Pages

Friday, February 8, 2013

කුරගල අයිතිය බොදුනුවන්ටයි... තීන්දුයි...

කාලයක් තිස්සේ ඉස්ගාම් ආගමිකයන් සහ බෞද්ධයන් අතර පැවති මතබේදය නිමා කරමින් කූරගල ඓතිහාසික පූජා භූමිය බෞද්ධයන් සඳහා වෙන් කර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන්, සිංහල රාවය ජාතික සංවිධානය, බොදු බල සේනා සංවිධානය සහ ඉස්ලාම් ආගමික සංවිධාන නියෝජිතයන් අතර පැවති සාකච්චාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අක්කර 52ක් වූ බෞද්ධ පූජා භූමිය ලබන වෙසක් මාසයේ පටන් මුළුමනින්ම බෞද්ධ පූජා භූමියක් බවට පත් වන අතර දැනට එහි ඉදිකර ඇති ඉස්ලාම් ආගමික ඉදිකිරීම් සියල්ල ඒ ආසන්නයේම ඇති වෙනත් වෙන් කල භූමියක් වෙත ගෙන යාමට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් එහිදී ඉස්ලාම් සංවිධාන විසින් ඉල්ලා ඇත්තේ පෙබරවාරි 11 වන දින සිට මාර් 31 වන දින දක්වා සිය ආගමික චාරිත‍්‍රයක් පැවැත්වෙන බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන ලෙසයි. ඒ සඳහා විරෝධයක් දක්වා නැති සියලූ නියෝජිතයන් අදාල කටයුත්තෙන් පසු සියලූ ඉදි කිරීම් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත. 

තීන්දුයි… කූරගල බෞද්ධයන්ටයි, ඉස්ලාම් ඉදකිරීම් ඉවත් කෙරේ
February 8, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/89998/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_29.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
]

3 comments:

Athula said...

මා බෞද්ධයෙක් ලෙස ඉතා ආඩම්බර වෙන්වා.මෙයට දයක වුන සැමට බොහොම පින්

රවිදු said...

මේකෙ යටිකූ‍ට්ටු වැඩ කරයිද දන්නෑ පෙබරවාරි 11 ඉදන් මාර්තු 20 ද කොහෙද වෙනකම්. මේ ගැන ඇහැගහගෙන ඉන්න ඕනා. අනික අනවසර පදිංචි කරුවන් පන්නලා දානවා වෙනුවට ඉඩම් දෙනවා. මේක හෙලා දැකිය යුතුයි.

රවිදු said...

http://hirunews.lk/sinhala/53013