරුමකරුවන් බව දැනුම් දෙන ලදී.

පෘතුගීසීන් තමන්ට තෑගි ඔප්පුවෙන් ලැබුණු භූමිය කොටස්‌වලට බෙදන ලදී. කොළඹින් දකුණේ සිට ගිරුවාපත්තුව තෙක්‌ මුහුදුබඩ පෙදෙස මාතර දිසාව නිය ලෙස ද, වර්තමාන වයඹ පළාත සත්කෝරළයේ දිසාවනිය ලෙස ද වර්තමාන රත්නපුර දිස්‌ත්‍රික්‌කය සබරගමු දිසාවනිය ලෙස ද යාපනය සහ මන්නාරම තවත් දිසාවනියක්‌ ලෙස ද බෙදා වෙන් කරන ලදී. කෝට්‌ටේ රජුගෙන් ගෙරි සමක භූමි පෙදෙසක්‌ ඉල්ලූ පෘතුගීසීන්ට තෑගි ඔප්පුවෙන් ලද යටත් විජිත දැවැද්ද මෙය විය.

http://www.divaina.com/2014/11/25/news23.html

Pic Source

Behind the story of picture - Portuguese destroying secret Kelani Temple

0 comments: