Pages

Monday, February 18, 2013

හලාල් ගැන දේශහිතෛෂී මතය

මුස්ලිම් ජනතාවට තම විශ්වාසය සහ ආගමික ඉගැන්වීම් අනුව අනුමත කෙරන ආහාර පමණක් අනුභව කිරීමේ නිදහසක් ඇති අතර එයට අන්‍ය ආගමික ජනතාව ගරුකළ යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

හලාල් ගැන දේශහිතෛෂී මතය

මේ වන විට හලාල් ප‍්‍රශ්නය ආශ‍්‍රිතව ජන කණ්ඩායම් දෙකක් අතර නව පන්නයේ විරසකයක් ඇති වීමට ඉඩ කඩ විවර වෙමින් තිබෙන බව රටට රහසක් නොවේ. එවැනි ගැටුමකින් වාසියක් ලැබෙන්නේ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් දියත් කොට ඇති නව ඊළාම් සැළසුමටය. එම සැළසුම අනුව රට අපකීර්තියට පත් කිරිම සහ රටේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම සදහා එවැනි ගැටුම් මහෝපකාරීවේ.

බෞද්ධ සංවිධාන විසින් හලාල් ප‍්‍රශ්නය රටේ අවධානයට ලක් කළත් එහි පිටුපස පවතින හේතු සාධකයට වගකිවයුතු වන්නේ මුස්ලිම් අන්තවාදී ප‍්‍රවණතාවයක් බව අපගේ විශ්වාසයයි. එම අන්තවාදය කිසිසේත්ම වසර සිය ගණනක් තිස්සේ බෞද්ධ ශිෂ්ඨාචාරය සමග අනුගතව සාමකාමීව ජීවත්වූ සහ අදද ජීවත්වන බහුතරයක් මුස්ලිම් ජනතාවගේ අපේක්‍ෂාවක් නොවේ.  තවද එම අන්තවාදය මුස්ලිම් හෝ බෞද්ධ ජනතාවට පමණක් නොව සමස්ථ බෞද්ධ ශිෂ්ඨාචාරයටම එරෙහිව දියත්වන ජාත්‍යන්තර ප‍්‍රවණතාවයක් බව අපගේ විශ්වාසයයි. අද බටහිර අධිරාජ්‍යවාදී රටවල් ලොව පුරා පැතිරෙමින් පවතින මුස්ලිම් අන්තවාදී මෙහෙයුම් තම යුදවාදී මැ`දිහත්විම සාධාරනීය කරණය කිරිම සදහා යොදා ගන්නා බව ලෝකයට රහසක් නොවේ.

කෙසේ වෙතත් මුස්ලිම් ජනතාවට තම විශ්වාසය සහ ආගමික ඉගැන්වීම් අනුව අනුමත කෙරන ආහාර පමණක් අනුභව කිරීමේ නිදහසක් ඇත. එයට අන්‍ය ආගමික ජනතාව ගරුකළ යුතුය. නමුත් එම නිදහස යනු මුස්ලිම් ජනතාව විසින් පුද්ගලිකව තනි තනිව සොයා බලා භුක්තිවිදිය යුත්තක් මිස සමස්ථ සමාජය මත බලෙන් පැටවිය යුතු දෙයක් නොවේ. අද යම් ආගමික සංවිධාන හලාල් ලකුණ මගින් මුස්ලිම් ජනතාවට හොද නරක තෝරා දීමට ගන්නා උත්සාහය තුළ බෞද්ධයා, හින්දු සහ ක‍්‍රිස්තියානි ජනතාව මත එම සංකල්පය බලෙන් පැටවීමක් සිදුවේ. එම තත්වය තුළ මහා සමාගම් විසින් හලාල් ලකුණ යොදා ගනිමින් මුස්ලිම් ජනතාව අතර තම භාණ්ඩ ප‍්‍රචලිත කිරීමේ අයුතු උත්සාහයක්ද ගන්නා බව පෙනේ. විශේෂයෙන්ම පිටරටින් ආනයනය කොට ශ‍්‍රී ලංකාවේදී ඇසුරුම් කරන ආහාරද්‍රව්‍ය වලට හලාල් ලකුණ යොදා ජනතාව රැවටීමටද ඉඩ ලැබී ඇත. ඇත්ත වශයෙන්ම මෑත කාලයක් වනතුරු හලාල් නැමති හදුනා ගැනිම යොදා ගැනුනේ කුඩා පරිමාන මාංශ අළෙවිකරුවන් පමණි. අද හලාල් ලකුණ ඉදිරියට දමමින් මහා පරිමාණ සුපිරි වෙළදසැල් විසින් ඒ කුඩා පරිමාණ මුුස්ලිම් ව්‍යාපාරිකයා නැත්තටම නැතිකොට ඇත.

ආහාරයක යම් ගුණයක් හෝ ලක්‍ෂණයක් පිළිබදව ප‍්‍රමිති සහතිකයක් නිකුත් කිරීමේ නීතිමය බලය ඇත්තේ රජයට පමණි. එවැනි බලයක් ආරෝපණය කර ගනිමින් මුදල් ඉපැයීමට කිසිදු ආගමික සංවිධානයකට ඉඩදීම නීතිවිරෝධී වේ. එම නීතිමය පදනමට බෞද්ධ,හින්දු සහ ක‍්‍රිස්තියානි ආදී සියළු ආගමිකයින්ද යටත්විය යුතුය. යම් අන්තවාදී කණ්ඩායමක් බෞද්ධ සලකුණක් මුල් කරගෙන හලාල් හා සමාන ක‍්‍රියාකාරකමක් ආරම්භ කළ හොත් ඊටද ඉඩ නොදිය යුතුය.ඊට අමතරව යම් කිසි ආගමික සංවිධානයක් දේශියව හෝ විදේශීයව රැස්කරන විදේශීය අරමුදල් ආගමික අන්තවාදය පැතිරවීමට යොදාගන්නවායයි චෝදනා එල්ලවන්නේනම් ඒ පිළිබදව රජය වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය.

ඒ අනුව දැනට පැනනැගී ඇති ගැටුම්කාරී තත්වය රටේ නීතියට අනුව සමනය කිරිමට රජය මැදිහත් නොවුවහොත් එය කිසිදා සමාව දිය නොහැකි වරදක් වනු ඇත. එසේම ෙඓතිහාසිකව ශ‍්‍රී ලංකාවේ පොදු සමාජ – සංස්කෘතික ලකුණ තුළ බෞද්ධ ශිෂ්ඨාචාරය ප‍්‍රභල ලෙස මතුවී පෙනීම කිසිවෙකුට වැලැක්විය නොහැකි යථාර්තයකි. එය බුදු දහමට අසාධාරණ ලෙස සුවිශේෂී තත්වයක් හිමිකරදීමක්් ලෙස සැළකිය නොහැක. ෙඓතිහාසිකව විවිධ විදේශීය බලවේගවල යටත් කිරීමට සහ පීඩනයට වැඩිවශයෙන්ම ගොදුරුවූයේ බෞද්ධ ශිෂ්ඨාචාරගත උරුමයයි. එම උරුමය නැවත නගාසිටුවීම සදහා ඉතිහාසයේද ව්‍යවස්ථාවෙන්ම ප‍්‍රතිපාදන ඇති කිරිම සාධාරනීකරණය වන්නේද ඒ යථාර්තය තුළය. ඒ නිසා කිසිදු සුළු ජාතිකත්වයක් ඒ යථාර්තය ගැටුමකට තුඩුදෙන කාරණයක් ලෙස හෝ අභියෝගයක් ලෙස සැලකීම නිවරදි නොවේ. නමුත් එම යථාර්තය සමාජගත කළයුත්තේ ඉතා ශිෂ්ඨ සම්පන්න සහ සෞම්‍යය ලෙස මිස ප‍්‍රචණ්ඩ ආකාරයෙන් නොවේ.

එසේම හලාල් ප‍්‍රශ්නය මත පැන නැගී ඇති බෞද්ධ ප‍්‍රබෝධය සැබෑ ලෙසටම බෞද්ධ ශිෂ්ඨාචාරයට අනුකූල වන ආර්ථිකයක් ගොඩනැගීම සදහා යොදා ගතයුතු බව අපගේ විශ්වාසයයි. නමුත් එය කිසිසේත්ම අන්‍ය ආගමික සහෝදර ජනතාවගේ සිත් රිදවීම සදහා යොදා ගතයුතු නොවේ. එවැනි බෞද්ධ ආර්ථිකයක් ගොඩනැගීම සදහා වැදගත්වන ප‍්‍රධානතම කරුණක් වන්නේ පිටරට ආනයනික ආහාර වලට ඇබ්බැහිවී ඇති බෞද්ධයා ඉන් ගලවා ගැනීමය. එය රටේ ආර්ථිකයේ සෞඛ්‍යයට මෙන්ම බෞද්ධයාගේ පමණක් නොව සියළු ජනතාවගේ ශරීර සෞඛ්‍යයටද මහත්සේ ප‍්‍රයෝජනවත් වේ. ඒ නිසා හෙට දින බෞද්ධයා වඩාත් කැපවී ඉදිරිපත්විය යුත්තේ හැකිතාක් දේශිය ආහාර සහ දේශීය නිශ්පාදන පරිභෝජනය කරන සංස්කෘතියක් රටේ තහවුරු කිරිමටය.


‘හළාල්’ කුඩා පරිමාණ මුස්ලිම් වෙළෙන්ඳාත් තැත්තටම නැති කරලා
February 18, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90585/


[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_726.html
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/02/blog-post_15.html

රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_17.html

හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4041.html
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
http://denethharinna.blogspot.com/2013/02/blog-post_2922.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! -
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

1 comments:

යෝධයා said...

මේ පිලිබදව ජාතික හෙල උරුමයෙ මාධ්‍ය සාකච්චාව මෙහි ප්‍රචාරය කරන්න. ඒකෙන් කියන කරුනු ගැන, සිංහලයාට කරපු අසාධාරනේ දැක්කාවවත් ඇස් ඇරෙන්නෙ නැත්තං උං සිංහල නෙවී.

http://www.hotandfastnews.com/2013/02/2013-02-14.html