ශ්‍රී ලංකාවේ භාවිතා වන කෘෂිරසායනවල තහනම් විෂ වර්ග ගණනාවක් අඩංගු බව සොයා ගැනීමට මූලික වී පර්යේෂණ සිදු කල කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය වී හාල් ඇතුළු ධාන්‍ය වර්ගවල අස්වනු ගබඩා කර තැබීමේදී කෘමින්ගෙන් සිදුවන උවඳුරු වළක්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදිම වෙනුවට ස්වාභාවික ශාඛ උපයෝගී කැර ගනිමින් නිපදවන ලද කැප්සියුලයක් නිපදවා ඇත. ඒ සදහා මහාචාර්යවරියට පේටන්ට් අයිතිය ද හිමි වී ඇත.
මහාචාර්යවරිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම කැප්සියුලය නිර්මාණය කැර ගැනීමට හැකි වී ඇත. මෙය මිනිස් සිරුරට බෙහෙවින් හිතකාමී නිර්මාණයකි.
කුරුඳු කොළ,සේර ,පැඟිරිතෙල්, කරපිංචා කොළ, හීන් අරත්ත අල උපයෝගී කරගෙන සගන්ද තෙල් සකසාගනු ලැබේ. එම තෙල් කාන්දු කරනුයේ පිඟන් මැටි වලින් නිම කළ කැප්සියුලවලටය. ඉන්පසු එම ඖෂධිය තෙල් කාන්දු කළ කැප්සියුලය අස්වනු අතරේ සීරුවෙන් තැන්පත් කරනු ලැබේ. පිඟන් මැටි කිලෝවක් රුපියල් විසිපහක් පමණ මිල වන අතර කිලෝවකින් කැප්සියුල සීයයක් පමණ නිම කැර ඇත. මෙම කැප්සියුල ධාන්‍ය අතරේ තැබීමෙන් වසරක පමණ කාලයක් අස්වනු කෘමි උවඳුරයකින් තොරව ගබඩා කර ගත හැකිය.
ගුල්ලා,කව්පි ගුල්ලා,ඉපියා, ඇතුළුව ධාන්‍යට වින කරන සියළුම කෘමීන්ගේ ජීවිත හානි නොකර මෙම ස්වාභාවික ක්‍රමවේදය යටතේ පලවා හැරීමට පිළිවන. ගොවි ජනතාව ප්‍රාණ ඝාතයෙන් ගලවා ගැනීමට මෙම නිෂ්පාදනය හේතු වනු ඇතැයි මහාචාර්යවරිය පැවසීය.
මෙම නිපදවීම පිලිබඳ අදහස් දැක්වූ විශේෂ ව්‍යපෘති අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසුරිය මහතා ප්‍රකාශ කලේ කෘෂි රසායන භාවිතා නොකර වගා කල සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ග මාස කිහිපයකට වඩා ඇසුරුම්කර තබා ගැනීම දුෂ්කර හෙයින් එම සහල් කල්තබා ගැනීමට මෙම කැප්සුල හදුන්වා දීමට බලාපොරොත්තු වන බවයි. මෙම නිෂ්පාදනය මහා පරිමාණයෙන් නිපද වීමට සහ ප්‍රචලිත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද හෙහෙම පැවසීය.
http://lankacnews.com/sinhala/news/124764/
මහාචාර්යවරිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම කැප්සියුලය නිර්මාණය කැර ගැනීමට හැකි වී ඇත. මෙය මිනිස් සිරුරට බෙහෙවින් හිතකාමී නිර්මාණයකි.
ගුල්ලා,කව්පි ගුල්ලා,ඉපියා, ඇතුළුව ධාන්‍යට වින කරන සියළුම කෘමීන්ගේ ජීවිත හානි නොකර මෙම ස්වාභාවික ක්‍රමවේදය යටතේ පලවා හැරීමට පිළිවන. ගොවි ජනතාව ප්‍රාණ ඝාතයෙන් ගලවා ගැනීමට මෙම නිෂ්පාදනය හේතු වනු ඇතැයි මහාචාර්යවරිය පැවසීය.
මෙම නිපදවීම පිලිබඳ අදහස් දැක්වූ විශේෂ ව්‍යපෘති අමාත්‍යංශයේ ලේකම් විජේරත්න සකලසුරිය මහතා ප්‍රකාශ කලේ කෘෂි රසායන භාවිතා නොකර වගා කල සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ග මාස කිහිපයකට වඩා ඇසුරුම්කර තබා ගැනීම දුෂ්කර හෙයින් එම සහල් කල්තබා ගැනීමට මෙම කැප්සුල හදුන්වා දීමට බලාපොරොත්තු වන බවයි. මෙම නිෂ්පාදනය මහා පරිමාණයෙන් නිපද වීමට සහ ප්‍රචලිත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද හෙහෙම පැවසීය.
http://lankacnews.com/sinhala/news/124764/
1 comments:
මේක ඉතාමත්ම හොඳ කාලෝචිත සොයා ගැනීමක්. මෙම කැප්සියුලය පහසුවෙන් ඉවත් කල හැකි ලෙස වැඩි දීයුණු කිරීම ප්‍රායෝගික භාවිතාවේදී ඉතාමත්මප්‍රයෝජනවත් වේවි.
a).ඉතා සියුම් සහ ආදී 1.5 පමණ දිග නූලක් සම්බන්දකොට ඒවා එකිනෙකට කෙලවරින් ගැටගසා විසුරුවා හැරීම,
b). කැප්සියුලයට ඇකඩ කුඩු හෝ පතුරු එකතුකර කාන්දම් මගින් ආකර්ෂණය වනලෙස වැඩි දියුණු කිරීම.
c). එම ධන්‍යයේ ම කුඩු වලින් සැකසූ කැප්සියුලයක් නිර්මාණය කිරීම
d). කැප්සුලය වෙනුවට පැන්සල් තරමේ අඩි 2 පමණ දිග කූරු ආකාරයට මෙම නිර්මාණය කිරීම , ප්‍රයෝගිකව භාවිතා කිරීමේදී සහ ධාන්ය භාවිතයට පෙර මෙය ඉවත්කිරීමේ ගැටළු හේතුවෙන් මෙය ගොවීන් වෙළදුන් අස්වනු ගබඩා කරන්නන් ඇඹරුම් හල් හිමියන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් වලක්වා ගැනීමට සහ ප්‍රයෝගික භාවිතය ඉහල නංවා ගැනීමට රුකුල් දෙනු ඇත.
Post a Comment