Pages

Friday, November 14, 2014

සේද මාවත යළි තැනීමට චීනයෙන් ඩොලර් බිලියන 40ක්

චීනය හා බටහිර ලෝකය සම්බන්ධ කළ ඓතිහාසික සේද මාවත යළි ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 40ක් වැය කරන බව චීන ජනාධිපති ෂි ජින්පින් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ ආසියාව හරහා යුරෝපයට සම්බන්ධ වීමට ඇති බාධක මැඬලීම සඳහා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන බවයි.

ආසියා පැසිපික් ආර්ථික සහයෝගිතා සංවිධානයේ සමුළුවට පෙර බංග්ලාදේශය, කාම්බෝජය, ලා ඕසය, මොන්ගෝලියාව, මියන්මාරය, පකිස්ථානය හා ටජිකිස්ථානය යන රටවල රාජ්‍ය නායකයන් සමග පැවති හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.

ආසියානු රටවල් චීන සංවර්ධනයේ දුම්රියට ගොඩවීමට සූදානම් විය යුතු බව පවසා ඇති චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගොඩබිම් හා මුහුදු මාර්ග දෙකක් ලෙස ඉදිකෙරෙන නව සේද මාවත රටවල් ගණනාවක ආර්ථික අභිලාෂයන් ආවරණය කරනු ඇති බවයි.

චීන ජනාධිපති ෂි ජින්පින් සේද මාවත යළි ඉදිකිරීම පිළිබඳ අදහස මුලින්ම හෙළිකරන ලද්දේ 2013 සැප්තැම්බරයේදීය.

ගොඩබිම් සේද මාවත වයඹදිග ෂෑන්ෂි ප‍්‍රාන්තයේ අගනුවර වන ෂියාන් සිට ආරම්භ කෙරෙන අතර මධ්‍යම ආසියාව හරහා නිරිතදිග දෙසට ඇදෙන එය මැදපෙරදිග පසුකරමින් යුරෝපයට ළගාවීමට නියමිතය.

මුහුදු සේද මාවත දකුණු චීන මුහුදට යාබද පිහිටා ඇති ගුවන්ඩොන් වෙතින් ඇරඹී මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියානු සාගරයටත් අප‍්‍රිකානු මහද්වීපය පසාරු කරමින් රතු මුහුද හා මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළගා වෙනු ඇත.

සේද මාවත් දෙකෙම ගමනාන්තය වනු ඇත්තේ වෙනිසියයි.

http://lankacnews.com/sinhala/foreign-news/124816/

Pic Source

0 comments: