Pages

Thursday, November 6, 2014

ලබන වසර වන විට රුසියාව පූර්ණ වශයෙන් රේඩාර් ආවරණය යටතට. ඕනෑම හදිසි අවස්ථාවකට සූදානම්!

ලබන වසර වන විට රුසියාව ඕනෑම දිශාවකින් පැමිණෙන අනවශ්‍ය ආගන්තුකයකුට මුහුණ දීමට සූදානම්ව සිටින බව රුසියානු ආරක්‍ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසා තිබේ.

ආක්ටික් ප‍්‍රදේශයේ රුසියානු බලය ඉහළ නැංවීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මකව ඇති අතර ජාතික ආරක්‍ෂක පාලන මධ්‍යස්ථානයේ ප‍්‍රධානි ලූතිනන් ජෙනරාල් මීහායිල් මිසින්ට්සෙව් පවසා ඇත්තේ ගුවන් පථ 13ක්, ගුවන් හමුදා අභ්‍යාස භූමියක්, රේඩාර් සහ විධාන මධ්‍යස්ථාන 10ක් ආක්ටික් කලාපය ආශ‍්‍රිතව ඉදිකෙරෙනු ඇති බවයි.

මේ යටතේ නොවොසිබිර්ස්ක් දුපත් සහ ෆ‍්‍රාන්ස් ජොසෙෆ් කොදෙව් වල රුසියාව විසින් උතුරුදිග කඳවුරු දෙකක් මේ වන විටත් ඉදිකරමින් ඇති අතර ටික්සි, නර්යාන්-මාර්, ඇලිකෙල්, වොර්කුටා, ඇනාඩිර් සහ රොගාචෙවෝ ගුවන් හමුදා කඳවුරු නවීකරණය කිරීමට සැලසුම් කර ඇතැයිද ෂොයිගු පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ මේ සමග රුසියානු දේශසීමාවන් පූර්ණ වශයෙන් රේඩාර් ආවරණය යටතට පත්වෙනු ඇති බවයි.

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියානු ෆෙඩරේෂණය විසින් වියදම් අධික වීම නිසා තීරණාත්මක බවින් අඩු මිලිටරි කඳවුරු අත්හැරදැමූ නමුත් ඒවා සියල්ල යළි සක‍්‍රිය කිරිම සඳහා මේ වන විට පියවර ගනිමින් ඇත.

දේශීය වශයෙන් මිලිටරි හැකියාවන් නවීකරණය කිරීම හා සමගාමීව කිර්ගිස්ථානය, ටජිකිස්ථානය සහ ආර්මීනියාව තුළ පිහිටුවා ඇති රුසියානු හමුදා කඳවුරුද නවීකරණය කෙරෙන බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යවරයා හෙළි කර තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/124484/

0 comments: