Pages

Friday, November 14, 2014

ඊශ‍්‍රායල පදිංචිකරුවන් පලස්තීන දේවස්ථානයකට ගිනි තබති

ඊශ‍්‍රායල පදිංචිකරුවන් විසින් බටහිර ඉවුරේ රමාලා නගරය අසල මුස්ලිම් දේවස්ථානයකට ගිනි තබා ඇතැයි වාර්තා වේ.

ගිනි තැබීමෙන් ෂිලෝ යුදෙව් ජනාවාසය අසල පිහිටා ඇති අල් මුගායිර් ගම්මානයේ පිහිටා ඇති දේවස්ථානයේ පළමු මහල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පලස්තීන ආරක්‍ෂක නිලධාරීන් පවසා තිබේ.

පලස්තීන ජාතිකයින් කිහිපදෙනෙකු උදෑසන වතාවත් සඳහා දේවස්ථානයට පැමිණි විටදී එහි ගිනි ඇවිළෙමින් තිබෙනු දැක ඇති අතර ඔවුන් විසින් එය නිවා දමා ඇතැයි පැවසේ.

ඊශ‍්‍රායල පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මිකී රොසෙන්ෆෙල්ඞ් පවසා ඇත්තේ අල් මගීර් ගම්මානයේ ඉස්ලාමික දේවස්ථානය ගිනි තැබීම පිළිබඳව උදේ කාලයේදී තමන් වෙත වාර්තා වූ බවයි.

කෙසේවෙතත් ප‍්‍රදේශයේ ඇවිළ ගොස් ඇති විරෝධතා හේතුවෙන් ඊශ‍්‍රායල ආරක්‍ෂක හමුදාවට විමර්ශන සඳහා එම ගම්මානය වෙත යාමට නොහැකිවී ඇතැයි වාර්තා වේ.

ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ ඊශ‍්‍රායල පදිංචිකරුවන් බවට කිසිදු සැකයක් නැතැයි පලස්තීන නගරාධිපති ෆරාජ් අල් නසාන් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ එම ගම්මානයේම වෙනත් දේවස්ථානයක් මෙලෙසම ඊශ‍්‍රායල පදිංචිකරුවන් විසින් විනාශ කර දැමූ බවයි.

පලස්තීන වාහන වලට සහ ඔලිව් වගාවන්ට නිතරම පාහේ මෙවැනි ප‍්‍රහාරයන් එල්ල වන බවද ඔහු දක්වා ඇත.

පසුගිය බදාදා උතුරු ඊශ‍්‍රායලයේ ෂ්ෆාරාම්හි පිහිටා තිබුණු පැරණි යුදෙව් දේවස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයිද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/124807/

Pic Source

0 comments: