Pages

Monday, November 3, 2014

SLT ප්‍රශංසනීය ප්‍රජාසත්කාරයක! - 'දැනුම සම්පත දසත පැතිරවීම' වැඩසටහන ලක්ෂ ගණනින් පොත් බෙදා දෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා ආසියානු පදනම එක්‌ව 
දස වසක්‌ පුරාවට 'දැනුම සම්පත දසත පැතිරවීම' වැඩසටහන උත්කර්ෂයෙන් සමරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා ආසියානු පදනම මෑතදී ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්‌ථාන පරිශ්‍රයේදී "දැනුම සම්පත දසත පැතිරවීම" වැඩසටහන වෙනුවෙන් දැක්‌වූ දායකත්වයට නව මුහුණුවරක්‌ එක්‌ කරන ලදී. 

මෙම අති උත්කර්ෂවත් අවස්‌ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා සහ ආසියානු පදනමේ ශ්‍රී ලංකා නියෝජිත දිනේශා ද සිල්වා මහත්මිය විසින් මීට අදාළ ගිවිසුම් හුවමාරු කර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ සාක්‍ෂරතාව, විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සාක්‍ෂරතාව, ඉහළ නැංවීමේ අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන හා වෙනත් ආයතන වෙත විවිධ විෂයයන්ට අදාළව ලියවුණු ඉහළ ගුණාත්මකභාවයකින් හෙබි පොත් පත් බෙදා හැරීම සහ ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ළමා, වැඩිහිටි හා වෘත්තීය අධ්‍යාපනය පුළුල් වන පරිදි "කියවීම් සංස්‌කෘතියක්‌" බිහි කිරීමේ වගකීම ගිවිසුම හරහා ඉහත කී සංවිධාන දෙකම වෙත පැවරෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා ආසියානු පදනම මුල් වරට මෙම එකඟතාවට පැමිණියේ 2013 වසරේදී වන අතර පළමු පොත් බෙදා හැරීමේ වැඩසටහන 2004 වසරේදී රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ. "දැනුම සම්පත දසත පැතිරවීම" වැඩසටහන නමැති වැඩසටහන ඇරඹූ දින සිට මේ වන විට ශ්‍රී ලංකාව පුරාම පිහිටි විවිධ සංවිධාන හා ආයතන වෙත පොත් 1,254,072 කට අධික ප්‍රමාණයක්‌ බෙදා දෙන ලදී. මෙම ගිවිසුම යටතේ වාර්ෂිකව පොත් 110,000 ක්‌ පමණ බෙදා හරිනු ලැබේ. ඒ අනුව, 2012 වසරේදී පොත් 122,414 ක්‌ද, 2013 වසරේදී පොත් 115,000 ක්‌ද 2014 වසරේදී පොත් 110,000 ක්‌ද බෙදා හරින ලදී.

සංස්‌කරණය - අසෝක වන්නිආරච්චි
http://www.divaina.com/2014/11/03/velanda01.html

Pic Source

0 comments: