Pages

Thursday, November 20, 2014

ඩොලරය වෙනුවට යුරෝපයේ යුආන් ගණුදෙනු ඇරඹේ

චීනය වෙත වෙළඳ ගණුදෙනු චීන යුආන් මුදලෙන් සිදුකිරීමේ හැකියාව යුරෝපීය සමාගම් වලට හිමිව ඇතැයි වාර්තා වේ.

ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට්හි චීන බැංකුව විසින් යුආන් නිෂ්කාෂණය ආරම්භ කිරීම සමග මෙම අවස්ථාව උදාවී තිබේ.

ඇමරිකානු ඩොලර් හුවමරුවක් සිදුනොවන හෙයින් මේ හරහා වෙළඳ වියදම් අඩුවනු ඇතැයි පැවසේ.

මේ වන විට ඩොයිෂ් බැංකුව ඇතුළු ජර්මානු ජාත්‍යන්තර හා ප‍්‍රදේශීය බැංකු 10ක් චීන බැංකුවේ ගිණුම් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජුනි මසදී චීන මහජන බැංකුව විසින් යුරෝපා කලාපය තුළ ගණුදෙනු කිරීමේ අවසරය චීන බැංකුව (පෞද්ගලික) සමාගම වෙත ලබාදෙන ලදී.

ඉන්පසු ගතවූ මාස 5ක කාලය තුළ යටිතල පහසුකම් ඉදිකෙරුණු අතර ලබන සඳුදා දිනයේදී යුරෝපයේ පළමු යුආන් මධ්‍යස්ථානය කටයුතු ඇරඹීමට නියමිතය.

කොමර්ස්බැංකුවේ ජාත්‍යන්තර ව්‍යාපාර සහ මුදල් කළමණාකරණ අංශ ප‍්‍රධානි ෆ‍්‍රෑන්ක් ඔලිවර් ක්‍රොෆ්ට් පවසා ඇත්තේ මෙමගින් චීනය සමග ගණුදෙනු කිරීමට රෙන්මින්බි භාවිතා කරන ජර්මානු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප‍්‍රමාණය වත්මන් 10%ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවයි.

යුආන් මුදල වෙළඳ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට යමින් ඇති බවත් එය මේ වන විට ආයෝජන මුදලක් තත්වයට පැමිණ ඇති බව තම විශ්වාසය බවත් බුන්ඞ්ස් බැංකුවේ අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජික ජෝකිම් නේජල්ගේ අදහසයි.  මේ වන විට චීනය රටවල් ගණනාවක් සමග යුආන් ගණුදෙනු ගිවිසුම් අත්සන් කර ඇතැයිද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/125080/

0 comments: