Pages

Friday, November 7, 2014

බිඳුණු පුටුවට දෑතේ සවිය ව්‍යාපෘතියෙන් රජයට ලක්‍ෂ 2040 ක්‌ ඉතුරු කර දුන්නා - උදය ගම්මන්පිල

බිඳුණු පුටුවට දැතේ සවිය ව්‍යාපෘතිය යටතේ රජයට රුපියල් ලක්‍ෂ 2040 ක්‌ ඉතුරුකර දීමට හැකි වූ බව බස්‌නාහිර පළාත් කර්මාන්ත හා පාරිසරික ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ බිඳුණු පුටුවට දෑතේ සවිය ව්‍යාපෘතියේ සමාප්ති උත්සවයට සහභාගි වෙමිනි. මෙම උත්සවය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.

අපි බිඳුණු පුටුවට දෑතේ සවියක්‌ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2011 වසරේ පාසල්වල තියෙන ලොකු අර්බුදයක්‌ දැකලා. මගේ දෙමවුපියන් විදුහල්පතිවරුන්. මා දන්නවා පාසල් ලී බඩු අඩුව පාසල්වල තියෙන ලොකු ප්‍රශ්නයක්‌. ඒ නිසා අපි මේ පාසල්වල ලී බඩු, ලී ටික ගෙනල්ලා, උපකරණ ගෙනල්ලා, දරුවන්ගේ ද සහාය ඇතුව අලුත්වැඩියා කිරීමේ මෙම ව්‍යාපෘතිය පටන් ගත්තා. 2011 වසරේ අපි පාසල් 165ක පටන් ගත්තේ. 2011 වසරේ සිsට 2014 වන විට පාසල් 899ක මේ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වසරේ අපිට පුළුවන්වෙලා තියෙනවා ලක්‌ෂ 79ක්‌ වියදම් කරලා රුපියල් ලක්‌ෂ 544ක්‌ වටිනා ලී බඩු පාසල්වල භාවිතාවට එකතු කරන්න. මේ ව්‍යාපෘතිය හේතුවෙන් මේ වසරේ පමණක්‌ රජයට ඉතුරු වුණ මුදල ලක්‌ෂ 465 ක්‌. එහෙම නැත්නම් මිලියන 46.5ක්‌. ඒ වගේම පහුගිය අවුරුදු හතරෙම සමස්‌තය ගැන බැලූවොත් අපි මිලියන 37 ක්‌ වියදම් කරලා ලක්‌ෂ 2410ක්‌ නැත්නම් රුපියල් මිලියන 241 ක්‌ වටින ලී බඩු පාසල්වල භාවිතයට එකතු කරලා තියෙනවා. රජයට රුපියල් ලක්‌ෂ 2040 ක්‌ නැත්නම් මිලියන 204ක්‌ ඉතුරු කරලා දෙන්න මේ ව්‍යාපෘතියට පුළුවන්වෙලා තියෙනවා.

අපි මේ ව්‍යාපෘතිය කරන්නේ හුදෙක්‌ රජයට සල්ලි ඉතිරි කිරීමේ ව්‍යාපෘතියක්‌ විදිහට නෙවෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක්‌ තියෙනවා. අපි මේ ව්‍යාපෘතියේදී බොහෝ වෙලාවට පාසලට ලී බඩුයි, උපකරණයි හදාදෙනවා විතරක්‌ නෙවෙයි මන්ත්‍රීතුමන්ලාත් සමග අපිත් එනවා. අපි එහෙම එන්නේ ඇයි? මේ ලී බඩු අලුත්වැඩියා කරන්න ඕනේ කියන පණිවිඩය අපේ දරුවන්ට ලබාදෙන්න. එහෙම කළොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න. ඊළ`ග වසරේ ඉඳන් මේ පාසල්වල කැඩෙන බිෙ`දන ලී බඩු ප්‍රමාණය අඩුකර ගන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2014/11/07/news29.html

0 comments: