Pages

Thursday, February 28, 2013

සිංහල කැක්කුමක් නැති අය මේ ලිපි කියවා බනිත් වා..!

සිංහලයා ගේ තත්ත්වය....!! පවුල් සංවිධානය මහ ජාතිය කුඩා ජාතිය කිරීමේ කූ‍ටෝපක්‍රමයක් බව ලීවා බොහෝ දෙනට මතක ඇතැ යි සිතමි. පවුල් සංවිධාන සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය දිනෙක පැමිණ හමුවුණා. ඒ අය කියා සිටියේ ඒ සංගමය එබඳු නරක අදහසින් නොපවත්වන්නක් බවත් ඉතා හොඳ අදහසින් පවත්වාගෙනැ යන පුළුල් වැඩ පිළිවෙළක් බවත් ය. එහෙයින් පවුල් සංවිධාන සංගමයට දොස් පැවැරීම ටිකකට නතර කරමු. එහෙත් පවුල් සංවිධාන නමින් කැරෙන කටයුතු පිළිවෙළත් එයින් ලැබෙන ප්‍රතිඵලත් නුවණින් සලකා බලමු. යම්කිසි රටකට නොදැරිය හැකි තරමට ජනගහනය වැඩි වෙනවා නම් එය අඩු කැරැගැනීම ගැන විරුද්ධ නෙ‍ා විය යුතු...

හලාල් සහතිකය දීමට රජය සූදානම් නෑ – කෙහෙලිය

ඉස්ලාම් ආගමානුකූලව නිකුත් කරන හලාල් සහතිය නිකුත් කිරීමේ වගකීම රජයට බාර ගත නොහැකි යයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය. සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය පසුගියදා ප‍්‍රතාශයක් කර සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජය විසින් බාර ගන්නේ නම් තමන් එම වගකීමෙන් ඉවත් වීමට සුදානම් බවය. තවදුරටත් අදහස් පල කල අමාත්‍යවරයා පැවසුවේ 2014 වසරේදී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් මේ වසරේදී මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා 3...

මෙය සිංහල බෞද්ධ රටක් බව මුස්ලිම්වරුන් අමතක නො කළ යුතුයි - ඕමල්පේ හිමි

හලාල් සහතික පසුගිය වර්ෂ තුළ නිකුත් කරමින් උපයාගත් ආදායම් පිළිබඳවත්, එම මුදලින් ඔවුන් කළ දේවල් පිළිබඳවත් මාධ්‍ය හරහා රටට හෙළි කරන්නැයි ජමිඉයියතුල්ලා උලමා සංවිධානයට තමන් අභියෝග කරන බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. නොදැනුවත්ව හලාල් බදු ගෙවූවන් වශයෙන් සිංහල, බෞද්ධ ජනතාවට හලාල් සහතික නිකුත් කිරීමෙන් උලමා සංවිධානය උපයාගත් ආදායම් පිළිබඳවත් දැන ගැනීමට අයිතියක් ඇතැයි ද සෝභිත හිමියෝ සඳහන් කළේය. ජාතික හෙළ උරුමය ඇතුළු මේ රටේ කිසි ම බෞද්ධ සංවිධානයක් හලාල්වලට විරුද්ධ නො වන බවත්, තමන් විරුද්ධ වන්නේ හලාල් බලෙන් අපේ කරපිට ගැසීමට...

ඉරානයට පහර දීම ජූනි මාසයේ

ලබන ජුනි මාසයේදී පමණ ඉක්මනින් ඉරානයට පහර දීමට හැකියාවක් ඇතැයි ජනපති ඔබාමා කියන බව ඊශ‍්‍රායෙල් මාධ්‍ය වාර්තා කරයි. ලබන මස ඔබාමා ඊශ‍්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවී මේ පිලිබඳව වැඩිදුර සාකච්ඡුා කරනු ඇතැයිද වාර්තාවල දැක්වෙයි. ධවල මන්දිරය සතු හමුදා බලතල යොදාගෙන ඉරානයේ න්‍යෂ්ඨීක අවි වැඩපිලිවෙල වැලැක්විය යුතුයයි ඊශ‍්‍රායලය කීප වරක්ම බලකර සිටියත් ඔබාමා පාලනය එය ප‍්‍රතික්ෂේප කර ඇත. වාර්තාවේ දැක්වෙන අන්දමට නම් දැන් ඇමරිකාව කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වී සිටී. නෙතන්යාහු සමඟ පැවැත්වුනු සාකච්ඡ කීපයකදීම ඉරානය න්‍යෂ්ඨීක අවි නිපදවීම ඔවුන්ට පමණක් නොව...

හලාල් සහතිකය ප‍්‍රමිති ආයතනයට නිකුත් කරන්න බෑ - චම්පික

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය වෙත හලාල් සහතිකය නිකුත් කිරීම පිළිබඳ ව රජයෙන් කිසිදු යෝජනාවක් මෙතෙක් ලැබී නොමැති අතර හලාල් වැනි ආගමික සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව කටයුතු කිරීමට ප‍්‍රමිති ආයතනයට හැකියාවක් නොමැති බව ද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි. හලාල් සහතිකය නිකුත් කිරීම රජය විසින් බාරගන්නේ නම් තමන් ද ඊට එකඟ වන බවට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය විසින් කර ඇති ප‍්‍රකාශය සම්බන්ධව කළ අදහස් පල කරමින් ඔහු මෙම කරුණු සඳහන් කළේ ය. ප‍්‍රමිති ආයතනය තුළින් සිදු කරන්නේ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විද්‍යාත්මක ලෙස රසායනාගාර...

Wednesday, February 27, 2013

හලාල් ගැන BBS මෙසේ කියයි

ලොව කිසිදු රටක රජයක් මගින් මෙම හලාල් සහතික නිකුත් කිරීම නොකරන බැවින් හලාල් සහතික නිකුත් කිරීම රජයට පැවරීම ප්‍රශ්නයට විසදුම නොව බව බොදුබල සේනා සංවිධානය පවසයි. එම සංවිධානයේ ජාතික සංව්ධායක දිලන්ත විතානගේ මහතා සදහන් කරන්නේ ජමියතුල් උලමා සංවිධානය වරින් වර විවිධ පරස්පර විරෝධි ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි. වරෙක මෙම සහතික නිකුත් කිරීම කිසිසේත් නතර නෙකරන බව පැවසු බවත් පසුව මුස්ලිම්වරුන්ට පමණක්මෙම සහතික නිකුත් කරන බව පවසා ඊයේ වනවිට එය රජයට පැවරීමට කථා කරීම මගින් ඔවුන්ගේ ස්ථාවරයන් පිලිබද ප්‍රශ්නයක් මතුවන බවත් දිලන්ත විතානගේ මහතා පෙන්වා දේ. රජය සමග සාකඡාචාවක්...

දළදා බිමේ වසර 148ක් පැරණි ගව ඝාතකාගාරය වසා දැමේ

මහනුවර මහනගර සභා වසර එකසිය හතළිස් අටක ඉතිහාසයේ ඉතිහාසගත තීන්දුවක් ගනිමින් මහනුවර නගරයේ කටුකැලේ පිහිටි ගව, එළු, කුකුල් ඝාතකාගාරය මාර්තු මස 15 වැනි දා සිට වසා දැමීමේ යෝජනාව ඊයේ  දින රැස්වූ මහා සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළේ ය. මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක නෙරංජන් විජයරත්න (එ.ජා.ප) මහතා විසින් 2012/09/25 වැනි දින සභාවට යෝජනා කළ යෝජනාවකට අනුව එය නගර සභා සෞඛ්‍ය කාරක සභාවටත්, මුදල් කාරක සභාවටත්, පශු වෛද්‍ය ඒකකයටත්, යොමු කිරීමෙන් පසු මහනුවර නගරයට ගව ඝාතකාගාරයක් අවශ්‍ය නො වන බවට එම ආයතන විසින් තීරණය කරන ලදී. එම වාර්තා ඊයේ දිනයේ නගර සභාව රැස්වූ...

හලාල් සහතික නිකුත් කිරීම රජයට - උලමා

ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා මෙතෙක් තමන් විසින් නිකුත් කල ‘හලාල්’ සහතිකය නිකුත් කිරීමේ බලය රජය යටතට පැවරීමට සූදානම් වන බව සමස්ථ ලංකා ජමිතුල් උලමා සංවිධානය පවසයි.  ඒ සඳහා වන සැලසුම් ඉදිරියේදී රජයේ බලධාරීන් සමඟ ාසකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ යයිද එම සංවිධානය කියා සිටී. එම සංවිධානයේ සාමාජික මොහොමඞ් ඉර්ෆාන් මවුලවිතුමන් පවසන්නේ හලාල් සහතිකය නිකුත් කිරීමෙන් ඉවත්වීමට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තීරණය කර ඇති බවයි. ඉස්ලාම් ආගමික සංස්කෘතියක් වන හලාල් ආහාර සඳහා ප‍්‍රමිති සහතික නිකුත් කිරීමේ ක‍්‍රියාවලියට පසුගිය කාලය පුරාම විවිධ සංවිධානවලින්...