ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්පූර්ණ පිරිස් බලය අතරින් 1/4 ක් පමණ යුද හමුදා ස්‌වෙච්ඡා බලසේනාවට අයත් වෙති. හැටදහසකට අධික පිරිස් බලයකින් සමන්විත ස්‌වෙච්ඡා, බලසේනාවට දීර්ඝ කාලීන අභිමානවත් ඉතිහාසයක් ඇත.
දේශපාලන නායකයන් ප්‍රභූවරුන්, විද්වත් වෘත්තිකයන් අතීතයේ ස්‌වෙච්ඡා හමුදා නිලධාරීන් ලෙස කටයුතු කර තිබේ.
හිටපු අගමැතිවරුන් වූ ඩී. එස්. සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්වරු ද ඒ අතර වෙති. ජෙනරාල් රංජන් විඡේරත්න, ජෙනරාල් අනුරුද්ධ රත්වත්ත, මේජර් ඊ. ඒ. නුගවෙල, මේජර් මොන්ටේගු ජයවික්‍රම, කපිතාන් සී. පී. ඡේ. සෙනෙවිරත්න යන දේශපාලනඥයන් ද ස්‌වෙච්ඡා බලසේනාවට අයත් කීර්තිමත් නිලධාරීහු වෙති.
1983 වසරේ ඊළාම් යුද්ධය ආරම්භ වනතුරු වෛද්‍ය, ඉංජිනේරු, නීති, වැවිලි, අධ්‍යාපන, බැංකු ක්‍ෂේත්‍රවල උසස් වෘත්තිකයන් යුද හමුදා ස්‌වෙච්ඡා උප සේවය යටතේ අධිකාරියට පත් නිලධාරීන් ලෙස ස්‌වෙච්ඡා හමුදා ගරු සේවයට බඳවා ගත් අතර, යුද සමයේ එය අත්හිටුවන ලදී.
යුද්ධය අවසන් වූ පසු ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අදහසකට අනුව මෙම වසරේ සිට එය නැවත ක්‍රියාත්මක විය. ඒ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ මෙහෙයවීම යටතේ හිටපු ස්‌වෙච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ යටතේ මෙම වසරේ විවිධ වෘත්තිකයන් බඳවා ගැනීම ආරම්භ විය.
වෛද්‍ය, ඉංජිනේරු, නීති, වැවිලි, අධ්‍යාපන ඇතුළු විවිධ විද්වත් වෘත්තිකයන් බඳවා ගත් අතර, ප්‍රථම වරට මාධ්‍යවේදීන් පිරිසක්‌ද ඊට අයත් වූහ. ප්‍රථම කණ්‌ඩායම පුහුණුවෙන් පසුව විසිර ගිය අතර දෙවැනි කණ්‌ඩායම මෙම දිනවල දියතලාව ස්‌වෙච්ඡා පුහුණු මධ්‍යස්‌ථානයේ පුහුණුව ලබමින් සිටිති.
යුද හමුදා ස්‌වෙච්ඡා බල සේනාවේ වත්මන් සේනාවිධායක මේජර් ජෙනරාල් ලලිත් දවුලගල යටතේ මෙම "අපි ආමි" වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
රටේ ජාතික ආරක්‍ෂාවට සහ සංවර්ධනයට සෘජුවම සක්‍රීය දායකත්වය ලබාදෙන යුද හමුදා ස්‌වෙච්ඡා බලසේනාව වඩාත් ඵලදායී අයුරින් ප්‍රතිසංවිධානය වෙමින් පවතින අතර, එහිදී ස්‌වෙච්ඡා බල සේනාවේ ආරම්භය සහ ඉතිහාසය විමසා බැලීම වැදගත් වනු ඇත.
අභිමානනීය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් ඇති ස්‌වෙච්ඡා බලසේනාව ආරම්භයේදී එක් බළඇණියක් වශයෙන් ක්‍රියා කර පසුකාලීනව නව බළඇණි ආරම්භ වීමෙන් අනතුරුව වර්තමානයේ බළඇණි 103 ක් දක්‌වා වර්ධනය වී ඇත.
ස්‌වෙච්ඡා බලසේනාවේ ආරම්භයට ප්‍රථම ලංකාව තුළ බ්‍රිතාන්‍ය හමුදා ස්‌ථානගත වීම පිළිබඳව සැලකීමේදී 1815 වර්ෂයේ කන්ද උඩරට ගිවිසුම මගින් ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ අවස්‌ථාවේ බ්‍රිතාන්‍යයේ නිත්‍ය බළඇණියක් වන රයිපල් රෙජිමේන්තුව ඔවුන්ගේ පාබල හමුදාව තුළ ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කර ඇත. එමෙන්ම බ්‍රිතාන්‍යයේ විවිධ බළඇණි වරින් වර ලංකාව තුළ ස්‌ථානගත විය. යටත් විජිත සමයේ එම බලඇණි ලංකාවේ ආරක්‍ෂක කටයුතුවල නිරත විය. 1861 අප්‍රේල් 11 වැනි දින මාතලේ සහකාර ඒජන්ත කාර්යාලයේදී එවකට සහකාර ඒජන්ත බ්‍රොඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ප්‍රදේශයේ ස්‌වෙච්ඡා රයිෆල් රෙජිමේන්තුවක් පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සාකච්ඡා කර ඇත. වැවිලිකරුවන් හා යුරෝපීය නිලධාරීන්ගේ උද්‍යෝගය මත ඔවුන්ගේ මූලිකත්වයෙන් එවකට ලංකා ආණ්‌ඩුකාරවරයා වූ සර් චාල්ස් ජස්‌ටින් මැකාති වෙතින් ස්‌වෙච්ඡා බලසේනාවක් ලංකාවේ ආරම්භ කිරීමට අනුමැතිය ඉල්ලා සිටින ලදී. එමෙන්ම කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලද රයිෆල් බළඇණි පිහිටුවීමට ආණ්‌ඩුකාරවරයා හා යටත් විජිත රාජ්‍ය ලේකම් අතර ලිපි කිහිපයක් ද හුවමාරු විය. මේ සම්බන්ධයෙන් ලංකාවේ ව්‍යවස්‌ථාදායක සභාව ද දැනුවත් කර ඇති අතර රාජ නීතිඥවරයා මගින් මෙවැනි ස්‌වෙච්ඡා ඒකක පිහිටුවීමට අවශ්‍ය ආඥ පනතක කෙටුම්පත් ද සකසා එය බ්‍රිතාන්‍ය මහ රැජනගේ අනුමැතිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත යොමු කිරීමට ද ලංකාණ්‌ඩුකාරතුමා විසින් ක්‍රියා කර ඇත.
මෙම යෝජනාවට බ්‍රිතාන්‍ය මහ රැජනගෙන් අනුමැතිය ලැබී 1862 ජුලි මස 05 වැනි දිනැති රජයේ ගැසට් නිවේදනයෙන් පළවූ ආණ්‌ඩුකාරතුමාගේ නිවේදනයකින් අදාළ ආඥ පනත ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇත. මෙම නිවේදනයේ එම ආඥ පනත 1861 අංක 03 දරන ආඥ පනත වේ. 1862 ජුලි මස 02 දින ස්‌වෙච්ඡා හමුදාවක් නඟාසිටුවීම සඳහා 1862 ජුලි මස 05 වැනි දින අංක 3326 දරන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. උක්‌ත නියෝග ප්‍රකාරව ලංකාවේ ස්‌වෙච්ඡා ඒකකයන් පිහිටුවීමට නියමිත කොන්දේසීන් සපුරාලිය යුතු බවට එහි සඳහන් කර ඇත. ඒ අනුව පුද්ගලයන් 30 කට නොඅඩු සංඛ්‍යාවක් විසින් ස්‌වෙච්ඡා ඒකකයක් පිහිටුවීම සඳහා අනුමැතිය ලබාගැනීමට ආණ්‌ඩුකාරතුමා වෙත පෙත්සමක් මගින් කරුණු ඉදිරිපත් කළ යුතු විය. ආණ්‌ඩුකාරතුමා මෙම ඉල්ලීම අනුමත කිරීමට නම් එම තීරණය ආණ්‌ඩුකාරතුමාගේ ප්‍රකාශයක් ලෙස ගැසට් පත්‍රයක පළ විය යුතු විය.
"යුද හමුදා පනත ස්‌ථාපිත වීමත් සමග ලංකා ආරක්‍ෂක බළමුළුවේ විශාල පරිණාමයක් සිදු විය. ලංකා ආරක්‍ෂක පනත සංශෝධනය වූ අතර, ලංකා ආරක්‍ෂක බළමුළුවේ මූලස්‌ථානය විසුරුවා හරින ලදී. එහෙත් ලංකා ආරක්‍ෂක බළමුළුවේ ඒකක ස්‌වෙච්ඡා හමුදාවේ ඒකක ලෙස දිගටම ක්‍රියාත්මක විය. මෙම ස්‌වෙච්ඡා ඒකක නිත්‍ය හමුදාවේ සම කොටස් වශයෙන් පැවැත්වෙන ස්‌වෙච්ඡා අංශය හඳුන්වනු ලැබුවේ "ලංකා ස්‌වෙච්ඡා බළකාය" ලෙසය. මේ අනුව 19 වැනි ශතවර්ෂයේදී හඳුන්වනු ලැබූ "ලංකා පාබල හමුදාව" යන නාමය වටයක් ගොස් නැවතත් ස්‌ථාපිත විය. "ලංකා පාබල ස්‌වෙච්ඡා" යන නාමය ඉතා ටික කලකින් "ලංකා ස්‌වෙච්ඡා බළකාය" යනුවෙන් නම් කර ඒ සමගම "ලංකා ආරක්‍ෂක බළකාය" විය."
ලංකාව නිදහස ලැබූ මුල් කාලයේ ස්‌වෙච්ඡා බළකායේ කැපී පෙනෙන අවස්‌ථා දෙස බැලීමේදී 1953 හර්තාලය පාලනය කිරීම සඳහා සක්‍රීය සේවා රාජකාරි ඉටු කිරීම, 1954 බ්‍රිතාන්‍ය මහ රැජනගේ පැමිණීම හා එම අවස්‌ථාවේ ගාලුමුවදොර පිටියේදී 2 ලංකා පාබල හමුදාව වෙත රැජනගේ හා බළකා වර්ණ ප්‍රදානය ඉතා උත්කර්ෂවත් උත්සවයකදී පිරිනැමීම ද සිදු කෙරුණු අතර, 1955 පෙබරවාරි 27 දින කර්නල් එච්.ඩබ්.ඩී. විෙ-කෝන්, ඕ.බී.ඊ., ඊඩී ආඥපතිත්වය යටතේ ලංකා ස්‌වෙච්ඡා බළකා මූලස්‌ථානය පිහිටුවීම ද සිදුවිය.
1954, 1955 වකවානුවේදී මාතර පිහිටි 'බී' රයිෆල් කණ්‌ඩායමත් මහනුවර පිහිටි 'සී' රයිෆල් කණ්‌ඩායමත් 2 (සෙව්) පාබල හමුදාවෙන් ඉවත් කර අලුතින් පිහිටුවනු ලැබූ ස්‌වෙච්ඡා බළඇණිවල කේන්ද්‍රස්‌ථාන කරන ලදී. 'බී' කණ්‌ඩායම රුහුණු රෙජිමේන්තුව (ස්‌වෙච්ඡා) ලෙසත් "සී" කණ්‌ඩායම රජරට රයිෆල් (ස්‌වෙච්ඡා) ලෙසත් පිහිටුවනු ලැබීය. දේශපාලනමය අදහස් අනුව ප්‍රාදේශීය මට්‌ටමින් ආධුනිකයන් බඳවා ගැනීම සිදු කරන ලදී. මේ අනුව රුහුණු හා රජරට රයිෆල් ඒකක විසුරුවා හැර 1956 ඔක්‌තෝබර් 01 වැනි දින 2 (සෙව්) සිංහ රෙජිමේන්තුව පිහිsටුවා එහි පළමු අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කර්නල් එස්. ඩී. රත්වත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පත් කිරීම හා 1959 නොවැම්බර් මස 23 වැනි දින 2 (සෙව්) ගැමුණු හේවා බළකාය පිහිටුවා එහි අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ඩී. එස්. අමරසූරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරි පත් කිරීම සිදු කරන ලදි. 1962 බලධාරීන්හට ස්‌වෙච්ඡා කාලතුවක්‌කුත් රෙජිමේන්තුවත් ස්‌වෙච්ඡා සංඥ ඒකකයත් විසුරුවා හැරීමේ අවශ්‍යතාව පෙනී ගිය හෙයින් ඒවා විසුරුවා හැර මුලින් ආරක්‍ෂක බළමුළුවේ 1 වැනි හා 2 වැනි බලඇණි ලෙසත්. පසුව 2 වැනි සන්නද්ධ සහ 5 (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්‌කු රෙජිමේන්තු යනුවෙන් පිළිවෙළින් 1979 සහ 1980 දී පිහිටුවන ලදී.
1959 ජුලි මස 05 වැනි දින ලුතිනන් කර්නල් එම්. සී. එෆ්. අබේකෝන් ඊඩී ගේ අණදීම යටතේ ස්‌වෙච්ඡා ඒකකයක් ලෙස පුරෝගාමී බළකාය පිහිටුවන ලදී.
1971 වර්ෂයේ මුල් භාගයේ රට තුළ ගැටලු සහගත තත්ත්වයක් උත්සන්න වීම නිසා ස්‌වෙච්ඡා බළසේනාවේ සක්‍රීය සේවය සඳහා වාර්තා කර සිටි සියලුම නිලධාරී හා සෙසු නිලයන් ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජකාරි සඳහා යොදවන ලදී. මෙසේ රාජකාරි සඳහා යොදවා සිටි තුල්හිරියේ ස්‌ථානගතව තිබූ අනු ඛණ්‌ඩයේ රාජකාරි කළ මාණ්‌ඩලික සැරයන් ජෝතිපාල එච්. ආර් කැරළිකරුවන් විසින් අනපේක්‍ෂිත ලෙස 1971 අප්‍රේල් මස 05 වැනි දින රාත්‍රි කාලයේ කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයකින් වෙඩි වැදී මරණයට පත් විය. ඔහු 2 (සෙව්) සිංහ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියකු වන අතර, 1971 කැරැල්ලේදී මියගිය ප්‍රථම යුද හමුදා සොල්දාදුවා විය. 1971 උද්ගත වූ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය පිරිස් බලය ලබාගැනීම පිණිස ජාතික සේවා රෙජිමේන්තුව නමින් ඒකකයක් පිහිටුවනු ලැබූ අතර, පසුව මෙම ඒකකය විසුරුවා හැර එහි සිටි නිලධාරීන් හා සෙසු නිලයන් වැඩි පිරිසක් වෙනත් ස්‌වෙච්ඡා ඒකකයන්ට ඇතුළත් කරන ලදී. මීට පෙර එනම් 1964 වර්ෂයේ සිට ස්‌වෙච්ඡා ඒකක සාමාජිකයන් අනවසර ආගමනයන් වැළැක්‌වීමේ රාජකාරි සඳහා ද යොදවා තිබුණු අතර, රටේ ඇති වූ සෑම හදිසි තත්ත්වයකදී ම එකල ස්‌වෙච්ඡා බළසේනා සාමාජිකයන් සාර්ථකව මුහුණදී රටේ සාමය පවත්වාගෙන යැමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ලදී.
1972 මැයි මස 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශ කිරීමත් සමග එතෙක් ලංකා ස්‌වෙච්ඡා බළකාය නමින් හැඳින්වූ නාමය වෙනස් වී එය ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බලසේනාව ලෙස නාමකරණය විය. මෙම හේතුවෙන් ඒකකයන්ගේ නාමයන්ද ශ්‍රී ලංකා යුද හමුදා ස්‌වෙච්ඡා බලසේනාවේ පිළිවෙළට අනුව සැකසිණ.
ස්‌වෙච්ඡා ඒකකයක් ප්‍රධාන වශයෙන් උතුර නැගෙනහිර රාජකාරියෙහි යොදවනු ලැබූ අතර, සමහර අවස්‌ථාවන්හිදී දකුණේ ඇතිවූ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් මැඬලීමට ද රාජකාරියේ යෙදවිණි. ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය, භෞමික අඛණ්‌ඩතාවට එරෙහිවූ එල්.ටී.ටී. ඊ. ත්‍රස්‌තවාදී තර්ජනයන්ගෙන් අප මවුබිමත් ජනතාවත් ආරක්‍ෂා කර ගැනීමේ උදාරතර වගකීම සඳහා නව බළඇණි ස්‌ථාපනය කිරීම අවශ්‍යතාව අනුව 1980, 1990 දශකයේ වඩාත් තදින්ම පැවතුණි. ඒ අනුව ස්‌වෙච්ඡා බලසේනාවට නිලධාරීන් හා සෙසු නිලයන් බඳවා ගැනීමේදී පැවරුණු වගකීම් අතිමහත් විය. මේ අනුව නව ඒකක රැසක් ස්‌වෙච්ඡා බලසේනාව යටතේ බිහි වී උතුරු නැගෙනහිර ඇතුළු විවිධ ප්‍රදේශවල රාජකාරින් සඳහා උසස් මූලස්‌ථාන යටතේ අනුයුක්‌ත කෙරුණි.
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2014/11/14/feature.html
Pic Source

0 comments:
Post a Comment