Pages

Thursday, November 6, 2014

ලෝක බලවතා නැවතත් ජනපති පුටින් - ෆෝබ්ස් සගරාව

ෆෝබ්ස් සගරාව විසින් පිට පිට දෙවන වසරටත් ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නම් කර ඇතැයි වාර්තා වේ.

තමන් නම් කළ පුද්ගල ලැයිස්තුව දේශපාලන ආකර්ෂණය මත පදනම් නොවූ බවත් ලෝකය හැඩගැස්වන නවන සහ මිනිසුන්ගේ, වෙළඳපොළ, හමුදාවන් සහ මනස් චලනය කරන ආකාරයේ බලය දරන්නන් අදාළ කරගත් බව එම සගරාව පවසා තිබේ.

ෆෝබ්ස් විසින් නම් කර ඇති ලැයිස්තුවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියන 48කට වගකියන රාජ්‍ය නායකයින් 17 දෙනෙකු සිටිති.

එහි දක්වා ඇත්තේ ක‍්‍රිමියානු අර්ධද්වීපය රුසියාව විසින් ඈඳා ගැනිම, යුක්රේනය පිළිබඳ ජාත්‍යන්තර බලපෑමට මුහුණදීම සහ චීනය සමග මැයි මසදී අත්සන් කළ ඩොලර් බිලියන 400ක ගෑස් නළ ගිවිසුම රුසියානු ජනාධිපතිවරයාට පළමු තැන පිරිනැමීමට හේතුවූ බවයි.

පුටින්ගේ රුසියාව වැඩිවැඩියෙන් ආරවුල් රහිත, අනාවැකි කිව නොහැකි, ලෝක ජනමතයෙන් සිරකළ නොහැකි, බලශක්තියෙන් පොහොසත්, න්‍යෂ්ටික බලය සහිත දාමරික රාජ්‍යයක් ලෙස පෙනෙන බව ෆෝබ්ස් විසින් පවසා ඇත.

මේ අතර ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාට ෆෝබ්ස් ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබේ.

සගරාව පවසා ඇත්තේ ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන්ගෙන් හා එබෝලා ව්‍යාප්තියෙන් පහර කෑ ජනාධිපති ඔබාමා බලය තිබුණද එය පූර්ණ ලෙස භාවිතාකරන්නට  ඕනෑවට වඩා පරෙස්සම් වන බවයි.

http://lankacnews.com/sinhala/foreign-news/124540/

0 comments: